
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය කීවාය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් පුත්තලම දිසාපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd