
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිස වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ගල්බොඩ ඥානිස්සර නාහිමියන් අනුස්මරණය කරමින් පවත්වන නැණ ඉසුර ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපනය ගොඩනැගීමේ රජයේ වෑයමට ශක්තියක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතිව වැඩ විසූ ගල්බොඩ ඥානිස්සර නා හිමි අනුස්මරණ " නැණ ඉසුර - 2026" ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය පැවැත්විණි
කොළඹ හුණපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගල්බොඩ ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල මගින් සංවිධානය කළ මෙම උත්සවයේදී පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළ අතර උසස් පෙළ අධ්‍යාපනය අවසන් වනතෙක් මෙම ශිෂ්‍යත්ව අරමුදල දරුවන් වෙත ලබා දීමට නියමිතය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නයද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd