අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනකු චීනයට පිටුවහල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කෙළේය. එතෙක් ඔවුන් මිරිහාන රැඳැවුම් කඳවුරේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. බිජිං ජාත්‍යාන්තර පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව රාජගිරිය ලේක් ගාර්ඩන්, ලේක් ඩ්‍රයිව්හි නිවසක සිටිය දී ඉකුත් 23 වැනි දින අත්අඩංගුවට ගත් මේ පිරිස් අතර චීන ගැහැණු හය දෙනෙක් ද වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් කමක් නෑ.දැන් ලංකාවේ වගේම චීනයෙත් නම තියපියවු බොලන්