
(යොහාන් භාසුර)
අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන ආණ්ඩු තේරුමක් නැති විහිළුවක් පමණක් බවත් ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය.
රටේ සමස්ත ජනතාව සති ගාණක සිට පාරට බැහැලා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයාට මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තේරුමක් නොමැති බව කී ටිල්වින් සිල්වා මහතා පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමඟියක් හදාගැනීමට නොහැකිව තිබියදී සර්ව පාක්ෂික අන්තර් පාලන ගැන කථා කිරීම හස්‍යය දවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් විහිළුවක්, ඔබේ පක්ෂයත් විහිළුවක්...!
ටිල්වින් සහෝදරයා ඉතා නිවැරදියි. අරගලයේ ඉන්න තරුණ පිරිස් ඉල්ලන්නේ ගෝඨා ඇතුළු රාජපක්ෂවරුන් පාලනයෙන් ඉවත් විය යුතු බවයි. ඔවුන් බලයේ රැඳී සිටිමින් ගෙනඑන කවර ආකාරයේ ආණ්ඩුවකටවත් මේ තරුණයින් අරගල භූමියෙන් ඉවත් කළ නොහැකියි.
අපි දන්නෙ ජනාධිපති ඉවත් වුනොත් අගමැති එම තනතුර ට යනව කියල . මෙයාල පැහැදිලි කළොත් හොඳයි ජනාධිපති අගමැති දෙන්නා ම ඉවත් වෙලා රජය ඉදිරියට ගෙන යන්න ව්‍යවස්ථාවේ ඇති සම්පාදන මොනවද කියල .
මුන්ට දැන් කක්ක ගිහින් ඉන්නෙ. බලය හම්බ උනොත් මොකද කරන්නෙ කියල. කටේ නරි වාදන් විතරයි. මෙලෝ වැඩක් කරල නැහැ රටට.හෙනයක් මිස
Go කියන්නෙ යන්න. Home කියන්නෙ ගෙදර.
මේ කවුරුවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන බවක් පේන්න නෑ. හැමෝටම ඕන කොහොම හරි ආණ්ඩු බලය ගන්න. ඒකයි මහජනතාව මේ හැමෝටම ගෙදර යන්න කියන්නෙ. දැනට රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන්න මේ කිසිම කෙනෙක්ට බෑ. මෙතෙක් ඉදිරිපත් වෙලා තියෙන හොදම ක්‍රමය තමයි අර පවුල සහ හිතවතුන්ගේ වත්කම් රජයට පවරා ගැනීම. නමුත් ඒ දේ ප්‍රායෝගිකව කරන්න අපහසුයි. හේතුව ඔවුන්ගෙ වත්කම් සඟවා තියෙන රටවල් මුදල් විශුද්ධිකරනයට ප්රකටයි. ඒ රටවල් වලින් කිසිම තොරතුරක් ලංකා රජයකට ලබා දෙන්න බැඳිල නෑ. දැන් රටේ මිනිස්සු ලොකු අමාරුවක වැටිල ඉන්නෙ... මේ විදියට ගියොත් 225 1 ට යන්න වෙන්නෙ පෙට්ටි වල තමයි.
එකම ඔලු කරකැවීම විහිළුවක් තමයි..
මෙයාලටත් ඕනෑ බලය ගන්න මිසක් රට හදන්න නෙවෙයි. මේ වෙලාවේ එකතුවෙලා මේක ගොඩදාන්න ඕනි නෑ... තවත් මේක අවුල් කරලා කොහොමහරි බලය ගන්න ඕනෑ..
සහෝ, තමුන් එක්කම විහිළුවක් වෙලා තියෙන්නේ...
රට බාර දෙන්න ඉන්නේ ඔය 225 විතරමද? රටේ අනික් කෝටි දෙකම හරක්ද? මේ 225 නැතිවුණොත් රට විනාශ වෙලා යනවාද?
ඊයේ පෙරේදා තිස්සමහාරාම උද්ඝෝෂණයකට සම්බන්ධ වෙන්න ගිහින් එතැනිනුත් මෙයාලාව එලෙව්වා. ගාලු මුවදොර නාඩගමට හිමිකම් කියන්න ගිහින් එතැනිනුත් ප්‍රතික්ෂේප වෙලා දැන් බයිලා කියනවා. ඕවා වැඩක් නෑ. තමගේ අනන්‍යතාව තියාගෙන වගකීමක් අරගෙන වැඩක් කරලා රටට පෙන්නන්න. එතකොට ජනතාව ඔහෙලාට බලය දෙයි. හැබැයි අර වැව් 1000 හැදුවා වගේ බොරු නම් අපට එපා.
ව්‍යවස්ථාව දන්නේ නැති බබාලා වගේ මෙයා දොඩවන්නේ. ජනාධිපති අස්වුණොත් මේ වෙලාවේ වැඩි ඡන්දයෙන් පත්වෙන්න බැසිල්ට වුණත් පුළුවන්. දෝෂාභියෝගය ගැන 2/3 සම්මත වෙලා අනුමැතිය අරන් 2/3 සම්මත වෙනකොට ටිල්වින්ලා තවත් නාකි මයිනො වෙලා ඉඳීවි...!
කටින් බතල හිටවනවා විතරයි. රටේ අර්බුදයට විසඳුමක් දෙන්න බැරි ජාතියක්...