රාජගිරිය සරණ පාරේදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට අයත් බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට යැවු සීසීටීවී දර්ශන වල ඇමැතිවරයාගේ හෝ ඔහුගේ හැඩරුව ඇති අයකු හෝ වෙනත් විද්‍යාත්මක පදනමකින් තහවුරු කළ හැකි සාක්කි නොමැති බව වාර්තාවේ සඳහන් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ අතර පොලිසිය රෝහල් ගත කර සිටින සන්දීප සම්පත් ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.
ඇමැතිවරයා විමර්ශනයේ සැකකරුවකු කිරිමට තරම් සාක්කි නොමැති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
දැනට විමර්ශනයට අදාල රථය පැදවු බව කියන තුසිත දිලුම් කුමාර සැකකරුවකු ලෙස නම් කර ඇත.
නඩු විභාගය ජුලි 29 වැනි දා දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියමුකො මේ ඇමති සම්බන්ධ කිසිම විද්‍යාත්මක හෝ කිසිදු සාක්ෂියක් නැහැ කියලා. එතකොට මේ හැපුනේ තමන්ගෙ අමාත්‍යංශයට අයත් වාහනයක. එතකොට මේ වෙනතෙක් මේ ඇමති හරි ඔහුගේ අමාත්‍යංය මඟින් හෝ ඔහුගෙ පක්ෂය මඟින් මේ හැපුනු තැනැත්තා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය මොකක්ද. (නි)
එතුමන් නිවැරදියි. ඇතැම් අය වැරදි විදිහට ප්‍රහාර එල්ල කළා එතුමාගේ චරිතය ඝාතනය කරන්න (නි)
බලන්නත් කලින් අපි ඕක දන්නවා.(ම)
සිසිටිවි පටි ටික ගම්මන්පිල මහත්තයාට දුන්නා නම් කිරිගහට ඇන්නා වගේ සියලුම රූප ගැන විස්තරයක් කියවී, (ම)
විද්‍යාත්මක සාක්ෂියට වඩා හර්ද සාක්ෂිය වැදගත්.(ම)
හරි සතුටුයි. බඩුත් සමඟ නඩුත් කාගේද දැන්? (නි)
ඇති යන්තම්. සත්‍යය කවදාහරි දිනනවා කියන්නේ ඒකයි (නි)
එතුමා බොහොම සාධාරණ කෙනෙක් කියලා අපි නම් දන්නවා (නි)
යහාපාලනය අපි සිතූ තරම් නරකම නැහැ. (නි)
අපි නම් දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා (නි)
ඉස්සරහට ඔය කියන අනතුරට ලක්වූ පුද්ගලයාත් හිටියා කියලා සාක්කි නැහැ කියයිද මන්දා? (නි)
ඕක අපි දැනගෙන හිටියා. යහපාලන නීතිය මොකද්ද කියලා අපිට නම් හොඳට පැහැදිලියි. (නි)
ඕක ඔහොම තමා වෙන්නේ කියලා අපි නම් දන්නවා. කෝ දැන් අර යාලුවෝ ටික? (නි)
ඕවා මොනවද. කෑම නොකා හිටියහම කටෙන් අරක්කු ගඳ එන රටක් මේක. එහෙව් රටේ සාක්ෂි තිබුනොත් තමයි පුදුමේ. (නි)
එතකොට සිල් බිදගෙන තියෙන්නෙත් වෙන කවුරුවත් ද? බලාගෙන යනකොට මේ ඇමති තුමාගේ දරුවන්ටවත් එයාව අදුනගන්න බේරී වෙයි වගේ... (අ)
ඔය ටික තමා අපිත් කිව්වේ කලින් (අ)
එතකොට එ්කේ ඉන්න කෙනා දැන් අත්අඩංගුවේ ඉන්න කෙනා කියල පෙනෙනවද? දෙන්නකෝ එ්කට උත්තර. අනිත් එක පොලිසිය ඇසින් දුටු සාක්ෂි දැන් ගණන් ගන්නේ නැද්ද? ඒක දැනගන්න කැමතියි. අපරාධයක් වුනාම පොලිසිය අහන්නේ මේක දැක්ක කෙනෙක් ඉන්නවද කියලනේ. මීට පස්සේ එහෙම අහන එකක් නැහැ නේද? අනේ සාදු. (බ)
හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ.(අ)