අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මණ්ඩලය සංවිධානය කරන පා ගමන අද (03) දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
ගමනාන්තය කොළඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විය. නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීම මෙහි අරමුණයි.
හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි මෙම පාගමනට සියලු විශ්ව විද්‍යාලයන් නියෝජනය වන පරිදි සිසුහු 5000 කට අධික පිරිසක් එක්ව සිටියහ.
ආණ්ඩුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්ධනයේ උපරිම අවස්ථාවට ලගෙ වෙමින් පවතින බවත් මේ වන විට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුලු සිසුහු 190 දෙනකුගේ පන්ති තහනම් කැර ඇති බවත් ශිෂ්‍ය භාවය නැවත ලබා දී තහනම ඉවත් කරන ලෙසත් ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද අධ්‍යාපනයට ගරු කරන්නේ නැහැ.(නදී)
ජේ.වී.පී එක තියනකම් උසස් අධ්‍යාපනේ ගොඩ ගැනීම බොරු. කවද හරි දෙමුපියෝ එකතුවෙලා මුන්ට ගහල එලවපු දාට තමයි අධ්‍යාපනේ ගොඩ ගන්න පුළුවන් මොන ආණ්ඩුව තිබුනත්. කහපාට මහත්තුරු ටික නම් උපාදිය ගත්ත ගමන් කලිසමක් ගහල පන්සලට ආයුබෝවන් කියයි. අපේ උපාසක අම්මල දොහොත් මුදුන් තිය වදින්නේ මේ මහතුරුන්ට තමයි කවදාවත් නොදකින නිවනක් දකින්න බලාගෙන.(නදී)
ගයෝමි, අධ්‍යාපනයට ගරු කරන්න අධ්‍යාපනයක් තියෙන්න ඕනිනේ ......... (ත)
රට හදන්න කලින් ජේ.වී.පී පෝස්ටර්ස් විසිකරලා. ඉගෙනගෙන තැනකට වරෙල්ලැ. මේවගේ වැඩවලින් ලැබෙන කිසිම දෙයක් නැහැ. ජේ.වී.පී උන් ජොබ් දෙන්නෙත් නැහැ.(නදී)
මේ අපේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරියට එන අපේ හාමුදුරුවරු. මේ හාමුදුරුවරු දැකීමෙන් නම් හිතට සතුටක් දැනෙන්නේ.(නදී)
අන්තරේ නැතිනම් මුන් මෙලහකටත් අධ්‍යාපනය විකුනන් කාලා ඉවරයි. ඒක මොලේ කළදක් තියෙන ඕනෙම මැට්ටෙකුට වුනත් තේරෙනවා.(නදී)
අධ්‍යාපන ඇමතිකම් දෙන්න ඕනේ ඒ සදහා සුදුසු කම් තියෙන අයට. දැන් නම් මේ රටේ අධ්‍යාපනය විනාහ කරලා ඉවරයි. ඒ කොන්ත්‍රාත්තුව නම් හරියට කෙරීගෙන යනවා.(නදී)
පාරවල් අවහිර කරලා උද්ගොශනය කරන එක දැන් අලුත් විලාසිතාවක් වෙලා .මේගොල්ල කරන්නේ බොරු .මේ සටන් පාටයට අවුරුදු 20 විතර පරණ එකක් .මේ කාලය තුල උගතුන්, බුද්ධිමතුන් බිහි උනේ නැද්ද.මේ උද්ගොශනය කරන ඔක්කම විශ්වවිද්‍යාලවලින් අයින් කරන්න ඕන.එතකොට තමයි. නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබෙන්නේ .මේ අය කීප දෙනෙක් පමණි . මුන් උන්ගේ අධ්‍යාපන කාලයත් විනාස කරගෙන අනිත් ශිෂ්‍යන්ගේත් කාලය කාල ඒ මදිවට පාරේ යන අපෙත් කාලය කනවා.(අ)
අන්තරේ ජේ වී පී නෙවෙයි අර පෙරටුගාමී ද මොකක්ද එකෙන් තමයි දැන් කොන්ට්‍රෝල් වෙන්නේ. අපරාදේ ජේ වී පී එකට බනින්නේ.(අ)
අනේ! කවදා හෝ ලංකාවට නිදහස් අධ්‍යාපනය ලැබේවා! (නි)
හරි අපි කියමුකෝ මේ ළමයි කඩේ යනවා කියලා කාටහරි. නමුත් හිතපල්ලා මුන් ඉල්ලන්නේ වැරදි දෙයක්ද කියලා. එදා ඉදන් මේ මිනිස්සු මේවට කෑ ගැහුවේ නැත්තම් නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල්. රටේ තියන ඔක්කොම විකුනුවාම හරිද? තව ටික කාලයකින් නිදහස් සෞඛ්‍යත් විකුණයි. මෝඩ මිනිසුන් සිටින රටක බුද්දිමතුන් සුළුතරයට තැනක් නැත. දුකයි රට ගැන. දුප්පතුන් ගැන.(නදී)
ටියුෂන් ක්ලාස් නිසා ඇති අය විතරයි කැම්පස් යන්නේ. දුප්පත් කෙනකුට රට ගිහිල්ලා හරි කීයක්හරි හොයාගන දැනුමක් ගන්න ආයතනයක් හදන්න මේ ඉරිසියාකාර මිනිස්සු වළක්වනවා. එහෙම නම් අවම ලෙස ඇත්ත දුප්පතාට ආදරය නම් ටියුෂන් වලට විරුද්ධවත් පෙළපාලි යන්න ඕනෑ. (නි)
ඉස්සර අන්තරේ හිටපු එකෙක් ඇමති වෙලා අන්තරේ ටම කෙලිනවා .(අ)
මේ අය සල්ලි දීලා ඉගෙන ගත්තා නම් ,මෙහෙම කරාවිද? (නි)
තිලක් ඩුබායි වලට වෙලා හීන දකින්න..මෙහෙටනම් එන්න එපා.ඩුබායි වලට ලංකාවෙන් මීහරක් යවනවා කියල දෙන ගත්තේ අද..(අ).
විශ්ව විද්‍යාල ළමයින්ට දේවේශ සහගත ලෙස මෙහි අදහස් ප්‍රකාශ කර ඇති අය අපොස සා .පෙ වත් සමත් අය නොවන බව පැහැදිලිය.(නදී)
නිදහස් අධ්‍යාපනයට ජය වේවා! ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා! (නි)
දරුවන්ට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුයි (අ)
ඇත්තටම මට නං මේ එක මූනකවත් උගත් බවක් පේන්නෙ නෑ. අර බෝක්කු උඩ කාලය කන අයගේ රූපම තමා. (ස)
ඉෂාර, පොලවේ පය ගහලා ජීවත් වෙන්න. මේ දරුවන් දුෂ්කර පාසල් වලින් ඉගෙනගෙන ඉහලින්ම සමත් වෙලා තමා විශ්ව විද්‍යාල වලට එන්නේ.මහජන මුදලින් සැප විදලා සැප කාර් වලින්,සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු දරුවන් නෙමෙයි. (නි)
පෙරේරා,ඔහේලා වගේ අයට ලක්ස 65 ක් තියෙනවද පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවලා උගන්වන්න. ඉන්දියන් අය කෝටි දෙකක් වියදම් කරනවා උසස් අධ්‍යාපනය ගන්න. (නි)
මේ අවරුදු 5 තුල අධ්‍යාපනය බල්ලටම ගියා. ඉස්සර අපි දරුවන් 1 පන්තියට ඇතුලත් කලේ නොමිලේ. දැන් ලක්ස 2 කක් ඇමතියට දීල තමයි නම ඇතුලත් කර ගන්න සිද්ද වෙලා තියෙන්නේ. ඉන් පස්සේ මොන තරම් මුදල් කන්දරාවක් වියදම් කරන්න වෙලා තියෙනවද. දුප්පත් පාසල් දාස් ගානක් වහල දාල තියෙනවා.(නදී)
"කෝටි ගනන් බිහිවේවා! මගෙ පුතු මෙන් තව පුතුන්. කිරි මව් ලෙස ලග ඉන්නම් එවන් පුතුන් ලග. උතුම් අධ්‍යාපණයේ වටිනාකම නොදන්නා හා අද එයට වෙමින් පවතින හානිය නොදන්නා මෙහි අදහස් දක්වා ඇති අයගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ හෙට දවස ගැන කනගාටු වෙමි. ඒ වගේම මේ ජායාරූප වල ඉන්න කිසිවෙක් කරන්නේ උන්ගේ බඩවියත ගැන හිතා කරන අරගලයක් නොවෙයි. රටේ දරුවන්ගේ හෙට ගැන හිතා කරන අරගලයක්. අපේ රටේ ව්ශ්ව ව්ද්‍යාල රටේ අධ්‍යාපණයට ලබා දි ඇති ජයග්‍රහන කොතෙක්ද කියා නොදන්නා තාක් මේ වාගෙ වටිනාකම් බාහිර ඉන්න අයට තේරෙන්නෙ නැහැ.(නදී)
විශ්වා විද්‍යාල ටිකත් විකුනපු දවසට තේරීවි මෙතන ප්‍රතිචාර දාල තියෙන පෙරේරා වගේ අයට. ලක්ෂ 65 තියාගෙන ඉදපල්ලා අත දරුවෙකුට උසස් අධ්‍යාපනය දෙන්න ඕනා කියලා හිතනවානම්.(නදී)
සමහර අය දාන ප්‍රතිචාර දැක්කහම මට හිතෙන්නේ ලංකාවේ අධ්‍යාපනයක් තිබ්බෙම නැද්ද කියලා. හරිම කුහක කොමෙන්ට් දාන්නේ. මේ මිනිස්සු යමක් පෙන්නන්ඩ ඇගිල්ල දිගු කරාම ඇගිල්ල දිහා බලලා තේරුන් ගන්න සෙට් එකක්. මේ රටේ පාලකයින්ට හරි පහසුයි මේ වගේ අය පාලනය කරන්න.(නදී)
අයෝමි, ගරු කරන්න එකේ වටිනාකමක් දැනගෙන ඉන්න ඕනේ නේද..? (ස)
චන්ද්‍රා ඔබගේ නායකයින් එදා ළමයින්ගේ ඔලු කටු හිල් වෙන්න පරාල ඇන ගහපු නිසා තමයි හැමදාම විපක්ෂයට වෙලා ඉන්න උනේ
මේ ඔක්කොම බොරු වැඩ , මුන් බොරු කලර් පෙන්නන්න හදන්නේ. මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. රනිල් හිටියානම් පෙන්නයි වැඩ. අපිට මතක තියෙනවා 82 පන්න පන්න ගහපු හැටි විජේරාමේදී.(නදී)
190 නෙවේ ජේ.ආර් හිටියානම් ඔය ඔක්කෝටම ගෙදර තමයි යන්න වෙන්නේ. (නදී)