සෞදි අරාබියේ දමාම් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට දින ගනණක් රැදී සිටිමින් පිටවීමේ විසා බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයින් හට අඟහරුවාදා ද දමාම් අවට ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආහාර හා පානීය ජලය ලබා දුන්හ.
මෙම පිරිස අතුරින් 300 කට අධික පිරිසක් ශ්‍රී ලාංකිකයින් වන අතර මොවුන් සියලු දෙනා ජෙඩාපිහිටි කොන්සියුලර් කාර්යාලය මගින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන ලද අය වන අතර දමාම් වෙත මොවුන් පැමිණ ඇත්තේ නැගෙනහිර කළාපවලට අයත් ආයතන හා හාම්පුතුන්ගේ ගෙන්වීම මත යැයි බලධාරීන් ප්‍රකාශ කැර සිටී.
ශ්‍රී ලාංකික කුඩා දරුවන් දෙදෙනකු විසින් ආහාර හා පානීය ජලය පරිත්‍යාග කිරීම මෙහිදී විශේෂත්වයක් විය.
කෙසේ වුවද මෙම පිරිසගෙන් ලියකිවිලි සම්පුර්ණ කැර ශ්‍රී ලංකාවට යැවිමට තවත් දින ගණනාවක් ගත වීමට ඉඩ ඇතැයිද සෞදි ආරංච් මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඇවිල්ලා මොකක්ද කරන්නේ? (නි)
අපේ රජය මේවට වගකීම බාරගන්න ඕනෑ. (නි)
එහෙම කියලා බැහැ ඉක්මන් කරන්න කරුණා කරලා