පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණියෙන් ඇරඹූ විරෝධතා පෙළපාළිය අද පස්වැනි දවස වනවිට කැලණි සිසුන්ද සමග කොළඹ බලා පිටත්වූ බව එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියයි.
ඔහු පැවසූයේ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව සමීපයටද යන බවයි. මෙම පෙළපාළිය සම්බන්ධයෙන්ද පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් තහනම් නියෝගයක් ගෙන ඇති බව දැනගන්නට ඇතැයි අන්තරේ කැඳවුම්කරු පවසයි.
අධිආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තු පාරේ පෙළපාළි හා උද්ඝෝෂණ මීට පෙර උසාවිය විසින් තහනම් කෙරිණි. පසුගියදා පැවැති උද්ඝෝෂණ පෙළපාළියක්ද තහනම් කළ නමුත් සිසුන් හය දෙනකුට රනිල් වික්‍රමසිංහ අගමැති සිය කාර්යාලයේදී හමුවීමටද ඉඩ සලසා දෙනු ලැබීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණය අයුක්තිය හමුවේ තරුණ මදය ඉක්මනින් ඇවිස්සෙනවා. මේ රට භාරගන්න ඉන්න අය තමයි ඔය පන්නරය ලබන්නේ. ලංකාවේ තරුණයෝ විශාල සංඛ්‍යාවක් 1971 සිට අපි වෙනුවෙන් දිවි දී ටයර් සෑ වල දැවී තිබෙනවා. (නි)
අද පත්වන සෑම රජයකට වගේම සරසවියට තේරී නිදහසේ අධ්‍යාපනය ලබා නිසි කාල සීමාවේදී ඉන් ඉවත්වන්න පෙරුම්පුරන අහිංසක සරසවි සිසුන්ටත් අන්තරය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී නොසළකා හැරිය නොහැකි පිළිලයක් බවට පත් වී අවසන්. නිදහස් අධ්‍යාපනය කියන්නේ සේවාවක් මිසක් අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් මේ නිදහස් අධ්‍යාපනය කියන වදනේ අරුත අමු අමුවේ කෙළසමින් ඉතාමත් ආත්මාර්ථකාමි ක්‍රියාපිළිවෙතකින් සරසවියට නොතේරෙන දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් නිර්ලජ්ජිතව උල්ලංගනය කරනවා. (නි)