IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අන්තරේ මැසිවිලි නඟයි

රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් ප්‍රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කළ විරෝධතාවය විසඳුමකින් තොරව අවසන් වූ බව ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියයි.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිවයුතු කිසිදු නිලධරයකු සිය ගැටලුවලට විසඳුම් දීමට ඉදිරිපත් නොවූ නිසා යළි මෙවැනි විරෝධතාවක් සංවිධානය කරන බව ද ඔහු පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදක කොමිසම අසළ දී විරෝධතාවයේ නිරත සිසුන් දෙසට ජල ප්‍රහාරක හත එද්දී ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ අත්වැල් අල්ලාගෙන පාර හරස් කරගෙන පොලිමට සිට ගත්හ.

_DSC0011 _DSC0028 _DSC0051 _DSC0095 _DSC0122 _DSC0128 _DSC0147 _DSC0153 _DSC0165 _DSC0177 _DSC0186 _DSC0204



අදහස් (0)

අන්තරේ මැසිවිලි නඟයි

නිරාන් Thursday, 24 July 2014 05:58 AM

සරසවි සිසුන්ට එරෙහිව අදහස් දන්වන හා බික්ෂුන් වහන්සේලාට විරුද්ධව අදහස් දැක්වු ඔබ වෙතටයි. සරසවි සිසුන්ගේ මෙම කැපකිරීම් නොමැති නම් ඔබ සියළු දෙනාටත් ඔබලාගේ දරුවන්ටත් අද වන විට නිදහස් අධයාපනය හිමි නොවනු අැත. භික්ෂුන් වහන්දේලා යනු ලංකාෙව් මුරෙද්වතාවන්වේ. (නදී)

:       0       0

ඇසළ Thursday, 24 July 2014 06:01 AM

අන්තරේ අධ්‍යාපනය කනවා වගේම ජිවත් වෙන්න මාර්ගයක් මේ මාර්ගයෙන් හොයා ගෙන තියෙන්නේ. (නදී)

:       0       0

ගිහාන් Wednesday, 23 July 2014 01:02 PM

මේගොල්ලන්ට අම්ම අප්පා ඉන්නවානම් මෙහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

අහිංසා Wednesday, 23 July 2014 01:20 PM

ඔබ ඔබේ වටිනා චන්දයෙන් ඔබේ ශක්තිමත්බව පෙන්වන්න. වැඩි දවසක් නැහැ ළඟදීම මහා ඡන්දයක් එනවා. එදාට මේ අය දෙන බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා කියලා ඔබේ ලඟම නෑයන් හා මිතුරන්ට කියන්න. ඔබ දිනනවා නියතයි. (නදී)

:       0       0

ශ්‍රී Wednesday, 23 July 2014 01:23 PM

චීවරය දරා ඔය වගේ හැසිරීම හොඳද ? (නදී)

:       0       0

වික්‍රම Wednesday, 23 July 2014 01:27 PM

අනාගත පරපුර වෙනුවෙන් ඔබ කරන කැපකිරීම ගැන දෙමාපියන් වන අපි සදා ණය ගැතියි. එහෙත් මේ අනුන් වෙනුවෙන් කරන කැප කිරීම නොදකින කුහක මිනිසුන් තමන්ගේ බඩ වා ගැනීම සදහා ආත්මය උනත් පාවලා දේවි (නදී)

:       0       0

සේන Wednesday, 23 July 2014 01:32 PM

මේවා කවදා ඉවරවෙන අවුල්ද මන්දා. (නදී)

:       0       0

නිශාන්ත Thursday, 24 July 2014 07:07 AM

උපාධිය ලබාගත් පසුව තවදුරටත් භික්‍ෂුන් වහන්සේ කෙනෙක් ලෙසම ජීවත්වෙන්නේ කීයෙන් කීදෙනාද? (නි)

:       0       0

නාලක Wednesday, 23 July 2014 02:05 PM

පරිපාලනයේ නොහැකියාව තවදුරටත් පෙන්වමින් සිටින බවනම් පැහැදිලියි.(අ)

:       0       0

කුසුම් Wednesday, 23 July 2014 02:55 PM

යහපත් ආකල්ප වලින් තොරව බිහිවෙන උගතුන්ගෙන් රටට, ජාතියට කුමන නම් පලක්ද? (අ)

:       0       0

මහරුෆ් Wednesday, 23 July 2014 04:05 PM

විශ්ව විද්‍යාලයයේ සිසුන්ගේ ඉල්ලීම් හරියට කෙළවරක් නැති අනන්තයට සමානයි. ඉගෙනගන්න තියන අවුරුදු හතරද, ඉන් අවුරුදු තුනහමාරක් පාරෙ විරෝධතා වලට වැයවෙනවා.අනේ අපේ දුප්පත් දෙමවුපියන්ගේ බලාපොරොත්තු! (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 July 2014 04:11 PM

අහිංසා,වික්‍රමගේ අදහස් එකට ගරු කරනවා. අන්තරයත් නොතිබුනා නම් මේ වෙනකොට සමහරු නිදහස් අධ්‍යාපනයත් විකුණගෙන කාලා ගොඩාක් කල්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 July 2014 04:13 PM

අනාගත දරුවන් වෙනුවෙන් ඉදිරිපත්වන ඔබ සැමට සමස්ත ජනතාවගේම ගෞරවය හිමිවිය යුතුයි. (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 23 July 2014 04:37 PM

ශ්‍රී , චිවරය දරාගෙන අර සංවිධාන වල හාමුදුරුවරු කරන කියන දේවල් දිහා බැලුවම මෙතන වැරද්දක් නැහැ. විශ්ව විද්යාල සිසුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ වරදක් නැහැ ජාතිවාද ඇති නොකර (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 23 July 2014 06:34 PM

වික්‍රම වෙන ප්‍රවෘත්තියක්වත් කියවලා අදහස් දාලද? හවසට වැඩ ඇරිලා එන මිනිසුන්ගේ මඟ අහුරගෙන කරන මේ වැඩේ හරිද? හදිසි ලෙඩෙක් හිටියා නම්, ලෙඩා මඟ මැරෙනවා. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 23 July 2014 08:04 PM

මගෙත් ඉන්නවා ඔය වගේ විශ්ව විද්‍යාලයේදි අරගල කළ යාලුවො තුන්දෙනෙක්. එක්කෙනෙක් ව්‍යාපාරියෙක්. අනිත් එක්කෙනා වෛද්‍යවරයෙක්. අනිත් එක්කෙනා ඇමරිකාවෙ (පුරවැසිභාවය ලැබිලා එහේදිම විවාහවෙලා). කලාතුරකින් හමුවුණාම හරි කතා කළහම හරි මම අහනවා කෝ උඔලගේ එ් කාලේ අරගල කියලා? ඇමරිකාවෙ ඉන්න යාලුවා කියන්නෙ පරණ ගොනා විකුණුවා කියලා.බිස්නස් යාලුවා කිවුවෙ ඒ කාලේ කොලුකමට කරපු වැඩ මචං කියලා. වෛද්‍යවරයා නම් බිම බලාගෙන හිනාවෙනවා. (නි)

:       0       0

අපොන්සු Wednesday, 23 July 2014 08:59 PM

ඒ වුණාට මේ අන්තරේ ළමයි ටික නැත්නම් අද රට ඉවරයි. එහෙමයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

භානු Wednesday, 23 July 2014 09:37 PM

මේ උදවිය උගත් වැඩිහිටියන් හැටියට සමාජයට අනුගත වූ විට මොන ආකාරයෙන් හැසිරේවිද යන්න ප්‍රශ්නයක් නිසා තමයි මොවුනට පුද්ගලික අංශයෙන් රැකියා අවස්ථා අඩු වී තිබෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 23 July 2014 10:16 PM

පන්තියේ හොඳම සිසුවා, ඉසෙඩ්- ස්කෝර් එක වැඩිම සිසුවා පාරේ. රටේ ආර්ථිකය කඩාවැටිලා. රට ණය උගුලක පැටලිලා. රට ආසියාවේ ආශ්චර්යයට පත්කරලා. අපි මේ යන්නේ කොහේද? සුභ අනාගතයක් උදාවෙන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 July 2014 10:44 PM

ලෝකයේ මහජන මුදලින් සිසුන් ඉගෙනගන්නා එකම රට ලංකාවයි. ඒ වගේම ඒ සල්ලි නැතිනාස්ති වෙන එකම රටත් ලංකාවයි (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 23 July 2014 10:56 PM

බුදුසසුනේ ගෞරවය රකින්න ඉන්න අය, චීවරයේ ගෞරවය තැබිය යුතුයි නේද? (නි)

:       0       0

උදය Wednesday, 23 July 2014 11:11 PM

මේ හැසිරෙන විදිය නිවැරදිද? (නි)

:       0       0

සුනිල් Wednesday, 23 July 2014 11:35 PM

උපකුලපති පැය 24ක් සිරකරගෙන සිටි සිසුන්ට දඬුවම් කිරීම වැරදිද? එය ඉවත්කරන්න කියා මේ යන පෙළපාලි වලට උදවු කරනවද? වැරැද්දට දඬුවම් එපාද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 July 2014 01:41 AM

රජරට අන්තරය විසින් විශ්ව විද්‍යාල බලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීමේ තලෙයිබාන් ක්‍රියාවෙන් පස්සේ ඔවුන් ගැන ආචාර්ය මණ්ඩලය ගත් තීරණය නිවැරදි ක්‍රියාවක් ..සිසුන්ගේ සැම ක්‍රියාවක්ම අනුමත කරමින් රජයට විරුද්ධව දේශපාලන උසිගැන්විමකට සිසුන් යොදා ගන්න විශ්ව විද්යා ල ආචාර්ය වරුන්ගේ යැයි කියා ගන්නා සංගමයට හොද කනේ පාරක් ඔවුන් දීල තියෙනවා..(නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 24 July 2014 02:23 AM

අපරාදේ කට්ටියට කුඩු කාරයෝ ටිකකුත් ඉස්සරහින් ගෙනියන්න තිබුනේ. (නදී)

:       0       0

ගිහාන් Thursday, 24 July 2014 02:44 AM

සමරේ-ගාල්ල, ඔබ හරි. අද මම හිතන්නෙත් ඒකම තමයි. මෙහෙම වටේ යන කොල්ලෝ ඔක්කොම දැනටමත් අපි හිතන දේම හිත හිතා ඔය කරන්නේ අකමැත්තෙන් ගුටියට බයට එකතුවීමක් පමණයි. (නදී)

:       0       0

චින්තක Thursday, 24 July 2014 10:26 AM

සමරේ ගාල්ල, ඔබගේ අදහස හරියටම හරි. එ්ක තමයි යථාර්තය (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 03:17 AM

චන්ද්‍රා, ඔබ 100% නිවැරදියි (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 03:21 AM

ලක්ස 3-4 ක් නැතිව අද ලංකාවේ පාසැලකට ඇතුලත් කරන්න බැහැ. දරුවෙක් ලැබුන දවසේ ඉදල මුදල් එකතු කරන්න වෙලයි තියෙන්නේ. පාසැල් වලත් ඔවැනි එකමුතුවක් තිබුනා නම් එහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 03:23 AM

දේශපාලකයන්ටයි, නුගත් මැරයන්ටයි උගත් දරුවන් පේන්නේ කුඩු කාරයන් හැටියට තමයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 03:27 AM

විශ්ව විද්‍යාලයට යවන්න ලක්ස 65 ක් තියා තුන් වේල කන්නෙත් බොහොම අමාරුවෙන්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 July 2014 04:11 AM

තිලක් ඩුබායි දන්නේ නැද්ද පේරාදෙණියේ සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ අවසන් වසරේ ඉන්න අන්තරේ ලොක්කෙක් කුඩු ප්‍රවාහනය කරලා අහු වුණා කියලා. අහුවුණු වෙලාවේ කියල තියෙන්නේ මම අන්තරේ ලොක්කෙක්. මාව පරික්ෂා කරන්න දෙන්න බැහැ කියලා. විස්තරේ බලන්න සති අන්ත ලංකාදීපේ බලන්න. ඔයා මොනවද ඇත්තටම දන්නේ බබෝ. (නදී)

:       0       0

ජිසිරාණි Thursday, 24 July 2014 04:51 AM

අන්තරයට හරි දේශපාලන පක්ෂයකට හරි හාමුදුරුවරු අවශ්‍ය වෙන්නේ මේ විදිහට ඉස්සරහට දාල තමන්ව ආරක්ෂා වෙන්න. සිවුරෙ හැංගිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න. තමන් කාගේ හරි දෙයකට කඩේ යනවා කියල මේ අයට තේරෙන්නේ නැහැ. සිවුරට අපහාස වෙන එක තමයි සිදුවන එකම දේ. මේ අයට හානියක් නැහැ. මේ විශ්වවිද්‍යාලවල අනෙකුත් පූජක තුමන්ලත් ඉන්නවා ඒ අය මේවට එන්නේ නැහැ.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 24 July 2014 05:21 AM

ගොඩක් වෙලාවට මේ තැන් වල වීරයෝ වගේ හැසිරෙන ගොඩක් අයගෙ යටි අරමුණ සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගන්න. නැත්නම් ඩයස්පෝරාව දෙමල මිනිස්සු විකුනලා හම්බ කරන සල්ලි වලින් ගානක් කඩාගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 232 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 119 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 38 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 183 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 1088 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 566 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1343 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site