ගුවන් නියමුවකු වෛද්‍යවරයකු හා විදුලි ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් පුවත්පත්වල මංගල දැන්වීම් දැමූ කතුන් රවටා මුදල් වංචා කළැයි කියන අයකු (36) හාලිඇල කන්දේගෙදරදී අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ, අම්බලන්ගොඩ, ගම්පහ, අලුත්ගම ඇතුළු පෙදෙස් රැසක කාන්තාවන් මුලා කර මොහු රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ ලාංකික බොරු ඉංජිනේරු, බැංකුකාර මනමාලයෝ ඉන්නේ පිටරටවල විතරයි කියලා. (අ)
වංචා කළේ රුපියල් ලක්ෂයක් පමණක් නම් මේ වැඩේ පටන්ගැන්ම වෙන්න ඕන. දුරදිග යන්න නොදී අල්ලගත්තු එක ලොකු දෙයක්.
සකුන්තලාලා වගේ හිතන අය තමා මෙයාලට රැවටෙන්න ඇත්තේ (නි)
මේකා හිඟන අනංගයෙක් හින්දා තමයි අහුවුණේ. රාජකීය මට්ටමේ එක අනංගයෙක්වත් ඉතිහාසය පුරාම දැලට හසුවෙලා නැහැ. (නි)
සත්‍යා කථා කරන්නේ මෑත ඉතිහාසය ගැන වෙන්න ඇති. මොකද එදා රජවරුන්ට අන්තප්පුර තිබුණානේ (බ)
මේ වගේ අයව පුනරුත්ථාපනය කරලා බුද්ධි අංශ වලට බඳවා ගන්න ඕන තොරතුරු සොයන්න සහ අවශ්‍ය අනිත් වැඩ සඳහා . මිනිසුන්ව රැවටීමේ හැකියාවත් රටට ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න නම්.(ම)
හිඟන අනංගයෙක්...... (ම)
සජී, ඔබ හරි. මෑත ඉතිහාසයේ රජ පරම්පරාවල් රඟදැක්වූ අනග රැඟුම් නිසා ඇතැම් රජවරුන්ට විතරක් නොවෙයි රාජ කුමාරවරුන්ටත් රජගෙයි කාමර අහිමි වුණා. ඉතිහාසය හරි විස්මිතයි. (නි)
මෙයාලගේ ප්‍රතිචාර ටික කියවල වතුර ටිකක් බීපුවාම දවසටම ඇති... බඩගිනි තියා ඉසේ පයේ අමාරුවක් දැනෙන්නේ නැහැ ..? දෙවියන්ගේම පිහිටයි ..අපේ පාඨක තීරේට !(අ)