රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් ප්‍රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කළ විරෝධතාවය විසඳුමකින් තොරව අවසන් වූ බව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියයි.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිවයුතු කිසිදු නිලධරයකු සිය ගැටලුවලට විසඳුම් දීමට ඉදිරිපත් නොවූ නිසා යළි මෙවැනි විරෝධතාවක් සංවිධානය කරන බව ද ඔහු පවසයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදක කොමිසම අසළ දී විරෝධතාවයේ නිරත සිසුන් දෙසට ජල ප්‍රහාරක හත එද්දී ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ අත්වැල් අල්ලාගෙන පාර හරස් කරගෙන පොලිමට සිට ගත්හ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුන්ට එරෙහිව අදහස් දන්වන හා බික්ෂුන් වහන්සේලාට විරුද්ධව අදහස් දැක්වු ඔබ වෙතටයි. සරසවි සිසුන්ගේ මෙම කැපකිරීම් නොමැති නම් ඔබ සියළු දෙනාටත් ඔබලාගේ දරුවන්ටත් අද වන විට නිදහස් අධයාපනය හිමි නොවනු අැත. භික්ෂුන් වහන්දේලා යනු ලංකාෙව් මුරෙද්වතාවන්වේ. (නදී)
අන්තරේ අධ්‍යාපනය කනවා වගේම ජිවත් වෙන්න මාර්ගයක් මේ මාර්ගයෙන් හොයා ගෙන තියෙන්නේ. (නදී)
මේගොල්ලන්ට අම්ම අප්පා ඉන්නවානම් මෙහෙම වෙන්නේ නැහැ. (නදී)
ඔබ ඔබේ වටිනා චන්දයෙන් ඔබේ ශක්තිමත්බව පෙන්වන්න. වැඩි දවසක් නැහැ ළඟදීම මහා ඡන්දයක් එනවා. එදාට මේ අය දෙන බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා කියලා ඔබේ ලඟම නෑයන් හා මිතුරන්ට කියන්න. ඔබ දිනනවා නියතයි. (නදී)
චීවරය දරා ඔය වගේ හැසිරීම හොඳද ? (නදී)
අනාගත පරපුර වෙනුවෙන් ඔබ කරන කැපකිරීම ගැන දෙමාපියන් වන අපි සදා ණය ගැතියි. එහෙත් මේ අනුන් වෙනුවෙන් කරන කැප කිරීම නොදකින කුහක මිනිසුන් තමන්ගේ බඩ වා ගැනීම සදහා ආත්මය උනත් පාවලා දේවි (නදී)
මේවා කවදා ඉවරවෙන අවුල්ද මන්දා. (නදී)
උපාධිය ලබාගත් පසුව තවදුරටත් භික්‍ෂුන් වහන්සේ කෙනෙක් ලෙසම ජීවත්වෙන්නේ කීයෙන් කීදෙනාද? (නි)
පරිපාලනයේ නොහැකියාව තවදුරටත් පෙන්වමින් සිටින බවනම් පැහැදිලියි.(අ)
යහපත් ආකල්ප වලින් තොරව බිහිවෙන උගතුන්ගෙන් රටට, ජාතියට කුමන නම් පලක්ද? (අ)
විශ්ව විද්‍යාලයයේ සිසුන්ගේ ඉල්ලීම් හරියට කෙළවරක් නැති අනන්තයට සමානයි. ඉගෙනගන්න තියන අවුරුදු හතරද, ඉන් අවුරුදු තුනහමාරක් පාරෙ විරෝධතා වලට වැයවෙනවා.අනේ අපේ දුප්පත් දෙමවුපියන්ගේ බලාපොරොත්තු! (නි)
අහිංසා,වික්‍රමගේ අදහස් එකට ගරු කරනවා. අන්තරයත් නොතිබුනා නම් මේ වෙනකොට සමහරු නිදහස් අධ්‍යාපනයත් විකුණගෙන කාලා ගොඩාක් කල්. (නි)
අනාගත දරුවන් වෙනුවෙන් ඉදිරිපත්වන ඔබ සැමට සමස්ත ජනතාවගේම ගෞරවය හිමිවිය යුතුයි. (නි)
ශ්‍රී , චිවරය දරාගෙන අර සංවිධාන වල හාමුදුරුවරු කරන කියන දේවල් දිහා බැලුවම මෙතන වැරද්දක් නැහැ. විශ්ව විද්යාල සිසුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ වරදක් නැහැ ජාතිවාද ඇති නොකර (නදී)
වික්‍රම වෙන ප්‍රවෘත්තියක්වත් කියවලා අදහස් දාලද? හවසට වැඩ ඇරිලා එන මිනිසුන්ගේ මඟ අහුරගෙන කරන මේ වැඩේ හරිද? හදිසි ලෙඩෙක් හිටියා නම්, ලෙඩා මඟ මැරෙනවා. (නි)
මගෙත් ඉන්නවා ඔය වගේ විශ්ව විද්‍යාලයේදි අරගල කළ යාලුවො තුන්දෙනෙක්. එක්කෙනෙක් ව්‍යාපාරියෙක්. අනිත් එක්කෙනා වෛද්‍යවරයෙක්. අනිත් එක්කෙනා ඇමරිකාවෙ (පුරවැසිභාවය ලැබිලා එහේදිම විවාහවෙලා). කලාතුරකින් හමුවුණාම හරි කතා කළහම හරි මම අහනවා කෝ උඔලගේ එ් කාලේ අරගල කියලා? ඇමරිකාවෙ ඉන්න යාලුවා කියන්නෙ පරණ ගොනා විකුණුවා කියලා.බිස්නස් යාලුවා කිවුවෙ ඒ කාලේ කොලුකමට කරපු වැඩ මචං කියලා. වෛද්‍යවරයා නම් බිම බලාගෙන හිනාවෙනවා. (නි)
ඒ වුණාට මේ අන්තරේ ළමයි ටික නැත්නම් අද රට ඉවරයි. එහෙමයි මට නම් හිතෙන්නේ (නි)
මේ උදවිය උගත් වැඩිහිටියන් හැටියට සමාජයට අනුගත වූ විට මොන ආකාරයෙන් හැසිරේවිද යන්න ප්‍රශ්නයක් නිසා තමයි මොවුනට පුද්ගලික අංශයෙන් රැකියා අවස්ථා අඩු වී තිබෙන්නේ. (නි)
පන්තියේ හොඳම සිසුවා, ඉසෙඩ්- ස්කෝර් එක වැඩිම සිසුවා පාරේ. රටේ ආර්ථිකය කඩාවැටිලා. රට ණය උගුලක පැටලිලා. රට ආසියාවේ ආශ්චර්යයට පත්කරලා. අපි මේ යන්නේ කොහේද? සුභ අනාගතයක් උදාවෙන්නේ කොහොමද? (නි)
ලෝකයේ මහජන මුදලින් සිසුන් ඉගෙනගන්නා එකම රට ලංකාවයි. ඒ වගේම ඒ සල්ලි නැතිනාස්ති වෙන එකම රටත් ලංකාවයි (නි)
බුදුසසුනේ ගෞරවය රකින්න ඉන්න අය, චීවරයේ ගෞරවය තැබිය යුතුයි නේද? (නි)
මේ හැසිරෙන විදිය නිවැරදිද? (නි)
උපකුලපති පැය 24ක් සිරකරගෙන සිටි සිසුන්ට දඬුවම් කිරීම වැරදිද? එය ඉවත්කරන්න කියා මේ යන පෙළපාලි වලට උදවු කරනවද? වැරැද්දට දඬුවම් එපාද? (නි)
රජරට අන්තරය විසින් විශ්ව විද්‍යාල බලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීමේ තලෙයිබාන් ක්‍රියාවෙන් පස්සේ ඔවුන් ගැන ආචාර්ය මණ්ඩලය ගත් තීරණය නිවැරදි ක්‍රියාවක් ..සිසුන්ගේ සැම ක්‍රියාවක්ම අනුමත කරමින් රජයට විරුද්ධව දේශපාලන උසිගැන්විමකට සිසුන් යොදා ගන්න විශ්ව විද්යා ල ආචාර්ය වරුන්ගේ යැයි කියා ගන්නා සංගමයට හොද කනේ පාරක් ඔවුන් දීල තියෙනවා..(නදී)
අපරාදේ කට්ටියට කුඩු කාරයෝ ටිකකුත් ඉස්සරහින් ගෙනියන්න තිබුනේ. (නදී)
සමරේ-ගාල්ල, ඔබ හරි. අද මම හිතන්නෙත් ඒකම තමයි. මෙහෙම වටේ යන කොල්ලෝ ඔක්කොම දැනටමත් අපි හිතන දේම හිත හිතා ඔය කරන්නේ අකමැත්තෙන් ගුටියට බයට එකතුවීමක් පමණයි. (නදී)
සමරේ ගාල්ල, ඔබගේ අදහස හරියටම හරි. එ්ක තමයි යථාර්තය (නදී)
චන්ද්‍රා, ඔබ 100% නිවැරදියි (නදී)
ලක්ස 3-4 ක් නැතිව අද ලංකාවේ පාසැලකට ඇතුලත් කරන්න බැහැ. දරුවෙක් ලැබුන දවසේ ඉදල මුදල් එකතු කරන්න වෙලයි තියෙන්නේ. පාසැල් වලත් ඔවැනි එකමුතුවක් තිබුනා නම් එහෙම වෙන්නේ නැහැ. (නදී)
දේශපාලකයන්ටයි, නුගත් මැරයන්ටයි උගත් දරුවන් පේන්නේ කුඩු කාරයන් හැටියට තමයි. (නදී)
විශ්ව විද්‍යාලයට යවන්න ලක්ස 65 ක් තියා තුන් වේල කන්නෙත් බොහොම අමාරුවෙන්. (නදී)
තිලක් ඩුබායි දන්නේ නැද්ද පේරාදෙණියේ සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ අවසන් වසරේ ඉන්න අන්තරේ ලොක්කෙක් කුඩු ප්‍රවාහනය කරලා අහු වුණා කියලා. අහුවුණු වෙලාවේ කියල තියෙන්නේ මම අන්තරේ ලොක්කෙක්. මාව පරික්ෂා කරන්න දෙන්න බැහැ කියලා. විස්තරේ බලන්න සති අන්ත ලංකාදීපේ බලන්න. ඔයා මොනවද ඇත්තටම දන්නේ බබෝ. (නදී)
අන්තරයට හරි දේශපාලන පක්ෂයකට හරි හාමුදුරුවරු අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඉස්සරහට දාල තමන්ව ආරක්ෂා වෙන්න. සිවුරෙ හැංගිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න. තමන් කාගේ හරි දෙයකට කඩේ යනවා කියල මේ අයට තේරෙන්නේ නැහැ. සිවුරට අපහාස වෙන එක තමයි සිදුවන එකම දේ. මේ අයට හානියක් නැහැ. මේ විශ්වවිද්‍යාලවල අනෙකුත් පූජක තුමන්ලත් ඉන්නවා ඒ අය මේවට එන්නේ නැහැ.(නදී)
ගොඩක් වෙලාවට මේ තැන් වල වීරයෝ වගේ හැසිරෙන ගොඩක් අයගෙ යටි අරමුණ සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගන්න. නැත්නම් ඩයස්පෝරාව දෙමල මිනිස්සු විකුනලා හම්බ කරන සල්ලි වලින් ගානක් කඩාගන්න. (නදී)