සිසු මර්දනය වළක්වන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) විරෝධතා පාගමනකින් ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටියදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
කඳුළු ගෑස් කෑ සිසුහු සී සී කඩ විසිර ගියහ.
විරෝධයට එක්ව සිටි සරසවි සිසුන් දෙදෙනකු හා සිසුවියක පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඔවුන් නිදහස් කරන තුරු ලෝටස් පාරේ බිම වාඩිවී සිටින බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.
අන්තරේ විරෝධය පා කොළඹට එයි 14:59
සිරගත කර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) මරදාන තාක්ෂණ විද්‍යාල හන්දියෙන් විරෝධතා පාගමනක් ඇරැඹීය.
සිසුන් දහසක පමණ පිරිසක් පාගමනින් කොළඹ කොටුව දක්වා පැමිණ විරෝධයේ නිරතව සිටිති. අනතුරුව ජනපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනින් යාමට නියමිත අතර ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මග හරස් කර පොලිසිය රැකවල්ලා සිටියි. එම ස්ථානයෙන් ඉදිරියට නොයන ලෙස කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රාළහාමි, මොවුන්ගේ අතක් පයක් කඩලා හය මාසයක් කැම්පස් යන්න බැරිවෙන්න වැඩ සළස්වන්න. මොවුන් නිසා වැඩ ඇරිලා ගෙදර යන අපිට හරිම කරදරයි. මොවුන්ගේ අම්මලා මේවා ගැන දන්නේ නැහැ. පුළුවන් තරම් ෆොටෝ දාන්න (නි)
මට තියෙන ප්‍රශ්නය සරසවි වලට පොදු නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියලයි. දුක් විඳලා විඳලා බාගයක් කරපු උපාධිය තහනම් වෙනවා. සමහරු වහ බොනවා. දෙමව්පියෝ දුක් විඳලා මැරිලා යනවා. මම මේ අදහස් දාන මහත්වරුන්ට කියන්නේ.ඔබේ දරුවටත් මේ දේ වියහැකි බව සිතන්න. (නි)
සත්‍යපාල, මිනිසුන්ට පාරට බැහැල ගමන් බිමන් යන්න බැරිවුණාම ද්වේශය එනවා. මේගොල්ලෝ ඕනෑම කනත්තකට ගිහිල්ලා විරෝධතා දැක්වුවාට අපට කමක් නැත. (නි)
ලංකාවේ සිසුන්ට නොමිලේ දෙන නිසයි විරෝධය. පිටරට වල සිසුන් ටියුෂන් සඳහා මුදල් හොයාගන්න හැටි දන්නවා නම් දුක හිතෙයි (නි)
පුදුම ද්වේශසහගත බවක් සහ ඊර්ෂ්‍යාවක්නේ මේ විශ්ව විද්‍යාල සිසුන් ගැන තියෙන්නේ. මේ තමන්ගේ දරුවෝ, එහෙම නැත්නම් සහෝදරයෝ කියලා හිතන්න බැරි තරමට වෛරයක් තමයි අද සමාජයේ බහුතරයකගේ හිත්වල තියෙන්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය,වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රටේ බුද්ධිමත් පිරිසට නින්දා අපහස කිරීම අවලාද නැඟීම තමන්ගේ කුහකබව හා හිස්බව පෙන්වීමක් බව තේරෙන්නේ නැද්ද? (නි)
නිදහස් අධ්‍යාපනයේ මල් පිපිලා දෝරේ ගලනකොට ඔහොම තමයි.. (නි)
සත්‍යපාල, ඔබගේ අදහසට මම ගරු කරනවා. මගේ දරුවාත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මේ දරුවනුත් මම වගේම දුප්පත් දෙමාපියන්ගේ දරුවන් කියලා අපේ සමහරක්ට තේරුමක් නැහැ. කොහේ තේරුම් ගන්නද රට පාලනය කළ ඒකාධිපතියන් විසින් සමහරක්ගේ මොළ හෝදලානේ තියෙන්නේ. (නි)
මේ වගේ අය ඉන්නකම් රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? මේ අය යන්න හදන්නෙම පස්සටනේ... (ර)
උපාලි, ඔබ හරි (නි)
කරන්නෙම පෙළපාලි යන එක, ඉගෙනගන්න කියලා ගිහින්. ඉතින් රස්සා නැහැ. (නි)
සත්‍යපාල, ඔබ හිතල තියන විදිහට කිසිවෙක් මේ සිසුන් ගැන ද්වේශයකින් හෝ වෛරයකින් මෙතන අදහස් දමලා නැහැ. මේ ළමුන් කරන්නේ වැරද්දක් ලෙස පෙන්වා දීලා තියනවා. ඔබ කියන්නේ නවකවදය දීම සදාචාර සම්පන්න දෙයක් කියලද? එය ශිෂ්ඨ සම්පන්න සමාජය අනුමත කරන දෙයක් කියලද? විභාගය සමත්වී, විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන වෙන සිසුවාගේ මනස විකෘතිකරන පරිසරයක් විශ්ව විද්‍යාලය තුල නිර්මාණය වී තිබීම, රජයක් විසින් මර්ධනය කල යුතු තත්වයක් නොවේද? සමහර සිසුන්ගේ හැසිරීම් දිහා බැලුවාම, ඔවුන් පුනරුත්ථාපනය කල යුතු තත්වයේ සිටිනබව තමයි මට නම් හැඟෙන්නේ. (ර)
පොලිසියට ජයවේවා! (නි)
විශ්ව විද්‍යාලට ගිහින් ඉගෙනගන්නේ නැතුව බදු ගෙවන මිනිසුන්ට රස්සාවකට යන මිනිසුන්ට පාරවල් වහගෙන කරදර කරනවා මදිවට, ඉගෙනගෙන ඉවරවුණාම රස්සාවක් දෙන්න කියලත් කරදර කරනවා. පෙළපාලි වර්ජන කරන අය වසර 10 කට හිරේ යවන නීති ගේන්න ඕනෑ. (නි)
මේ අය ඉල්ලන්නෙ නවක වදය දෙන්න අයිතිය දෙන්න කියලා. පාඨමාලා යාවත්කාලීන නොකර හැමදාම හිගන්නගෙ තුවාලෙ කරගන්න කියලා. විශ්ව විද්‍යාල මුදානොගත් ප්‍රදේශ ලෙස දිගටම තබාගන්න කියලා. මේ ත්‍රස්තවාදයට හැමදාම ඉඩ දෙමුද.? (ර)
සත්‍යපාල, මොවුන්ට පිනට දෙන අධ්‍යාපනය ලබාගන්න පින නැහැ (නි)
සත්‍යපාල, ඔබ ඔය කියන වෛරය සමාජයෙන් මේ ශිෂ්‍යයින් කෙරෙහි එල්ලවී තියෙන්නේ ඇයි කියලා හිතුවද? මේ ඉල්ලන්නේ අපි කරන නීතිවිරෝධී වැඩවලට ඉඩ දීපල්ලා කියන එක නේද? ශිෂ්‍යයින් නීතියට ඉහළින්ද ඉන්නේ? මොවුන් ඔබ කියන තරම් බුද්ධිමත් නම්, ප්‍රජාතන්ත්‍රවාදයට දිවිදෙන්න හදනවා නම්, ඔවුන්ට ඔය ටික තේරුම් ගන්න බැරිද? සත්‍යපාල, ඒකයි සමාජයේ විරෝධය, ඒකයි සමාජයේ වෛරය. (නි)
උසාවි නියෝග වලට පටහෑනිව යන මොවුන් මොන වගේ අයද? (නි)
මේගොල්ලන්වත් දාන්නකෝ ඇතුළට. එතකොටවත් හැදෙයි (නි) (නි)
ප්‍රජාත්‍රාන්තවාදී සිසු උද්ඝෝෂණ වැඩිහිටි අධ්‍යපනයේ මූලික ක්‍රියාකාරකමකි. අනාගතයේදී නිවැරදි දේ වෙනුවෙන් පෙනීසිටීමට උගත් පුරවැසියෙකුට අත්‍යවශ්‍ය පුහුණුවකි. එසේ නොමැති තැන බිහිවන්නේ ජනප්‍රිය රැල්ලට හසුව පොතේ දැනුම පමණක් ලබාගත් උපාධීධාරී වහලුන් බව මොවුන්ට බනින අය මතකතබා ගතයුතුය. අවශ්‍යවන්නේ හැකිතාක් නිත්‍යානුකූලව සහ නිර්මාණශීලීව මෙවැනිදෑ කිරීමට සිසුන් උත්සාහවන්ත වීමය. (නි)
දේශපාලන අතකොළු ටික විශ්ව විද්‍යාල පද්ධතියම කනවා (නි)
අඩුපාඩු නැත්තේ කාගේද? ඉහළ බලධාරීන් කරන සිල්ලර වැඩ නිසා පහළින් සිටින රටේ සාමාන්‍ය උදවිය මෙවැනි උද්ඝෝෂණ මගින් ඒ අඩුපාඩු පෙන්නුම් කිරීමට උත්සාහ දරනවා. මෙයින් ඇතිවන පලවිපාක පොදුවේ මුළු රටටම බලපාන හැඩයි (නි)
වැරදි වැඩ කරලා හිරේ ගියාම, යාලුවෝ ටිකයි, ඥාති පිරිසයි එකතුවෙලා හිරේට නියමවුණ අය නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කළොත් කොහොම තියෙයිද කියලයි මම මේ කල්පනා කළේ. උසාවි ටිකයි පොලිසියයි වහලා දමලා වල්බුරු නිදහස භුක්ති විඳිමින් මේ රට පිස්සු නටන්නන්ගේ පාරාදීසයක් බවට පත්කරන්න කියලා වෙන්න ඇති කට්ටිය මේ පිස්සු නටන්නේ (නි)
තිලක්, රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකාපු ලෝකයේ සිටින දරුණුම කම්බා හොරුන් ගසා කෑවේ ඔය ගණන් වලින් 10% පමණ කියලා ජේ වී පී එක දැන් කියනවා. තිලක්, අර හොයාගත් ලැම්බෝගිනි දැන් කොහෙද තිබෙන්නේ කියලා කියනවද? (නි)
අනේ හැබෑට මේ ළමයින්ට ලැජ්ජා නැති හැටි? (නි)
මෙතන අදස් දමන බොහෝ පිරිස් වැස්සකටවත් කැම්පස් ගිය අය නෙමේ. මමත් කැලණිය කැම්පස් හිටපු කෙනෙක්. මමත් පෙළපාලි ගිය කෙනක්. අද මම ඇමෙරිකාවේ එකව්න්ටන් කෙනෙක් වෙලා වැඩ කරනවා. මේවගේ පෙළපාලි වලින් හොඳ දේවල් තියෙන බව අමතක කරන්න එපා. (ර)
මොකක්ද මේ රටේ නීතිය? අහිංසක මිනිසුන්ගෙ බදු සල්ලි කොල්ලකාපු අය රකින එකද? පොඩ්ඩක් හිතන්න කවුද මේ නීති හැදුවෙ? කාගෙ උවමනාවටද මේ නීති හැදුනෙ? කාට ඕනෑ විදිහටද මේවා ක්‍රියාත්මක වෙන්නෙ? කාට එරෙහිවද මේවා ක්‍රියාත්මක වෙන්නෙ? අද නුඹලාට ගෙවල් වලට යන්න විනාඩි 5 ක් පරක්කුවෙයි. ඒත් හෙට නුඹලගෙ වකුගඩුම විකුණාගෙන ජීවත්වෙන්න වුනු දවසට තේරෙයි මොවුන් මැරීගෙන කිව්වෙ මොනවද කියලා. (නි)
මෙතන එකම වරද මොවුන්ට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබාදීමයි (නි)
රට කන, විශ්ව විද්‍යාල නාස්තිකරන තරුණ පරපුර නොමග යවන මේ අන්තරේට කඳුළු ගෑස් නොවෙයි (ම)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකාපු ලෝකයේ සිටින දරුණුම කම්බා හොරුන් ඉදිරියේ නිවට, නියාලු බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළාට මොකද, අසරණ දුප්පත් උගත් දරුවන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා. ඒ වෙනුවෙන් යහපාලනයට මගේ ප්‍රණාමය! (නි)
උගත්තු කියලා හිතන තුම්පනෙන් ආව මෑට්ටන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ පිනට දෙන දේවත් ගන්න බෑරි කරුමක්කාරයෝ (අ)
මේවා ඉල්ලන් කෑම.දෙමාපියන් තම දරුවන් පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට යවන්නේ අධ්‍යාපනය ලබාදීමට. දරුවන්ගේ යුතුකම ඉගෙනගැනීමයි. එසේ නැතුව කණ්ඩායම්ගතිකතාවය නිසා හෝ පෙලබවිම නිසා තම අධ්‍යාපනයට අදාල නැති ක්‍රියා දාමයන්ට සහභාගීවිය යුතු නැත (අ)
අමානුෂික නවක වදය නවත්වන්න....එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ (අ)
තමන් ඉගෙන ගන්නෙත් නැහැ. අනුන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ . අපේ දුක් මහන්සි වෙලා උපයන බදු සල්ලි වලට තියා මේ උදවියගේ මව්පියන්ටවත් යන කලක් නැහැ. අපොයි මෙහෙමත් කරුමයක් ! (අ)
ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර මහජනතාවට හිසරදයක් විය යුතුද? නුඹලා දවසක රටේ ආර්ථිකයට හවුල් වේවි. එතකොට හිතන්න පැය 8 ක් 9ක් රාජකාරී කරලා ගෙදර යන්න ඉන්න මිනිසුන්ට වෙන කරදරය. මිනිසුන් නුඹලාගේ උද්ඝෝෂණ නිසා තව පැයක්, දෙකක් පාරේ රස්තියාදු කරන එක මොන තරම් සදාචාරාත්මකද? (නි)
ඔබට සතුටුයි ද දැන් (බ)
ඉගෙන ගන්න තියෙන කාලයේ පෙළපාළි ගිහිල්ල, පස්සේ කොහොම හරි උපාධියක් ලබාගෙන මුන්ද අපට සේවය කරන්න එන්නේ, ලිඛිත විභාග විතරක් නැතුව, මේ උපාධි පාඨමාලා සංශෝධනය කරන්න ඕන, අනම් මනම් වලට යන්න බැරිවෙන්න, පිට රටවල විශ්ව විද්‍යාල ගුරුවරු මග පෙන්නනවා විතරයි, වැඩි වැඩ කොටසක් කරන්න තියෙන්නේ, ළමුන්ට, ප්‍රයෝගික වැඩ ඇතිවෙන්න තියෙනවා (බ)
අහවලා උසාවි නියෝගය දිහා බලන විදිහෙන්ම තේරෙනවා මෙයාලා කොච්චර මේ රටේ නීතියට ගරු කරනවද කියලා. (නි)
අපි රාජපක්ෂ රෙජිමය ගෙදර යවපුවාම ශිෂ්‍ය මර්ධනය නවත්වනවා . ශිෂ්‍ය අයිතිවාසිකමි ආරක්ෂා කරනවා. නිදහස් අධ්‍යාපනය රකිනවා. මානව හිමිකමි ආරක්ෂා කරනවා.... කවුද බං මෙහෙම කියලා බලයට ආවෙි.... කාපල්ලා කොල්ලනේ කදුලු ගෑස් ඉල්ලපල්ලා ඔීකුන්ට හෙන. හලපු බෙිගල් වලට (අ)
රජයේ මුදලුත් මහජනයාගේ කාලයත් තමන්ගේ ජීවිතත් විහින් කාබාසිනියා කරන මෙවන් ගොන් රැලකට කාලකන්නි ලෙස ඇමතීම නුසුදුසු නොවේ. (බ)
පුදුම ශිෂ්‍ය ජීවිත තමයි. වෙනත් රටවල ලමයි තමන්ගේ වියදමින් ඉගෙන ගෙන අවුරුදු විසි දෙක වෙන කොට උපාධිය ඉවරයි. මේගොල්ලන්ට බෙඩ් ශීට් එකේ ඉඳලා රටේ මිනිස්සු සපයලා දෙන්නත් ඕන. පිළිවෙලකට ඉගෙනගන්නෙත් නැහැ. (අ)
මේ පෙළපාලිය මොකටද, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික අතවර කිරීමට ඉඩ දෙනු, අපි කරන නීති විරෝධී වැඩ වලට අත නොතබනු කියල නේද? නැතුව අපේ අධ්‍යයන පාඨමාලා කාලීනව රටට ගැලපෙන පරිදි සකස් කරනු වගේ දේකට නෙමෙයි නේ. එහෙනම් ඉතින් ඔහොමවත් නාගන්න එක හොඳයි, මොලේ පෑදෙයිද බලන්න. (අ)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල තමයි මේ (නි)
විශ්ව විද්‍යාලයට ඇතුල්වන සියලුම සිසුන් කිසිම දේශපාලන කටයුතුවල හෝ උද්ඝෝෂණ වල නිරත නොවන බව ලිඛිතව සනාථ කරමින් අත්සන් කළ යුතුය. නොහැකි අය ඉවත්කර ඊළගට සුදුසුකම් තිබෙන අලුත් සිසුන් බදවා ගත යුතුය. (බ)
මුන් මොලේ අමාරුකාර හීනමානයෙන් පෙලෙන පිස්සන් වගයක්. නවකවදය නීතියෙන් තහනම් කළ යුතුයි. නවක වධකයෙක් අහුවුනොත් වහාම විශ්ව විද්‍යාලයෙන් නෙරපිය යුතුයි.වහාම පිස්සන් කොටුවට බාර දිය යුතුයි. (බ)
අර හත්වැනි පින්තුරේ ඉන්න දරුවා දැක්කම ලොකු දුකක් ඇති වෙනවා වගේම මේ දරු දැරියන්ගේ මොළ හෝදලා මේවාට යොමු කරන උදවිය ගැන ලොකු තරහක් ඇතිවෙනවා. (ර)
විශ්ව විද්‍යාල වරම අහිමි වූ අය තමාගේ නොහැකියාව වසාගෙන එහෙත් හිතේ තිබෙන හීනමානය තරමක් හෝ මන්දනය කරගැනීමට උත්සාහ දරන බව පෙනේ. යම් හෙයකින් 71 කැරැල්ලට සමාන දෙයක් සිදුවූවොත් අපේ කට්ටිය උඩ පැන පැන පොලිසියට ඉස්සරටත් වඩා පෙත්සම් ගසමින් මර්දනය තමන්ගේ අතට ගනීවි (නි)
නුවන්, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද? (නි)
සත්‍යපාල මහත්මයාණෙනි, ඔබේ නමෙහි තේරුම සාක්ෂාත් කරමින් ඔබ දක්වන අදහස් වලට විදේශයක සිට මම බුහුමන් කරමි (නි)