
(ලාල් එස් කුමාර)
අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා වර්තමානයේ වෛද්‍යවරුන් නිර්දේශ කරන පෙති වර්ග තුනක මාත්‍රාව වෙනුවට එම පෙති තුනේම ඖෂධ ගුණය එකතු කර එක පෙත්තක් නිපදවීමේ සාර්ථක පර්යේෂණයක් කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.
එම බෙහෙත් පෙත්ත හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් කැලණිය විශ්ව විද්‍යාලීය උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලීය සනාතන මන්දිර. ශ්‍රවණාගාරයේදී පැවැත්වූවාය.
එම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ , වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකයේ ඖෂධවේදය (02) පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යක්ෂක, අසිතද සිල්වා මහතා, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති මහතා, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රණවක මහතා සහභාගී විය.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා මෙසේ පැවසීය.
අවුරුදු දහයක් තුළ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබුවා. මෙම පර්යේෂණය කළේ ලංකාවේ සිටින හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රෝහල් ගණනාවක් මුල් කරගෙන සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලය හා පර්යේෂණ ආයතන සමග එක්ව මෙම පර්යේෂණ සිදු කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කරලා, ඇස්තමේන්තු කරලා තිබෙනවා ලෝකයේ වැඩිපුරම මරණයට හේතු වන්නේ අධික රුධිර පීඩනය නිසයි. අවුරුද්දකට මිලියන දහයක් පහළොවත් අතර ප්‍රතිශතයක් ලෙස සියලු මරණ වලින් 15% වන්නේ අධික රුධිර පීඩනය නිසයි.
ලෝකයේ ජනකානයෙන් 33% කට අධික රුධිර පීඩනය තිබෙනවා, ප්‍රශ්නය තිබෙන්නේ එය පාලනය කර ගැනීමයි.
අපේ රටේ 33% කට පමණ අධික රුධිර පීඩනය තිබෙනවා. එය සුව කිරීමට බෙහෙත් නැති වුවත් , පාලනය කිරීම පමණයි කෙරෙන්නේ. පාලනය කිරීම ඉතා වැදගත්. පාලනය කිරීමෙන් හෘද රෝග, ආඝාතය , වකුගඩු රෝග වැනි රෝග වලින් මිදීය හැක.
අප සිදු කළේ ඖෂධ තුනක් එකතු කරලා එම මාත්‍රාවට සරිලන පරිදි එක ඖෂධයක් හැටියට නිෂ්පාදනය කර රෝගීන්ට පහසුවක් කිරීමයි. අධික රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන්ට එක පෙත්තක් ලබා ගැනීම පමණයි තිබෙන්නේ.
නව ක්‍රමවේදය තුළින් අධික රුධිර පීඩනය,88% කට පාලනය කර ගැනීමට පුළුවන්.
2025 නොවැම්බර් මස 04
47
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධික රුධිර පීඩනයට තනි පෙත්තක ඖෂධයක්