සිසු මර්දනය වළක්වන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) විරෝධතා පාගමනකින් ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටියදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.
කඳුළු ගෑස් කෑ සිසුහු සී සී කඩ විසිර ගියහ.
විරෝධයට එක්ව සිටි සරසවි සිසුන් දෙදෙනකු හා සිසුවියක පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද ඔවුන් නිදහස් කරන තුරු ලෝටස් පාරේ බිම වාඩිවී සිටින බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.
අන්තරේ විරෝධය පා කොළඹට එයි 14:59
සිරගත කර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (15) මරදාන තාක්ෂණ විද්‍යාල හන්දියෙන් විරෝධතා පාගමනක් ඇරැඹීය.
සිසුන් දහසක පමණ පිරිසක් පාගමනින් කොළඹ කොටුව දක්වා පැමිණ විරෝධයේ නිරතව සිටිති. අනතුරුව ජනපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනින් යාමට නියමිත අතර ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මග හරස් කර පොලිසිය රැකවල්ලා සිටියි. එම ස්ථානයෙන් ඉදිරියට නොයන ලෙස කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් විරෝධතාකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.














COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.