මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට බාර දීමට පොලිසිය නුගේගොඩ දී උත්සාහ කළ ද සිසුහු එය ගණනකට නොගත්හ.
පාගමන කොළඹ දෙසට ගමන් කරයි.
ප.ව. 16.10
අන්තරේ සිසු පිරිස උසාවි නියෝගය නොතකා මේ වන විට තුම්මුල්ල හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දිස්ත්‍රික්කයකම පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕනේ (බ)
මෙතන දේශපාලන පක්ෂයක සම්බන්ධයක් මිසක් සිසුන්ගේ උද්ඝෝෂණයක් බව පෙනෙන්නේ නැහැ. අධිකරණ නියෝගයක් නොතකන්න තරම් හයියක් විශ්ව විද්‍යාල සිසුන්ට තියෙන්නේ කෙසේද ? මෙවැනි සිසුන්ගේ ශිෂ්‍ය බාවය අහෝසි කළ යුතුයි. අද මෙම උද්ඝා්ෂණය නිසා අපහසු තාවයට පත් වුයේ අහිංසක වැඩකරන ජනතාවයි. (බ)
සුජීව , අඩු පාඩු කොහෙද නැත්තේ ? එහෙම කියල රටේ වැඩකරන ජනතාවගේ කාලය මුදල් ඉන්ධන නාස්ති කළාම ඒවා ලැබෙනවද ? කදුළු ගෑස්, වතුර ඔවැනි දේවල් වලටත් තියෙන මුදල්ම තමා වියදම් කරන්නේ ..(බ)
අධ්‍යාපනය සම්බන්ධ ගැටලු සදහා ආණ්ඩුව සෘජුව මැදිහත් විය යුතුයි. (බ)
අද ඉතින් ගෙදර ගිහින් ඉවරයි බස් එකක. (ර)
එහෙනම් අදත් ඉල්ලන් කයි වගේ... (ර)
අදත් ජල ප්‍රහරයකට ලක්නොවේවා.! (ර)
සම්පත් පතිරණ,සුජීව.ඔබ දේපල කියන සත්‍ය තේරුම් ගන්න බැරි තරමට රටේ සමහරක් ගේ මොළ හෝදලා තියෙන්නේ.රුපියල් ලක්ෂ 65 ගානේ උසස් පෙළ අසමත් ළමයින්ගෙන් ගරලා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න හොදම මහාචර්යා වරු ටික මුදලට බිලි බා ගත්තම මොකද වෙන්නේ කියලවත් හිතන්න බැරි අය රටේ ඉන්නවනේ අම්මපා.(රේ)
එපා කියද්දි එන්නේ ඉතින් මිනිස්සුන්ට ආදරේට නම් නෙමෙයි... මේ කට්ටිය පිලිසියට නොකියා කියන්නේ "අනේ අපිට ගහන්න කියලා"... ඒක තමයි මේ අයට ඕන. නැතුව මේ ප්‍රශ්නයට නියම උත්තරේ හොයනවා නෙමෙයි. (ර)
ලංකාවේ ප්‍රධාන ආධායම් මාර්ගය විදේශ විනිමයලු. අපි නොකා නොබී දුක් විඳලා එවන\n සල්ලි වලින් ඉගෙන ගන්නැතුව මුන් පිස්සු නටනවා(රේ)
පෙළ පාලිය මග යද්දී ඇයි මෙහෙම කරන්නේ.? (ර)
ශ්‍රී ලංකාවේ හැම සංවර්ධන කටයුත්තකටම බාධා කරන්නා වූ මොවුන්ට යම් දඩුවමක් දුන්නාට මහජනයා කෝප නොවේ, මොකද මෙවැනි දේවල් වලින් මොවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට රජයට යම් බල පෑමක් කළ හැකි බව පෙන්වීමටයි. ඇත්තටම එයින් සිදුවන්නේ අසරණ මහ ජනයා පීඩාවට පත්වීමයි. (ර)
මේ රටේ මිනිස්සු තමන්ට වෙන අසාධාරණය විතරයි අසාධාරණේ හැටියට දකින්නේ.රාජ්‍ය විශ්ව විද්‍යාල වල අඩුපාඩු හදන්නේ නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාහම රාජ්‍ය විශ්ව විද්‍යාල වල ගුරුවරු ඒවාට යනවා.හරියට පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙනවා වගේ. (ම)
ඉගෙන ගැනීමේ අයිතිය තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල අයට විතරද.? අනිත් අයට සල්ලි දීල ඉගෙනගන්ඩ එපා කියලාද කියන්නේ (ම)
අදිකරණයට ගරු නොකරන අයට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (ම)
මේ පෙළපාලි වලට බලෙන්ම වගේ සම්බන්ද කර ගන්නේ නවක සිසුන්. ඔහුන් බොහාමයක් කිසිම අරමුණක් නොමැතිව මේවට සම්බන්ද වේ. දේශපාලන අතකොලු වූ ඉතා සුළු නවක පිරිසක් මෙවෙනි කටයුතු මෙහයවයි. (ර)
අව්රුද්දෙන් භාගයකට වඩා මහා පාරේ කාලය ගත කරන අය කවද හෝ වෛද්‍යවරු උන දාට මොවුන්ගේ ප්‍රමිතිය ගැන කුමන කතාද? (ර)
මේ වගේ කාලකන්නි පිරිසට ගහන්න බැරි පොලිසිය වැඩක් නෑ (බ)
මෙයාල ඉගෙන ගන්න කලේ, අනුන්ගේ දුක, පීඩාව, අමාරුකම්, නැති බැරි කම් වෙනුවෙන් සැහෙන්න පාරවල් ගානේ ගුටි කාගෙන වර්ජන කරනවා. මෙයාල දොස්තරල වුණාම චැනල් කරන්න අයකරන ගාන ගැන කිසිම දුකක්, හිරිකිතයක් නැ. (අ)
අනේ එහෙනම් තව ටිකකින් ජල ක්‍රීඩා තරගයක් දැක ගන්න පුළුවන්. නාන එකේ ඉවරෙකුත් නැහැ නාවන එකේ ඉවරයකුත් නැහැ. (අ)
පාලකයන්ගේ අවදානය තවම යොමුවී නැති එක තමා පුදුමේ (අ)
මේ පාරවල් ගානේ කෑ ගහාහ ගියාට දොස්තරලා වුණාම දවසට පැය කීයද රජයේ රෝහලේ ඉන්නේ . මම දන්නා සමහර දොස්තරලා ඉන්නවා දවල් කෑම පැයටත් පුද්ගලික රෝහල්වල ගාස්තු රුපියල් 2000 ට වැඩියි . මෙයාල කැමති නැහැ රටේ දොස්තරලා වැඩි වෙනවට . මම කියන්නේ නැහැ එහෙමයි කියල අඩු සුදුසුකම් වලට මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න එක හරි කියල (අ)
මෙයාල යවන්න ඕනා වියලි කලාපයේ ගොවි මහත්වරුන්ගේ කුඹුරු කොටන්න, එතකොට රටට වැඩක් වෙනවා. (බ)
රටක ඕනේ ම පුද්ගලයකු රටේ නීතියට ගරු කරන්න ඕනේ නැත්තනම් සත්තු වගේ වෙනවා (ම)
පෙරටුගමීන්ගේ දේශපාලනයක් මිසක ඕක සිසු අයිති උද්ඝෝෂණයක් නෙමෙයි (ම)
රජයේ විශ්ව විද්‍යාලවල අඩුපාඩු තියෙද්දී , ඒවාට විසදුම් ලබා නොදී පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීම වරදක් නෙමෙයිද? මෙහෙම ගියොත් ගමේ දුප්පත් ළමයෙකුට කැම්පස් කියල යන්න වෙන්නේ නිකම්ම නිකන් ගොඩනැගිල්ලකට විතරයි (බ)
සුජීව, පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙන එක නවත්තන්න තියන හොදම දිගුකාලින විසදුම තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (බ)
මේ රටේ අධ්‍යාපන අයිතිය හැමෝටම තිබෙනවා. මේඋන්දලා විතරක් එකේ ප්‍රාණ භුක්ති කාරයන් හැටියට සලකන්නේ කොහොමද ? එකත් එකටම මේ අර පිට පළාත් වලින් අඩු ලකුණු අරන් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න දොස්තරලා වෙන්න යන උදවිය ද කොහෙද ! (බ)
77 රජය කාලෙත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කට්ටිය මරා ගත්ත ,ජේ ආර් එ්ක ලස්සනට විසඳුවා. ඒවගේ තව තව මේක දුර දිග යන්න නොදී විසදන්න බලධාරීන් පියවර ගත යුතුයි . මහා ලේ වැගිරීමකට පාර කපන්න එපා.(බ)
ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කවුරුන්ට වුවත් අතපය කැඩෙන්න පහරදිය යුතුයි. (බ)
ගහපියව් ඕකුන්ට (බ)
පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්වන්න කලින් පෞද්ගලික බෙහෙත් ශාලා ටියුෂන් පන්ති නවත්වන්න කියලා මේ අය උද්ඝෝෂණය කරන්නේ නැත්තේ ඇයි ? (බ)
මේ පෙළපාළි පිටුපස්සේ ඉන්නේ ජවිපෙ (බ)
ස්පාටකස් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. ලෙනින් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් පාලකයන්ගේ නීති ගණන් ගන්නෙ නෑ. (බ)
සුජීව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අඩුපාඩු තියන එක අැත්ත. ඒවා හදන්න භාණ්ඩාගාරය පිරිල තියෙන්න ඕනි. ඒකට බදු ඕනි. ඔයා හිතන් ඉන්නෙ ඉල්ලන ඉල්ලන දේ දෙන්න තරම් ලංකාව සුපිරි රටක් කියලද? (බ)