අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 323.5 ක් ලබාගත් මොරටුව විශ්ව විද්‍යාලය සමත්විය. තරගාවලියේ අනුශූරතාව ලකුණු 314 ලබාගත් කොළඹ විශ්ව විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය ලකුණු 290.5 ලබාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
ගෘහස්ත සහ එළිමහන් කී‍්‍රඩාංගණ 14 කදී පසුගියදා පැවැති මෙම කී‍්‍රඩා උළෙලට විශ්ව විද්‍යාල 14 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 5200 ක් පමණ සහභාගීවූහ.
සමස්ත ලකුණු සටහන
1 මොරටුව විශ්ව විද්‍යාලය - (ලකුණු 323.5)
2 කොළඹ විශ්ව විද්‍යාලය - (ලකුණු 314)
3 ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - ලකුණු 290.5)
4 පේරාදෙනිය විශ්ව විද්‍යාලය - (ලකුණු 271.5)
5 කැළණිය විශ්ව විද්‍යාලය - (ලකුණු 239.5)
6 රුහුණු විශ්ව විද්‍යාලය - (ලකුණු 183)
7 සඹරගමුව විශ්ව විද්‍යාලය - (ලකුණු 153)
8 වයඹ විශ්ව විද්‍යාලය - (ලකුණු 123.5)
9 රජරට විශ්ව විද්‍යාලය - (ලකුණු 99)
10 යාපනය විශ්ව විද්‍යාලය - (ලකුණු 81)
11 නැගෙනහිර විශ්ව විද්‍යාලය - (ලකුණු 74)
12 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය - (ලකුණු 34.5)
13 සෞන්දාර්ය විශ්ව විද්‍යාලය - (ලකුණු 32)
14 අග්නිදිග විශ්ව විද්‍යාලය - (ලකුණු 26)
(*) (ඡයාරූප : රත්මලාන රේඛා තරංගනී ෆොන්සේකා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ කොල්ලෝ හැමදේටම දක්ෂයි.. (ස)
නමට විතරයි මොරටුව