අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සංවත්සර ජාතික උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි.
ආචාර්ය ප්‍රණීත් ජභයසුන්දර මහතා දම්පල් සමරු දේශනය සිදු කළ අතර ධර්මපාලතුමාගේ ජීවිත කතාව අලලා ලියැවුණු ග්‍රන්ථ කීපයක් ද එද එළි දැක්විණි.
ධර්මපාලතුමාගේ අවශ්‍යතා එදාට මෙන්ම අදටත් මෙරටට අත්‍යවශ්‍ය බවත්, එවැනි සිය දෙනකු පමණ දැන් මරට ගොඩ නැගීමට ඕකෑ බවත් ජනපති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ඉන්න 100ක විතර ඇමති මණ්ඩලයම ධර්මපාලතුමා වගේ ගතිගුණ ඇති අය කරන්න පුළුවන් නම් සිංහල ජාතියත්, බුද්ධාගමත්, රටත් රැකෙයි. (නි)
අපි උත්සාහ කරලා බලමුකෝ (නි)
100 නෙමෙයි දසලක්ෂයක් ආවත් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා මට නම් හිතන්න අමාරුයි (නි)
එතුමා වගේ කෙනෙක් කලින් අපිට නම් හිටියා. ඒත් දැන් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
එතුමා වැනි උගතුන් නැති පාඩුව තමයි අද අපි ගෙවන්නේ (නි)
අවවාද නැතිව ඔබතුමා ආදර්ශයෙන්ම පෙන්නුවොත් හොඳයි නේද? (බ)
සිංහල බෞද්ධකම අගයන ආකල්ප නැති තැන කුමන අවදිවීමක්ද? (නි)
එතුමා අද හිටියා නම් එතුමාද ජාතිවාදියෙකු ලෙස හංවඩු ගසා අද හිරගෙයි ලගින්නට සිදු වෙනවා ඇත.(ම)
දිනේෂ් මහත්තය මේ සිරිලකේ එවැනි අය අතලොස්සක් හෝ සිටිනවා.නමුත් ඔවුන් දුප්පතුන් නිසා මේ සිංහල ද්‍රෝහියන් සමග ගැටෙන්නට විදිහක් නැහැ. (අ)
එවැනි අය සිටීද?(හේ)
මේ රටට වෙලා තිබෙන දේවල් හැටියට 100 ක් ආවත් හදන්න නම් ලෙහෙසි වෙන්නේ නැහැ. (නි)
බලපෙරේත දේශපාලනය නිසා වැනසෙන සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමට ධර්මපාලතුමන් වැනි දේශප්‍රේමින් දහස් ගණනින් අවශ්‍යයි. (නි)
එකෙක් වත් හොයා ගන්න නැතිකොට මෙයා 100 ගැන කතා කරනවා... (ම)
ධර්මපාල තුමාලා කොච්චර හිටියත් මේ පාලනයෙන් ගැලවීමක් නෑ (ම)
කතාව නම් ඇත්ත (නි)
අනගාරික ධර්මපාල තුමා වගේ වීරයෝ සීයක් නොවේ , සියක් දාහක් හිටියත් කමක් නැහැ , හැබැයි දොන් ජුවන් ධර්මපාල වගේ ජාතිය පාවා දෙන්නන් නම් එක්කෙනෙක් වත් එපා . (ම)
සීයක් නෙමේ එකසිය තිස් ගණනක් ඕනේ ...නැත්නම් ඇමති මණ්ඩලය ඔය දැන් යන විදිහට ගියොත් ,,හෙට අනිද්දා අපිට සිංහල රටක් ඉතුරු වෙන්නේ නැහැ .(ම)
දැන් ධර්මපාල තුමන් ලා225 කින් 150 කට විතර ඇමතිකම් දීල නේ (බ)
ඔබතුමාගේ කතාවට අපි එකඟයි (නි)
ඇත්තටම එතුමා අද හිටියා නම්.... (නි)
අනගාරික ධර්මපාලතුමා දැන් නැතිවුණත් දස දහස් ගණනක් මිනිසුන් දැනටත් ඉන්නවා, උපන් දේශය ගැන කළකිරී නැවතත් මෙරට නම් නොඉපදේවායි පතා රට හැර යන (නි)
බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ (බ)
එවන් යුගයක් නැවත එනවා නම්... (නි)
අනගාරික ධර්මපාලතුමා අද මේ රටේ වෙන දේවල් දැක්කා නම් එතුමාට මොනවා හිතෙයිද? (නි)
කතාවට තිත තබා අපි ක්‍රියාවට පණදෙමු (නි)
ඒ කතාව අපිත් පිළිගන්නවා (නි)
එතුමා වැනි 100ක් හිටියා නම් අද මේ ලංකාව සුරපුරයක් (නි)
එතුමා වැන්නවුන් අද නැතිවීම ගැන මොනවා කරන්නද? සිංහලයාගේ අවාසනාව! (නි)
සිංහල බෞද්ධයාට පළමුව බෞද්ධකම ගැන හැඟීමක් ඇති වියයුතුය (නි)
චන්දක, රට ගැන කළකිරී රට හැර යන අය කී දෙනෙකුට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙනවද? කී දෙනෙකුට භෞතික සම්පත් පරිභෝජනය කරමින් සැපවත් ජීවිත ගතකරන්න උවමනාව තිබෙනවද? මගේ අදහස නම් රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබෙන්නේ ඉතා අල්ප දෙනෙකුටයි කියලයි. (නි)
එතුමා නැවත ලංකාවේ නොඉපදේවා කියලා ප්‍රාර්ථනා කළහැටිත් අපිට මතකයි (නි)