‘‘අපි පස්වලින් හිරවෙලා. අපි බේරගන්න‘ යැයි බදුලු රෝහලේ හෙදියක දුරකතනයෙන් එම රෝහලේම සේවය කරන මිතුරියකට අද (26) උදෑසන කතා කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
බදුල්ල රිල්පොල අක්කර 53 අද (26) උදෑසන නාය යද්දී මේ ඇමතුම දී ඇත.
එම ජංගම දුරකතනය ඉන් පසුවත් දෙපැයක් පමණ නාදවුවත් පසුව අක්‍රියවී ඇත. එම හෙදියගේ නිවස මුළුමනින්ම වැළලී තිබේ.
තව දුරටත් එම ප්‍රදේශය නාය යමින් පවතින බැවින් ඇයද ඇගේ මාස එක හමාරක් වයසැති බිළිඳාද සොයා ගැනීම අපහසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත, එතකොට අහිංසක මිනිස්සුද දුක් විඳින්න ඕනෑ? (නි)
අපේ රට විනාශ වෙනවා (නි)
පාලකයන් අධර්මිෂ්ට වන විට මෙවැනි විපත් සිදුවේ. (ර)
විශේෂ මොනවා හරි කරන්න වෙනවා.රටම විනාශ වෙන්නද මේ යන්නේ......? (නි)
රාජා භවතු ධම්මිකෝ! (නදී)
මොන අපරාධයක්ද ? (නදී)
දුකයි මොනවා කරන්නද ? මේ ජීවිත දෙක බේර ගන්න තිබ්බා ටිකක් ඉක්මන් උනානම් (නදී)
ලෝක පාලන දෙවිවරුත් ලංකාව දෙස නොබලන්නේ අයි? (ම)
දුර්ජාන්ත අය ඉන්නකොට ඔහොම තමා. දැන් බලන්න අපේ රටේ ධර්මයක් තියෙනවද කියලා. මීට අවුරුදු 10 කට පෙර සුනාමි ඇවිල්ලා 34,000 ක් මැරුනා. එ්ත් අපේ පාලකයෝ වැඩිපුර ධාර්මික උනාද නැහැනේ. සුනාමි සල්ලිත් හොරකම් කරපු එකනේ කලේ. මේවයේ විපාක තමා අපි මේ විඳින්නේ. (නදී)
රටක් දිනාදුන් නායකයෙකුට, ජනතාව පොරකමින් ආශිර්වාද කරන නායකයෙකුට, පදනම් විරහිතව හොරා, වංචාකාරයා, ඒකාධිපතියා කියමින් මේ දිනවල කරන රට නූහුලන අපරාධයට තමයි මේ විපාක දෙන්නේ. තමන්ගේ හිතට එකඟව කල්පනා කළොත් තේරෙයි හැමෝටම. (නි)
අනේ පවු! (නි)