ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර මගුල් ගෙදරකි. රාජපක්ෂ පවුලේ හිතවතකුගේ දියණියක පසුගිය ජූනි 24 වැනිදා යුග දිවියට ඇතුළු වූවාය. ආරාධිතයෝ 500ක් පමණ එහි වූහ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතමයෝ රැසක්ම ලොස්ඇන්ජලීස් නුවරට පැමිණ සිටියහ. හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට එන්නට පෙර පදිංචිව සිටියේ ලොස්ඇන්ජලීස් නුවරයි. මගුල් ගෙදර අමුත්තෙක් විශේෂ නිවේදනයක් කළේය. මේ මගුල් ගෙදරට විශේෂ අමුත්තකු ඔහුගේ බිරිය සමග පැමිණ සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මෙහි ඇවිල්ලා. ඔහු කීවේය. ඒ හුස්මටම ඔහු තවත් දෙයක් කීවේය. ‘ශ්‍රී ලංකාවේ අනාගත ජනපති‘ යනුවෙන් ඔහු පැවසීය. ඔහු එසේ කීවේ ගෝඨාභය ගැනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙටම වෙලා ඉන්න (නි)
ලංකාවට පෙර පිනක් තියනවා නම්, ලංකාවේ අයට මොළේ තියනවා නම් මේ මහතා ජනාධිපති හරි අගමැති හරි කරාවි (නි)
මර්වින් සිල්වා මැතිඳුන්ගේ යම් යම් අඩුපාඩු ඇති. නමුත් ඔහු කැලණිය වෙනුවෙන් විශාල සේවයක් කළා. කාණු පද්ධතිය සකස් කිරීම මේ අතරින් විශේෂයි. ඒ වගේම ඩෙංගු මර්දන වැඩපිළිවෙලත් විශිෂ්ටයි. එදා අපි සෑම රැස්වීමකදීම එතුමාව හැඳින්වුයේ අනාගත ජනාධිපති ලෙසයි. අපි තවමත් බලාපොරොත්තුසහගතව සිටිනවා. (නි)
ඉස්සර රජ කාලේ රජුට තියෙන භක්තිය පෙන්නන්න මිනිස්සු රජු වෙනුවෙන් තමුන්ගේ ජීවිතේ පුජා කළාලු. ඉතින් ඔයවගේ මිනිස්සු අද කාලෙත් ඉන්නවා. ඡන්දේ ඉල්ලන කාලෙට සමාජ වෙබ් අඩවිවල බැහැලා වැඩ. ඊටපස්සේ යනවා අප්පුඩි ගහන්න. ඊටපස්සේ යනවා පෝස්ටර් අලවන්න. මේගොල්ලෝ දිනලා කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ගන්නවා. පිටරට සවාරි යනවා. ගිහින් ඇවිල්ල පපුවට ගහගෙන මොනවාහරි ටිකක් කිව්වහම ආයෙත් අප්පුඩි ගහන්න යනවා. වැස්සේ තෙමි තෙමි පෝස්ටර් අලවනවා. මේ මිනිස්සු ඉපදිලා ඉන්නේ වහල් මානසිකත්වයෙන්. (නි)
ගෝඨා මහත්තයා රටේ නායකත්වයට 100% ගැළපෙන පුද්ගලයෙක්. පාලකයන් බිහිවෙන්න්‍ෙ ජනතාවට ගැළපෙන්නයි (නි)
ඊයේ ඡායා ඇමති මණ්ඩලයක් නම් පත්වෙලා. ගරු නාමල් විදේශ ඇමති. තාම ඡායා ජනාධිපති නම්කරලා නැහැ. ගරු මර්වින් මහතාද ගරු ගෝඨාභය මහතාද කියලා තාම කව්රුත් දන්නේ නැහැ. ගරු මර්වින් මහතාට කලාකරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා. එතුමාට දේශපාලන අත්දැකීම් වැඩියි (නි)
අරුණ, මම දැකලා තියෙනවා හම්බන්තොටදී එක රාජපක්ෂ නෑදෑ කෙනෙක් එනකොට එක අහිංසක මනුස්සයෙක් කාණුවට බැහැලා ඔලුව පාත්කරනවා. මේ පළාත් වල ඉන්නේ හරිම අසරණ මිනිස්සු. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ඉපදිලා ඉන්නේ රාජපක්ෂලාට සේවය කරන්න කියලා. (නි)
දැනට එතුමා තමා ඉන්න එකම සුදුස්සා. (හේ)
හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් වරයා ද සියලුම හමුදාපති වරුන් ද අයත්ව සිටියේ රාජ්‍ය සේවයටයි. අවසානයේ ඔවුන් වගකිව යුතු වන්නේ රාජ්‍ය නායකයාටය.තම රාජකාරිය හොඳින් කළ පසු එහි ගෞරවය රාජ්‍ය සේවකයන් තනිව බෙදා ගැන්මට යාම හොඳ දෙයක් නොවේ. (බ)
මමත් ටික කාලෙකට ඉස්සර ඔහොම හිතුවා. පස්සේ මොකද තාම ජනාධිපති වුණේ නැත්තේ කියලා හොයලා බැලුවහම හේතුව දැනගත්තා. (නි)
කරුණාසිරි, ගෝඨාභය මහත්තයා ටිකක් දැඩි ගති තියෙන එක්කෙනෙක් කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඒ හින්දා ඔහුට ටිකක් ඉස්සරහට එන්න අමාරුයි. අපි ඉස්සරහට බලමු මර්වින් මහත්තයටද ගෝඨාභය මහත්තයටද ඡන්ද වැඩියෙන් ගන්න පුළුවන් කියලා (නි)
ඇත්තටම මේ රටේ රටක් පාලනය කිරීමට හැකි උගත් බුද්ධිමත් එඩිතර තරුණ තරුණියන්ගේ හිඟයක් තියෙනවාද? (නි)
මටත් හිතෙන්නේ ලංකාවේ ජනපති හෝ අගමැති වීමට මෙතුමා තරම් වෙනත් සුදුස්සෙකු නොමැති බවයි (නි)
එතුමාගෙන් මේ රටට වියයුතු සේවය සම්පුර්ණ කිරීමට මොන ක්‍රමයකින් හෝ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔහු කළ සේවය අමතකකර, ගරහන තැනට යමෙකු පත්වන්නේ මේ රටේ පවතින ජරාජීර්ණ පක්ෂ දේශපාලනය නිසයි. රටේ විනාශයට තුඩුදෙන්නෙත් එයමයි. (නි)
මේ යන විදිහට මේ රටේ අනාගතය ගැන මොන කතාද? (නි)
පාලකයින් බිහිවෙන්නේ ජනතාවගේ බුද්ධියට සාපේක්ෂවනේ (නි)
කාගෙත් අදහස් බලනවිට මට නම් දැනෙන්නේ කණගාටුවකි. පරපුරවල් වලට නමස්කාර කරන්න උත්සාහ කරන පිරිසකුත්, ධනපති පන්තිය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන පිරිසකුත් හැර ඉන් එහාට සිතන්න තරම් දැනුමක් සහ ආත්ම ශක්තියක් ඇති ජනතාවක් රටේ සිටින්නේද යන්න සැකයි. තවමත් අපට ඇත්තේ ආදිකාලයේ සිට රජ පවුල් වලට ජනතාව කළ බැලකම් සහ මෙහෙවර කිරීමේ පුරුද්ද බව ඉහත අදහස් වලින් බොහෝදුරට පෙනෙන්නට ඇත. (නි)
ජයම්පතිගේ අදහස තමයි හරි. (නි)
මට නම් පෙනෙන්නේ මේකේ අදහස් දක්වා තියන ඔක්කොම ඉන්නේ වෙන රටවල වගේ. වීරයෝ වගේ අදහස් දාන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා රටට සේවයක් කළොත් ඊට වැඩිය වටිනවා (නි)
මේ අදහස් දැක්කහම නොදා යන්න හිතෙන්නේම නැහැ. රටේ අපේ වාසනාවට ආරක්ෂක ලේකම් වුණා. ජනාධිපත් වුණොත් දැන් වැටිලා තියෙන වළෙන් ගොඩ ඇවිල්ලා සිංගප්පුරුවක් කරගන්න පුලුවන් (නි)
කට්ටියක් මර්වින් සිල්වා මහතාව වර්ණනා කරනවා. කට්ටියක් ගෝඨාභය මහතාව වර්ණනා කරනවා. මේ පුද්ගල වන්දනාව, වැඩවසම් වහල් මානසිකත්වය කවදා නවතීද මන්දා? (නි)
ලංකාවේ විධායක ජනපති තනතුරට ලංකාවේ පමණක් නොවෙයි මේ ලෝකේ ඉන්න එකම සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි.වෙනත් දේශපාලන ආයතන(පළාත් පාලන- පළාත් සභා - පාර්ලිමේන්තු )නොමැතිව ඔහුට මේ රට පාලනය කිරීමට ලබා දිය යුතුයි.(බ)
මෙම ප්‍රතිචාර කරන්නේ ඇත්තටම සිංහලයන්ද කියලා හිතෙනවා .2009 ට මුලින් ලංකාවේ තත්වය මතක නැද්ද? කළ සංවර්ධනයට කිවුවේ හොරකම කියාය. සිංහලයන් කළගුණ නොදත් කුහකයන්ය. (නි)
අනේ එහෙම වෙනවා නම් අපි මොනතරම් වාසනාවන්තයෝද? (නි)
රට වෙනුවෙන් අවංකව සේවය කළ මෙතුමාගේ සේවය ඉදිරියටත් අවශ්‍යයි.(හේ)
තිලක් ඩුබායි දැන් නම් මෙහෙ කිසි බයක් නැහැ. අනේ රට ගැන දන්නා තරම. (ර)
මේ දේවල් හරියට තේරුම් ගන්න.(හේ)
නිවාඩුවට අපි ලංකාවට ගියහම පාසල් සුදු වෑන් එක ගේ ඉස්සරහ නතර කළත් පුදුම බියක් සැකයක් ඇති වුන කාල වකවානුවක් අපි පසු කරලයි ඇවිත් තියෙන්නේ. (බ)
එතුමා හෝ එවැනි අයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති වීම රටට ආදරය කරන ජනතාවගේ සිහිනයක් තමයි. (නි)
ඉහත අදහස් වලින් පෙනෙන්නේ ලංකාවේ තාමත් වහල් හැඟීම් තියන මිනිස්සු ඉන්න බවයි (නි)
අනාගත ජනපති? මිනිසුන්ට තේරෙන්නේ නැහැනේ මේ පවුල මේ රටට කරපු විනාශය. (නි)
හොඳ දැක්මක් සහිත සොඳුරු ආඥාදායකයෙක්. අපේ රටට අවශ්‍යම පුද්ගලයෙක්. ඔහු එය කටින් නොව ක්‍රියාවෙන් පෙන්වා ඇත. (නි)
අපිත් ඔහොම සමහරු රැවැට්ටුවා (නි)
රට බේරාදුන් සරත් ෆොන්සේකා මහතාට කළ කෙනෙහිලිකම් නිවැරදි කරගන්නට ඔබට අවස්ථාව ලැබේවා!! ජනපතිකම් කෙසේවෙතත් ඡන්ද 100 ක් අරගෙන පෙන්වන්න. (නි)
රාජපක්ෂ පවුලේ සියලු පුරුක් වලට ඉතා හොඳ, සැපවත්, සුඛෝපභෝගී දිවියක් ලබාදීමට රටේ සියලු ජනතාව කැප වියයුතුයි. රටේ අනිත් අයගේ ළමයින්ට අනාගතේ රට පාලනය කරන්න දෙන්න මොනවද තියෙන සුදුසුකම්? (නි)
අපි කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
එයා අනාගත ජනාධිපති වෙනවද නැද්ද කියන එක තීන්දු වෙන්නේ ඇමරිකාවත් එක්ක එයා ගහන ගිවිසුම අනුවයි. (බ)
හැබැයි ප්‍රියන්ත නානායක්කාර මහත්තයෝ , මර්වින් මහත්තයා සංවේදී පුද්ගලයෙක් කියල ජනතාව අතර විශ්වාසයක් තියෙනවා. කට්ටිය දෙපැත්තට බෙදිලා ඒ පාර, මර්වින් මහතාටයි. ගෝඨාභය මහතාටයි. ඔය සේරටම වඩා හොද නැද්ද හොද උගත් පිරිසක් පත්කරගත්ත නම් (බ)
ලංකාවේ දේශපාලනේට හරියන්නේ ඉතින් මැරයෝම තමයි. (නි)
ගෝඨාභය යුද්ධය පිළිබඳ කළ දායකත්වය පිළිබඳ අප කාගේවත් ගැටළුවක් නැත. නමුත් ජනාධිපති කෙනෙකුට අගමැති කෙනෙකුට පත්වීමට නම් එතුමා දරදඩු හා මර්දනකාරීත්වය අතින් සුදුසු නැත. තිත්ත වුවත් ඇත්ත එයයි. යුද්ධය එකකි. රට පාලනය වෙනස් දෙයකි. (නි)
සදුන්, චන්ද්‍රිකා ඉන්න කාලේ මොකෝ සරත් ෆොන්සේකා රට බේරා නොදුන්නේ? (නි)
ඇමරිකාවේ ඉන්න සමහරු නම් කියන්නේ කරපු වැඩ වලට ලෝකයාට මුහුණ දෙන්න බැහැ කියලලු. (නි)
සකුන්තලා, ඔයා දන්නවද සොඳුරු ආඥාදායකයා කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ උඩින් හොඳ මුහුණ පෙන්වන ගමන්, යටින් ඒකාධිපති බලය පතුරවන වියරු මිනිසෙකුට. (නි)
හීනෙන් තමයි (බ)
ජයතු, මේවා ගෝඨාභය මත්තතයා දහදිය මහන්සියෙන් හම්බකරපු සල්ලි. මොකුත් කියන්න එපා හොඳේ (නි)
දවල් හීන දකින්න හැමෝටම පුළුවනි. (ර)
යහපාලනය 100% හොදයි කියලා කියන්නේ නැහැ. දැන් නම් රටේ බියක් සැකයක් නැතිව දෙවියනේ කියලා ජිවත් වෙන්න පුළුවනි. (ර)
දුමින්ද මහතාගේ අදහස මම අගය කරමි. නිදහස් අදහසක වටිනාකම ඇත්තේ දේශපාලන භක්තිකයන් නොවීම, යැපෙන්නන් නොවීම සහ ගැත්තන් නොවීම තුළය. (බ)
ඔය නම කියනකොටත් සඳුන්ට අමාරුයි වගෙයි. ඉහත හුඟ දෙනෙක් වැදගත් අදහස් දක්වා තියනවා. ස්තුතියි. රට සහ ජාතිය බේරාදුන් නායකයින්ට අගෞරව කරන්න එපා. ඒ අය නොහිටින්න අපි නොවෙයි අපේ දමිළ ජනතාවත් විනාශවෙලා මෙලහකට. ලංකාවේ සල්ලි වලින් ඇමෙරිකාවේ ගෙයක් ගන්න පුළුවන් නම් හුඟක් අය මෙලහකට ඇමෙරිකාවේ ගෙවල් අරගෙන. (නි)
එතුමා ජනාධිපති වුනත් වරදක් පේන්න නැහැ.(හේ)
මොකෝ බැසිල් රාජපක්ෂට ලංකාවේ ජනාධිපති වෙන්න සුදුසුකම් මදිද?(හේ)
ජයතු, එතකොට චන්ද්‍රිකා මැඩම් එංගලන්තයෙන් ගෙවල් ගත්තෙත් මොන සල්ලි වලින්ද දන්නෙ නැහැ නේද? (නි)
රාජපක්ෂලා කියද්දී මට පොතක් ලියන්න පුළුවනි....(හේ)
අපි හිතුවේ ලංකාවේ මඟුල් ගෙවල් වලදී කසිප්පු බිව්වහම විතරයි ඔය වගේ ඔල්මොරොන්දම් කතා කියන්නේ කියලා. එ්කෙත් හැටි? දැන් විස්කි බිව්වත් ඒ වගේම ඔල්මොරොන්දම් වෙනවා (නි)
පාලකයන් බිහිවෙන්න්‍ෙ ජනතාවට ගැළපෙන්නයි (නි)
ඒක වෙන්න බැරි කමකුත් නැහැ.(හේ)
රට බේරාගත් ක්‍රියාන්විතයේ නියම වීරයා තමයි මෙතුමා. මෙතුමාගේ සේවය රටට අහිමිවීම ගැන කණගාටුයි. (නි)
රාජපක්ෂලා නොහිටින්න අපි ඔක්කොම අද ඉන්නේ ඇඳන් යට. මැරුණු අය මැරුනා. අපි දැන් කඩේ යනවා (නි)
දිමුතු, ඔයා කියන්නේ මුළු රටම රාජපක්ෂලාගේ සේවකයෝ වෙන්න ඕනෑ කියලද? ඇයි මේ රටේ අනිත් දරුවන්ට නායකයෝ වෙන්න හොඳ නැත්තේ? අනේ යන්න දිමුතු යන්න. මේ රට තාත්තලා පුතාලා බාප්පලාගේ බූදලයක්ද? (නි)
හේරත්, ඔයා කියන්නේ රනිල් මහත්තයා හින්දා යුද්ධය දිනුවා කියලනේ. රනිල් මහත්තයාගේ ගිවිසුම නිසා කරුණා කැඩිලා කොටි සංවිධානය දෙකඩ වෙච්ච විත්තිය ඇත්ත. හැබැයි යුද්ධය අවසන් කිරීමේ මුලික ගෞරවය ඊට සැළසුම් සකස්කළ යුධ නායක ජෙනරාල් සරත් මහතාටත් යුධවැදුණු රණවිරුවන්ටත් හිමිවිය යුතුයි. ඊටපස්සේ රනිල් මහතාටත්, තුන්වෙනුව ඊට දේශපාන නායකත්වය දුන් මහින්ද, ගෝඨාභය, බැසිල්, මෛත්‍රී යන මහත්වරුන්ටත් හිමි වියයුතුයි. (නි)
අනේ මහේෂ්, නිකම් මෝඩ කතා නොකියා ඉන්න. දැන් රට හරි ෂෝක්නෙ. (නි)
දිමුතු ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ (නි)
අකිල, බැසිල් මොනවා කළාටද? (නි)
මේකේ තියෙන අදහස් දැක්කම හිතෙන්නේ ලංකාවට පන දීලා කතා කරන බොහෝ අය වාසය කරන්නේ පිටරටවල්වල බවයි. (බ)
ගෝඨා ඊළඟ ජනාධිපති කාටවත් වලක්වන්න බැරි වේවි (බ)
රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරා සියයම නිවන් දක්වාලයි තියෙන්නේ. එ්ත් අපි සහ අපේ උපදින පරම්පරා සියයක් වන්දි ගෙවන්න ඕනෑ. (නි)
මොන බයිලද? අනාගතේ ලංකාවක් තියෙනවද? (බ)
ඔය ජයම්පති සහ ඔහු ප්‍රකාශ කළදේ හරිය කියන අය ලංකාවේ හිටියද දන්නේ නැහැ. හරි දේ හරිය කියන්න බැරි, රටේ තිබ්බ දියුණුව දකින්න හරි ඇසක් තිබ්බෙ නැති මේවගේ කුහකයෝ අපේ රට පස්සට අදිනවා. ඔවුන් නියම කුහකයෝ. (බ)
දේශප්‍රේමි රාජපක්ෂලාට අධිරාජ්‍යවාදී රටවලත් නෑදෑයෝ ඉන්නවද? (නි)
එ් කියන්නේ මෙකට කමෙන්ට් කරන කාටවත් නායකත්ව ලක්ෂණ නෑ එකෙකුටවත් මේ රටේ නායකයා වෙන්න බෑ. කොහේ හරි යන එකෙකුට කඩේ යනවා විතරයි (බ)
ගෝඨා කියද්දීත් තවමත් අපේ සමහර අයට සුළුදිය පහවෙනවා. ගෝඨාට විරුද්ධ එ්ත් සත්‍ය අදහස් පළකරන්න මම බය නැහැ. (නි)
ඒ කියන්නේ අැමරිකාවේ ඉන්නා සිංහලයනුත් එයාට කඩේ යනවා කියන එක. (නි)
ගෝඨා මහත්තය රටේ නායකත්වයට 100% ගැලපෙන පුද්ගලයෙක්. ඔහුට නායකත්වය ගෙන රට ඉදිරියට ගෙනයා හැකියි. දිරිගන්වමු....!! (බ)
ඔබට සතුටුයිද දැන්...? (නි)
රාජපක්ෂලා නැත්තම් අද ලංකාවක් නැහැ. (නි)
ජයම්පති වගේ අය කොටි නැති රටක් දැක්කෙත් හීනෙන්නේ. ඉතින් මේකත් එහෙම තමයි (බ)
මේකේ තියෙන අදහස් දැක්කහම හිතෙනවා අපේ රණවිරුවෝ නිකන් ඉන්න බැරුවට අරහෙට මෙහෙට දඟලලා වෙන්න ඇති ඔය අතපය ඇස් කන් නැතුව ඉන්නේ කියලා. මේ අදහස් බැලුවම ලංකාව අායෙත් ගොඩගන්න එක නම් මේ කපේදී සිද්ධවෙයිද කියලා බයක් දැනෙනවා. (නි)
දැන් මගුල් ගෙවල් වල හොද විහිලු නේ කරන්නේ. ජය වේවා අනාගත ජනාධිපතිතුමාට. (බ)
ජනතාවගෙන් මංකොල්ල කෑ මුදල් රාජපක්ෂ පවුල සහ මිතුරන් අතර නිතියට හසු නොවන පරිදි වියදම්කර අැමරිකාවේ විශාල මන්දිර මිලදි ගෙන අැත. (බ)
සමහර ප්‍රතිචාර වලට හිනාත් යනවා (නි)
මෙයාලා දවල් හීන දකිනවා, ලංකාවට ස්ටාලින්ලා ඕනා නෑ ජනාධිපති කමට.(කෞ)
මඟුල් ගෙවල් වල කියවන කතා එච්චර හිතන්න අවශ්‍ය නැහැ (නි)
එක එක්කෙනාට තමාගේ වාසී වෙනුවෙන් කියන්න පුළුවන් කවුද අනාගත ජනාධිපති කියල...මහින්ද රාජපක්ෂ ගේ වැරදී නිසා තමයි මෛත්‍රී ජනාධිපති වුනේ අපිට ඕන ඔය කසිකබල් පවුල්වාදය නඩත්තු කරන්න නෙමේ දැන් අපිට අවශ්‍යයි අපේ රට ලොකු වෙනසක් කර ගෙනියන්න,(බ)
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ‘ශ්‍රී ලංකාවේ අනාගත ජනපති‘ යනුවෙන් පැවසුවා නම් අන්න තව හිතන්න තිබුනා. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අනාගතයේදී ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා දේශපාලන (පවතින ක්‍රමයෙන් වෙනස් පොදු මහජන මුදල් ගිල නොදමන) පෙරමුණක් බිහි වෙනවා ඇත. ගෝඨාභය එහි සමහරවිට නායකයාද වෙනු ඇත. (නි)
පදිංචිය ඇමරිකාවේ වුණාට, ජන්ම ගතිය අරින්න බැහැනේ. (නි)
හීන මවනවා.(හේ)
ජයතු තිලක් ඩුබායිගේ සහෝදරයෙක් වගේ. හොයල බලන්නකො ඔය කියන මන්දිරවල රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි, මංකොල්ලකෑ සල්ලි ගෝනි ගණන් තියනවද කියලා. (නි)
කරුණාසිරි කානුවක් සුද්ද කළ පමණින් හෝ ඩෙංගු මර්දනය කළ පමණින් කෙනක් මේ රටේ ජනාධිපති වුනොත් ඒ ඉතින් ඔබ වගේ මිනිසුන් සිටින තුරු පමණි (බ)
සිහිනයක් පමණි (හේ)
අකිල, කිලිනොච්චියට මැදවච්චිය ලෙසින්ද, අලිමංකඩට පාමංකඩ ලෙසින්ද, තොප්පිගල මහා කළුගලක් යයි පවසා හමුදාවේ ධෛර්යය හැල්ලුවට ලක්කළ අයට පළවැනි තැන දෙන්නද කියන්නේ. (නි)
සදුන්, කන්නදුන් අත හපාකන්න නොගියා නම් එහෙම වෙන්නේ නැත. දැන් පෙනෙනවා නේද අහවලාගේ නියම ස්වරූපය. (නි)
අසෝකා, ඒ කියන්නේ ලංකාව ගැන කළකිරුනට ලංකාවට ආදරෙයි කියලනේ (නි)
රාජපක්ෂලා කියද්දී මට පොතක් ලියන්න පුළුවන්. ඒගොල්ලෝ ඇස් පනාපිට ඉතිහාසය වෙනස් කළා. රාජපක්ෂලා නොසිටින්න තව පොඩ්ඩෙන් රටත් සුන් අපිත් සුන් (නි)
තිලක්-ඩුබායි, ඔව් ඔව් ඩුබායි ඉන්නකන් ලංකාව ගැන බියසැක නැතුව ඉන්න පුළුවන්. එ්ත් ලංකාවේ ඉන්න කෙනාට පොලිසියෙන් ගහන්නේ දත් කැඩෙන්න. (නි)
එයා ජනපති වුණොත් ලංකාවේ මිනිස්සු ඉවර වුණාම ඉන්දියාවෙන් මිනිස්සු ගෙනේවි සුදු වෑන් වලින් උස්සන්න. (නි)
ජයතු, ඕවා අල්ලන්න අැයි දැන් ඉන්න කට්ටියට බැරිද? (නි)
කවදා අහපු කතාද? ලොස් ඇන්ජලීස් වල ඉන්න අපෙන් අහන්න මෙයාලගෙ 2005 ට පෙර අතීතය. (නි)
ජගත්, ලංකාවට පෙර පිනක් තියනවා නම්, ලංකාවේ අයට මොළේ තියනවා නම් මේ මහතා ජනාධිපති හරි අගමැති හරි කරාවි (නි)
යුද්ධය සාර්ථකව නිමකිරීමෙන් පසුව මෙතුමා, මියන්මාර් මොඩලයක් ලංකාවට හඳුන්වා දුන්නනේ. අන්න ඒ තුලින් සමාජයට සිදුවූ හානියත් මහින්ද මහත්මයාගේ පරාජයට මුලික හේතුවක් වුවා. (ම)
මම ඉන්නෙත් ඇමෙරිකාවේ. ඔය මඟුල් ගෙදර මම ගියේ නැහැ. නමුත් හුඟ දෙනෙක් මම දන්නා අය ගියා. ගිය හුඟ දෙනෙකුට මේ කතාව අහල කාපු කෑමත් දිරවන්නේ නැතුව ඇති. (නි)
ඔව් ඔව් මේ ඔක්කොටම තියෙනවා ජනාධිපති සුදුසුකම් කරලා තියෙන වැඩ වලින්. අපිට තමා නැත්තේ. (නි)
දිමුතු හිතන විදිහේ වැරැද්දක් නැහැ. අපි වසර ගානක රාජ පරම්පරා ගණනාවක ඉතිහාසයක් තිබෙන ජාතියක්. කිසියම් කෙනෙක් ඉහළ තනතුරකට පත්වුණාම ඔවුන්ව ප්‍රභූන් ලෙස සැළකීමටත් ඔවුන්ට ඇප උපස්ථාන කිරීමටත් එදා රටවැසියන් පෙලඹුනා. මේක එක්තරා විදිහක මානසික ව්‍යාධියක්. මේ තනතුරු ලබන්නන් ඔවුන් සෙස්සන් තමන්ගේ අතවැසියන් ලෙස සිතීමටත් පුරුදුවුණා. මේ දෙකම වෙනස් වියයුතුයි. (නි)
අකිල හරි. යුද්ධය අවසන් කිරීමට හේතුව කොටි දෙකඩ කළ ගිවිසුම වුණාට යුද්ධ කළේ හමුදාවනේ. ඒ නිසා දක්ෂ පාලකයෙකුගේ බුද්ධි මහිමයෙන් යුද්ධය අවසන් වුණා යැයි ඉතිහාසගත වුවද, එහි ප්‍රමුඛයා සරත් මහතායි. දෙවැනි තැන රනිල් මහතාටත් තුන්වන තැන ඊට නොසැළෙන දේශපාලන නායකත්වයක් දුන් මහින්ද මහතාටත් හිමිවිය යුතුයි. මේ ගැන වාදයක් නැහැ. (නි)
මේ මෙතුමා ජනාධිපති කොහොම වුණත් මන්ත්‍රී කෙනෙක් හරි වුණොත් රටේ ඉන්න චණ්ඩින්ට, පාතාලයට යන එන මං නැතිකරනවා. නරකකට තියෙන්නේ විරුද්ධවාදීන්ටත් ඒ හැන්දෙන්ම බෙදන එක. (නි)
මෙයාලගේ දක්ෂතාවයෙන් රටට වැඩක් ගන්න ලංකාවේ මිනිසුන්ට ලැබීමක් නැහැ (නි)
එතකොට ගෝඨාභය තනියමද රට බේරා ගත්තේ? ඇයි, මහින්ද මොකුත් කළේ නැද්ද? එයා කියන්නේ එයා තමයි රට බේර ගත්තේ කියලනේ. අකිල කියන හැටියට බැසිලුත් රට බේරාගෙන තියෙනවා. ලෝකේ හොඳම හමුදාපති කියපු ෆොන්සේකා මුකුත් කරලා නැහැනේ. ගුවන්, නාවික හමුදාපතිලා දෙන්නත් නිකම් ඉඳලනෙ. මෙතන පුද්ගල වන්දනාවේ යන වන්දිභට්ටයෝ මිසක් මධ්‍යස්ථව යමක් දෙස බලන අය අඩු බව නම් පේනවා. (බ)
ජයතු, ඒ ගැන ඔබ දන්නා තොරතුරු එෆ් සී අයි ඩී යට දෙන්නකෝ. එහෙම දෙයක් ඔබ ළඟ නැත්නම් නොදන්නා දේවල් කතානොකර ඉන්න. කාගෙවත් දේශපාලන කියමනක් අල්ලාගෙන බොරුවට කියවනවා. (නි)
නිම්මි, මේ මහතා නොසිටින්න රටට මොනවා වේවිද කියා සිතාගන්න පුළුවන් නේද? හිටපු අය ලැහැස්ති වුණේ දෝතින්ම රට දෙන්න. සිංහලයාගේ මතකය සුමාන දෙකයිලු (නි)
ටිකිරි, ඔයාල වගේ අය වෙනසක් පැතුව, ලැබුණු වෙනස හොඳයිද ? ගෞරවාන්විතව ඉදිරියට ආ රට සම්පුර්ණයෙන් වනසල නැවතත් බෙදුම්වාදයට තල්ලු කිරීමද ඔයාල පතන වෙනස. දැන් ඉන්න ඔවුන්ගේ පවුල් නෙවෙයි පරම්පරාවම නඩත්තු කරනවා පෙනෙන්නේ නැතිද ?
සිරිසඟබෝ නැවතත් රජවෙලා හිස දන් දුන්නාට පස්සේ තමයි ගෝඨාභය රජවෙන්නේ. (නි)
ලංකාවේ ජනතාව කවදා වැඩවසම් ආකල්ප වලින් මිදී, පවුල්වාදයෙන් තොර රටක් බිහිකෙරේද? (නි)