
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ග පද්ධතිය තුළ රාජකාරි යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර ගුවන් හමුදා නිලධාරීන් ඒ සඳහා යොමු කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එනමුත් කඩවත සිට පෑලියගොඩ හා කටුනායක දක්වා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් සැදුල්ලත් කණ්ඩායම් කිහිපයක් විශේෂ ආරක්ෂාවක් සපයනු ඇතැයි අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.
අධිවේගී මාර්ග පද්ධතියේ ජීවිත ගලවා ගැනීමේ සහ ගිනි නිවීමේකටයුතු ගුවන් හමුදා නිලධාරීන් බාරයට පත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.
එබැවින් අධිවේගී මාර්ග පද්ධතියේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම රාජකාරී කටයුතුවලින් ඉවත් කර නිලධාරී ඌණතාවයක් පවතින ප්‍රාදේශීය කඳවුරු වෙත අනුක්ත කිරීමට කටයුතු කරනු ඇතැයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd