(ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වශයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය සමාජ මාධ්‍ය ජාලාවල පළ කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඔහු සඳහන් කරන ආකාරයට රජයේ ආයතන කිසිවකුටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවද හෙතෙම කීය.
මේ අනුව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ක්‍රියාවක් නීතියේ කවර වරද ලෙස ද සැලකෙන්නේ...?
තමන්ගේ වෙබ් පිටුව ආරක්ෂා කිඅර ගන්න බැරි රජයක් ඒවායේ IT ය මේවට වග කියන්න ඕන බොහෝ විට මේවට දේශපාලන ය නුසුදුසු අය පත් වෙනවා. නැත්නම් වගකීම් විරහිතව වැඩ කරනවා.සෛබර් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා.පස්ස්පෝර්ට් ID , RMV හැක් කලොත් මොකද වෙන්නේ
අනිවාර්යයෙන්ම මේවා සිදුවිය යුතුය.නැත්තන් මිනිස්සුන්ට ඇත්ත නැත්ත හිතාගන්න බැරිවෙනවා.මෙවැනිදේවල් කරන මිනිසුන් එක්කො දේශපාලන අතකොලු විය යුතුය.නැතිනම් යම් ආබාදයක් සහිත පුද්ගලයන් විය යුතුය.කෙසෙ වෙතත් හෙට ඇප ලැබී එලියට එයි .
මෙවන් කාලකන්නින් එසේ බොරු ප්‍රචාරය කරන්නේ නම් අප කල යුත්තේ සියලුම සත්‍ය තොරතුරු ඡායරුපද සමගම අන්තර්ජාලයේම ප්‍රචාරය කිරීම බව අපගේ අදහසයි..
මෙවැනි දේ කරනා අයට දඬුවම් දිය යුතුයි.ඒත්,මේවා මෙසේ කරනකම් බලානොසිට,මින් ඉදිරියට හෝ එසේ කිරීමට ඇති ඉඩප්රස්ථා වැළකිය යුතුය.සමාජ මාධ්‍යවල මේ දුර්වලතා හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදා එම මාධ්‍යය වැඩදායක අයුරින් ඉදිරිපත් කළ යුතුය.