අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර පත්වී සිටී.
කැලණිය විශ්ව විද්‍යාලයේ දී සෙනසුරාදා(12) පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වාර්ෂික සැසියේ දී සියලූ විශ්ව විද්‍යාලවල එක`ගත්වයෙන් මෙම පත්වීම සිදුව ඇත.
මෙහි හිටපු කැ`දවුම්කරු නජිත් ඉන්දික මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එයින් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් වන නජිත් ඉන්දික වසර දෙකකට ආසන්න කාලයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැ`දවුම්කරු ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලහිරු මහතා සම්බන්ධ කරගනිමින් අපගේ ගැටළු සාකච්ඡා කිරීමට දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන්ද? (නි)
ඉදිරියටම යාමට වාසනා! (නි)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමට එරෙහිවන එක පලක් නැති ක්‍රියාවක්.මම අද පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක්.මම ලංකාවේ විශ්ව විද්‍යාලයකට තේරුනේ නැහැ. අද මේ තත්වයට ආවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනගත් නිසා.පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි .රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ දැක්ම හරියට හරි.එතුමා තේරුම් අරාගන තිබෙනවා මේ රටේ අධ්‍යාපනය ගොඩනඟන්න ඕනෑ විදිය. (නි)
පුලුවන්නම් අපේ ළමයි ටික තව අවුරුදු 10 වත් විභාග ගන්න නොදී තිය ගත්තොත් තමයි ඔබේ වටිනාකම. (බ)
මල්ලී, අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැති නිසා අරගල කර කර ඉන්නද එතකොට වෙන්නේ? පුද්ගලික විශ්ව විද්‍යාල වල ළමයි ටික ඉගෙනගෙන රස්සාවල් ලබාගෙන ඔබගේ අරගල වලට සහයදෙයි. අපේ ළමයි නම් රැකියාවල. (නි)
හොඳින් වැඩකටයුතු කරගෙන යන්න (නි)
ඔබට ජය! (නි)
සුබ ගමනකට සුබ පැතුම්! (නි)
හෙට අනිද්දම ඇස් වාට්ටුව පැත්තට පාගමනක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයිද අපිට? (නි)
ඉන්දික පෙරේරා ගේ අදහසට මම එකඟ නෑ. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ශක්තිමත් කරලා, පාඨමාලා විධිමත් කරලා ඔබ වැනි අයටත් අවස්ථාව ලැබෙනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල කියල පිහිටුවල තියෙන ආයතන බොහොමයක තිබෙන පහසුකම් කොහොමද කියල අපි දන්නවනේ. විශ්ව විද්‍යාලයක් කියන්නේ තවත් ටියුෂන් එකක් නොවිය යුතුයි. (නදී)
මට ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරගන්න එපා (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
මල්ලි හොඳට වැඩ කරන්න. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. කොහොමත් අන්තරේ සිසුන් මම අගයකරනවා (නි)
මේ අය අරගල කරද්දී අපි හොඳ ජොබ් හොයාගෙන. පිස්සු නැතුව ඉස්සෙල්ලා ඉගෙන ගනිල්ලා ඊට පස්සේ පුළුවන් අරගල කරන්න. (නදී)
අන්තරේ නිසා තමයි නිදහස් අධ්‍යාපනය යන්තම් හෝ මේ වෙනතුරුවත් ලංකාවේ රැඳිලා තියෙන්නේ. (නි)
අන්තරයට මමත් කැමතියි. ඔබට සුබ පැතුම්! (නි)
යතුරුපැදි අනතුරකින් මියගිය අන්තරේ සිසුන් දෙදෙනා ගැන දැනට කෙරීගෙන යන පරීක්ෂණ ඉක්මන් කරවන්න. අපි බලාගෙන සිටිනවා (නි)