ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ (2011) දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ විශ්ව රංගන හේරත් ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ කේෂානී හංසිකා ද සම්මාන ලැබුහ.
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.
කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් තරග කළ ඞී. ආර්. හේරත් එහි අවසන් තරගයේදී ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ ඒ. එස්. වික‍්‍රමගේ පරදවා ලකුණු 7-5 ක ජයක් ලැබීය. කිලෝග‍්‍රෑම් 57 ෆෙදර් බර පංතියේ (කාන්තා) අවසන් තරගයේදී ලීනියා ක‍්‍රීඩා සමාජයේ අයි. එච්. රණතුංග ලකුණු 16/7 කින් පරදවා හංසිකා විශිෂ්ට ජයක් ලබා ගත්තාය.
යුද හමුදාවේ එම්. ඞී. ජයරංග දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද, යුද හමුදාවේම ක‍්‍රීඩිකා එච්. එස්. ප‍්‍රියදර්ශනී දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී තේරීපත් වුහ. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලියට වයස 17-34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් සහභාගි වුහ.
2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ විශ්ව - කේෂානී දක්‍ෂතම සම්මාන දිනති