IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අන්ජනාගේ හිත නිවේදන කටයුතුවලටමයි

20160404Anjani1හිරු ටී.වී. නාළිකාවේ විකාශය වූ 'හිරු තනිවෙලා' ටෙලි නාට්‍යයේ 'අංජූ' ලෙස ඔබ හමුවට ආ අන්ජනා එදිරිමාන්න මේ දිනවල කලා කටයුතුවල එතරම් දකින්නට නොලැබෙන නිළියක්. නිළියක මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන අන්ජනා පසුගිය කාලයේ වඩාත්ම ජනප්‍රිය වූයේ ටි.වී. දෙරණ නාළිකාවේ විකාශය වූ 'බෙක්ෆස්ට් ටු ඩිනර්' කියන වැඩසටහන හරහායි.

ඉදිරියේදී කලා කටයුතු කිහිපයකින්ම රසික ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින අන්ජනා එදිරිමාන්න 'සාරවිට' වෙත මෙලෙස ගොඩවැදුණාය.

'පසුගිය කාලේ එක දිගට වැඩ කරපු නිසා කෙටි විවේකයක් ගන්න හිතුවා. ඒ හින්දා තමයි මේ දවස්වල මම කලා කටයුතුවල එතරම් දකින්නට නැත්තේ. ඒත්, මේ දිනවල මම රඟපාන ටෙලි නාට්‍යයක් ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ සම්පත් ශ්‍රී රෝෂන්ගේ 'සබ්බ සකල මානා' ටෙලි නාට්‍යය.

පසුගිය කාලේ නිළියකට වඩා නිවේදිකාවක් විදිහට තමයි වැඩිපුරම කටයුතු කළේ. දෙරණ නාළිකාවේ විකාශය වන 'බෙක්ෆස්ට් ටු ඩිනර්' කලා තරු සමග කළ වැඩසටහන වගේම එම නාළිකාවේ විකාශය වුණ 'බ්‍රයිඩ්ල් ෂෝ' කියන වැඩසටහන් කළා.

ඊට අමතරව දෙරණ මියුසික් එවෝඩ්ස් සම්මාන උලළෙත් නිවේදන කටයුතු මම සිදු කළා. ඉදිරියට මගේ බලාපොරොත්තුවක් තියෙනවා රංගන ශිල්පිනියකට වඩා නිවේදිකාවක් විදිහට ඉදිරියට යන්න. නමුත්, රඟපෑම අත්හරින්න සූදානමකුත් නැහැ. ලැබෙන පරිදි ඒ කලා නිර්මාණවලටත් දායක වෙනවා.*

බුද්ධික සේනාධීර

20160404Anjani



අදහස් (0)

අන්ජනාගේ හිත නිවේදන කටයුතුවලටමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site