දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසළදී අද උදේ වාහනයක් අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් එක්ලස්ඛ තිස්තුන් දහසකට ආසන්න මුදලක් ගෙවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය එම වාහනය පැදවූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධරයාට දන්වා ඇත.
වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි, ඔය කියන කට්ටිය දැන් ඉන්නේ ආණ්ඩුව පැත්තේ කියලා අපේ ඇමති කෙනෙක් ඊයේ පෙරේද කිව්වේ. (නි)
කැකිල්ලේ ක්‍රමයනේ. ඒකයි (නි)
කුසුම් අපුරුවට විග්‍රහ කරලා තියෙනවා මෙතන නිතිය. අපේ රටේ නිතිය නැති හින්දා අහිංසක මිනිස්සු රැවටෙනවා. රක්ෂණයක් ගන්නේ මොකටද? මේවා අහලා පිස්සු වැඩි වෙනවා.චමත් කියලා තියෙන විදිය හරි. (නි)
ආචාර්ය අන්දරේ තමයි මෙතන අදහස් පල කරන එකම බුද්ධිමතා. අනේද කියන්නේ. ඔහොම යමු (නි)
අධිවේගී මාර්ගයක ලංකාවේ උපරිම වේගය සාමාන්‍ය වේගයක්.නමුත් හැමදාමත් රිය අනතුරු වෙන්නෙත් නවීන වාහන .මට හිතෙන විදියට මේ මාර්ගයේ ප්‍රමිතිය නැවත පරික්ෂාකර බැලිය යුතුයි. (නි)
හැකි ඉක්මනින් වාහනයේ රෝද හතර ගෙවිලද බලා එය ගෙවිලනම් මාරුකරගන්න (ත)
හොදම දේ තමයි සාමාන්‍ය පාරෙන් හයි ස්පීඩ් යන එක. එතකොට ගෙවන්න වෙන්නේ අහු වුනොත්නේ. (නි)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ (නි)
අයියෝ ගහෙන් වැටුන මදිවට ගොනාත් ඇනල (w)
බන්දුල මෙය ඔබට අදාලයි .වාහනේ එලවගෙන ගිහින් තියෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් (අ)
වේග සීමාවට වැඩියෙන් ධාවනය කර අලාභ හානි කරන රියදුරන්ගෙන් පමණක් මුදල් අයකරන ක්‍රමයක් සැදිය යූතුයි.(නදී)
16 / 08 / 2012 දින වැලිපැන්න අසලදී මාගේ වාහනය අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් 2,05000 . 00 ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවීමට සිදුවු අතර , ඔවුන් අලාභය වෙනුවෙන් ඉතාමත් අසාධාරණ ලෙස තක්සේරු කර ඇස්තමෙන් සකස්කරනු ලබයි.(නදී)
සෑම්, ඔබ කියන දෙය මට අවබෝධ වේ.නමුත් අප අපගේ උත්සාහය අත් නොහැරිය යුතුය (නි)
කුසුම් මම ඇත්තටම් ඔබට ස්තුතිවන්ත වෙනවා මම නොදන්නා කරුණක් ගැන ඔබගේ අදහස් වලින් ඉස්මතු කර පෙන්වීම ගැන. (නි)
"මගේ අදහස ලංකාවේ අර ඉස්සර තිබුන මුදා නොගත් ප්‍රදේශ වගේ අධිවේගී මාර්ගය ලංකාවේ තිබෙන නිත්‍යානුකුල මාර්ගයක් නෙවෙයි. , එම නිසා අධිවේගී මාර්ගයේ යන වාහන වලට රක්ෂණ ආවරණය හිමි නොවේ ," ප්‍රවාහන ඇමති තුමා කරුණාකර මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත්කර හරි විසදුමක් ලබාදෙන්න.(නදී)
ගියාට කමක් නැහැ හප්පා ගන්නේ නැතිව.(නදී)
ආරච්චිගේ,ඕවා ලංකාවේ එන්න මෝඩයන්ට කියන්න යන්න එපා. (නි)
ආනන්ද .අද ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ හරිම අමාරැ දෙයක්.හැම තැනම කරන්නේ ගසා කන එකනේ.වාහනයක් පාරට දානවා තියා පයින් යන්නත් බැහැ කොයි වෙලේ දඩයක් ගහයිද කියල දන්නේ නැහැ.බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගෙනේ (අ).
අතින් අලාභය ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට තමයි රක්ෂණ ආවරණයක් තියෙන්නේ. යකාගේ නීතිනේ මේවා. අනික අනතුරුකියන ඒවා හැම එකක්ම වලක්වගන්න බැහැ. එනිසානේ රක්ෂණයක් ගන්නේ. හැම දේකටම රියදුරන්ටම වැරදි කියන්න එපා. කාලගුණය, මහා මාර්ගේ ප්‍රමිතිය, වාහනයේ ප්‍රමිතිය, රියදුරාගේ ප්‍රමිතිය හැම දේම බලපානවා. කාලගුණය ඇර අනිත් එකක්වත් අපේ රටේ තියෙනවද කියල කියන්න අමාරුයි...(අ)
ගමගේ.ලංකාව කියන්නේ නීතියෙන් බල්ලටම ගිර රටක්.ඊටත් අහාට් ගිය රටක්. (අ)
ආනන්ද අබේය්රටනා වගේ අනතුරක් වෙලා ලක්ෂයක් ගෙවන්න සිද්ද වුන අසරණයෙක් ,ඔය අදිවීගී මාර්ග කිසිම ප්‍රමිතියකට නැහැ කියල නඩුවක් දැම්ම. අසරණය තවම ජීවතුන් අරතර එන්නවද?නැතිනම් මුහුදු වතුර බීලද?(අ)
මෙයා රජයේ නිලධාරියෙක් ද ? නැත්නම් ඇමති තුමාගේ ගෝලයෙක් ද ? (ස)
මොකට ගෙවනවද. හරි නම් අනතුර වුන කෙනාට නේද අලාබය දෙන්න ඕනේ.මුදල් අය කරන වෙලාවේ රක්ෂණයටත් මුදල් ගත්තා නම් ඉවරනෙ. (ස)
මෙලොව මිනිසුන් අඩක් උමතුවන්ය .අනෙක් පිරිස තවත් අඩක් උමතු කරවීමට රිය පදවයි. (ස)
මේක ලොකු අපරාධයක්. මිනිහෙකුට කරදරයක් වුණශම ඒ පාඩුව රජය දරන්න ඕනෑ .අපි සල්ලි ගෙවන්නේ ඒකටනේ.මම ඉතාලියේ ඉන්නේ අනතුරකදී මනුස්සයා ගැන හොයනවා මිසක් වැටවැල් ගැන බලන් නේ නැහැ. අර ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා වගේ තමා. (නි)
මෙම අධි වේගී මාර්ගයේ ඇතැමුන් වාහන පදවන්නේ පනවා ඇති වේග සිමාව ඉක්මවා . සමහරු මත් පැන් පානයෙන් පසු . සමහරු තව දුරකථනය එක අතකින් අල්ලාගෙන කනේ තබාගෙන කතා කරමින් . මහා මාරගයේ ගමන ගෙන සිත එකතැනකට නැහැ . මෙවන් වැරදි වලින් සිදුවන අනතුරු නිසා සිදුවන අලාබය රියදුරා ගෙවිය යුතුය නැතිනම් වාහනයේ අයිති කරු හෝ රක්ෂණ සමගම . මොවුන් කරන සියලුම අලාබ හානි වලට රජය විටදම් දරනවා කියන්නේ එම මුදල අප මහජනතාවගේ බදු මුදල් වලින් වේය වීමය . එනිසා මෙම සිද්දිය අප අනුමත කල යුතුය . වෙනත් රටවල සිද්දීන් අපට අවශ්‍ය නැත .(අ)
ආරච්චිගේ, මේකේ මිනිහා තුවාල වෙලා බේරිලා. අධිවේගී මාර්ගයකදී කල්පනාකාරීව රිය පදවන්න ඕනෑ.මේවට දඬුවම් නොකළොත් මේවා දිගටම සිද්ධ වෙනවා.අපේ රටේ වරදට දඬුවම් නොකිරීම තමා මේ ප්‍රශ්න ගොඩක් ඒවාට මුල.. (නි)
මාර්ගවල වල තියෙන මාර්ග සංඥා ආදියට අලාභ සිදුකලොත් දඩ ගෙවන එක ලෝකේ කොතනත් තියෙනවා. රිය පදවන්නා වැරදි නම් දඩ ගෙවිය යුතුමයි. ඉතාලියේ තියා කොහේ වුනත් මුලින්ම අනතුරට පත්වුන පුද්ගලයා ගැන තමයි හොයල බලන්නේ. ඉන්පස්සේ වැරදි කාරයට අලාභ ගෙවන්න වෙනවා. පිටරට ඉන්න අය හිතන්නේ හැමදෙයක්ම නිවැරදිව කරන්නේ ඒ අය කියලා. ලංකාවේ අය මොනවා කලත් වැරදි. නුගත් අකාර්යශීලී අය තමයි ලංකාවේ ඉන්නේ කියලා හිතාගෙන ඉන්නේ. (ස)
මේක ඕනෑම රටක නිතිය. සෞදි අරාබියේ අනතුරක් උනාම තණකොළ ගහට පවා ගෙවන්න වෙනවා.(නදී)
මාර්ග සංවර්ධන අධිකාරියට මුදල් ප්‍රශ්නයක් වද්ද? මේ ගාණත් මදෑ ඉතින් (නි)
මම නම් සත පහක් ගෙවන්නේ නැහැ. අපි බීමතින් වාහනය පදවුයේ නැත්නම්, දුරකතයනය කනේ තබා ගෙන වාහනය පදවුයේ නැත්නම්, හදිසි අනතුරක් සිදු වූ විට අපි මොකටද ,අපේ පොකට් එකෙන් සල්ලි ගෙවන්නේ? ඒක නිසා තමයි අපි රක්ෂණ ආවරණයක් ලබා ගන්නේ . අපි, අනතුරක් සිදු වූ අතින් අලාබ ගෙවනවා නම් මොකටද රක්ෂණ ආවරණ ලබා ගන්නේ? මට මේ දෙය සිදු වූවා නම් මා මාර්ග සංවර්දන අදිකාරියට කියා සිටින්නේ අලාබ ඉල්ලා එවූ ලිපිය වැරදි පාර්ශ්වයකට එවා ඇති බවත් එය මාගේ රක්ෂණ සමාගමට යොමු කරන ලෙසත් ය. මා සත පහක් ගෙවන්නේ නැති බවත්, නඩු දමා පුළුවන් නම් ඒ ලබා ගන්නා ලෙසත්ය. එම නඩුවෙන් මාර්ග සංවර්දන අදිකාරිය පරාජයට පත් වූව හොත් ,මා උසාවියෙන් ඉල්ලා සිටින්නේ මාහට වියදම් වූ [නඩු ගාස්තු ,පෙරකදෝරු ගාස්තු ] එම අදිකාරියෙන් අයකර දෙන ලෙසය. බොහෝ දෙනෙන් නඩු කීමට අකමැති නිසාත්,නිතිය ගැන හරි අවබෝදයක් නොමැති නිසාත් , ඔය එක එක රජයේ ආයතන ඉල්ලන අලාබ,වන්දි ගෙවා දමා නිශ්සබ්ද වෙති. (නදී)
වාහන රක්ෂණය කරද්දී වාහන , දේපොළ , ජීවිත කියන තුනම ආවරණය වෙනවා. රියදුරා බීමත්කමින් රිය ධාවනය කළා නම් රක්ෂණ ආවරණය ලැබෙන්නේ නැහැ. නැත්නම් මේ මුදල රක්ෂණයෙන් ගෙවන්න ඕනෑ.මොන රටේ වුණත් දේපොළ වලට පුද්ගලික හෝ රජයේ වෙන අලාබහානි වලට ගෙවන්නම ඕනෑ. ඒ නිසා තමනුත් ප්‍රවේශම් වෙලා අනුන්ගේ ජීවිතත් ප්‍රවේශම් කරලා, වාහන දේපළත් ආරක්ෂා වෙන විදියට රිය හසුරවනවා නම් තමා ඇඟට ගුණ (නි)
පත්මිණි, නිශාන් ස්තුතියි ඔබලාට. චමත් ඔබ නිවැරදියි. කියන්න කණගාටුයි ලංකාවේ බොහෝ මිනිසුන්ගේ මනස තනිකරම දේශපාලනිකරණයට ලක්වෙලා. එයින් මනස කොලොප්පන් වෙලා. සමහරු "නටන්න බැරි මිනිසාට පොළොව ඇදයි" කියන්නා සේ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ගැන කියනවා. අනතුරු වලට බලපාන පළමු කාරණය තමයි නිසි පුහුණුව හා මාර්ග නීති නොදන්නා කම. වට රවුම් මාර්ගයකදී තිබෙන නිතිය පිළිපදින්නේ රියදුරන් කීයෙන් කීදෙනාද? අනෙක තමයි රටේ නිතිය ගැන කිසිදු වැටහීමක් නොමැතිකම. (ලංකාවේ නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව වෙනම කාරණයක්.) මහ පාරේදී පෙන්වන්න හදන්නේ තමන්ගේ චන්ඩි කමේ නිතිය. මාතෘකාවට අදාල නිලධාරියා පැදවූ වාහනයේ රක්ෂණය ගැන අපට පැහැදිලි නැහැ. නමුත් නීතියෙන් වාහනයකට රක්ෂණ ආවරණයක් අනිවාර්ය වී තිබෙන විටෙක, එම රක්ෂණය මගින් හිමිකරුට තිබෙන වරප්‍රසාදය කුමක්ද? අඩුම තරමේ තමන් අතින් සිදුවූ වරදට අනෙක් පාර්ශවයට හෝ ගෙවීමක් නොකරනවා නම්, එම රක්ෂණයෙන් ඇති පලය කුමක්ද? ලංකාවේ රක්ෂණ සමාගම් "තුන්වන පාර්ශව" රක්ෂණ ක්‍රමය තුලින් ජනතාවගෙන් විශාල ගසා කෑමක් කරන බව අපට පෙනියනවා නේද? රෝද හතරේ සියලු වාහන සඳහා පුර්ණ රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුයි යන්න මගේ අදහසයි. මන්ද වාහනයක් යනු එක්තරා විදියක "ආයුධයක් " ද වන බැවිනි.(නදී)
වත්සලා,මෙහි අදහස් පලකරන සමහර අය වෙනත් රටවල සිද්ධීන් ප්‍රකාශ කරන්නේ අපේ රටේ සහ වෙනත් රටවල ඇති නීතියේ වෙනස පෙන්වීමටයි. අපේ රටේ නීතියේ ඇති දුර්වලකම් පෙන්වීමටය. ඒ ගැන ඔබ උරණ වීමට අවශ්ස නැත.(නදී)
එතකොට අපිටත් පුලුවන්ද මාර්ග අදිකරියට නදුදන්න පාරවල් මෙද්දේ වලවල් නිසා අපිට වෙන අනතුරුවලට.........(අ)
රිය අනතුරකදී, අධික වේගය, බිමත්ව රිය පැදවීම, හා වෙනත් මාර්ග නීති උල්ලංඝනය වී ඇති අවස්ථාවකදී රියදුරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාවක් තිබේ. නමුත් අදාල වාහනය රක්ෂණය කර තිබෙන ආකාරය අනුව රියැදුරා විසින් සිදුකර ඇති අලාභය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකියි. වාහන අනතුරකදී ජනතාව කලහකාරී ලෙස හැසිරෙමින් නිතිය අතට ක්‍රියා කිරීමට පෙළඹී ඇත්තේ ද මෙහි ප්‍රතිපලයක් ලෙස විය හැකියි. පුර්ණ රක්ෂණ අවරණයකදී නම්, අලාභය රක්ෂණ සමාගම ගෙවීමට බැඳී සිටියි. ලෝකයේ දියුණු රටවල නම්, අනතුරකදී අනිවාර්යෙන් අලාභය රක්ෂණ සමාගම ගෙවන නිසා කිසිවිටෙකත් ගැටලුවක් ඇති නොවේ.ලංකාවේ ක්‍රියාත්මක වන " තුන්වන පාර්ශවයේ" රක්ෂණ ක්‍රමය ගැන දෙවරක් සිතන්නට කාලය එළඹ ඇතැයි යන්න මාගේ හැඟීමයි. ලංකාවේ සමහර රියදුරන් කිසිදු රක්ෂණයක් නැතිවත් වාහන පදවා තම වාහනයට අලාභ ගැනීමටත් පෙළඹෙන අවස්ථා ඕනෑතරම් තිබේ. එවැනි අවස්ථාවල පොලිස් නිලධාරීන් නිහඬව සිටීමත් ලංකාවේ සිදුවන බව රහසක් නොවේ. (ස)
රක්ෂණ සමාගමෙන් ගන්න කියන්න (නි)
ඇඹිලිපිටියේ අපේ කොල්ලට මගේ සහය. වැරදි කරලා නිකන් ඉන්න දෙන්න බැහැ. කළ කළ දේ පල පල දේ තමා. (නි)
මම නම් හිතන්නේ සාමාන්‍ය පාරෙන් ගිහිල්ලා පොලිසියෙන් හයිස්පීඩ් ඇල්ලුවත් රු 1000ගෙවලා ගියත් ලාබයි කියලා. ගතවන කාලයෙයි වෙනස?මොකද අධිවේගේ යන්න ගිහිල්ලා අනතුරක් වෙලා ගෙවන්න උනොත් රක්ෂණ වන්දි එනකන් බලන් ඉන්නවෙයි.තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් උනොත් තමන්ගේ වාහනේ හදා ගන්න දහදුක් විඳින්න වේවි. (ස)
මහගෙදර ඇඹිලිපිටිය, නමුත් එම රටවල වෙනස නම් නීතිය කාටත් එකක් වීමයි (නි)
ලංකාවේ එහෙම වුණත් ඉතාලියේ එහෙම වෙන්නේ නෑ... (නි)
මහගෙදර ඇඹිලිපිටිය මහතාණෙනි, ඔබතුමා හරියට හරි. කොයි රටෙත් ගෙවන්න ඕනෑ වැරදිකරු නම්. ඕනැම දේකට රජයට පහර ගහන එක තමයි සමහරුන් කරන්නෙ (නි)
හරි මාර්ගයේ නොගිහින් වැටේ ගියානම් දඩ තමා.....? (නි)
මහගෙදර, පිටබැද්දර ජයා, මමත් 100% ක් ඔබ සමඟයි. රියදුරා මාර්ග නීතිය අනුව වරදක් කලත් නැතත් ඔහු සිදු කරන අලාභය මහජන මුදලින් දරන්න අපට (රජයට) පිස්සුද? මෙතන වැඩි දෙනෙක් කියනවා වගේ තමන් පුර්ණ රක්ෂණයක් අරන් තමන්ගෙන් සිදුවන අලාභ ආවරණය කර ගැනීම ඒ ඒ වාහන හිමියා සතු වගකීමක්. බොහෝ පිටරටවල වෛද්‍යවරුන් වුනත් තමන්ගෙන් සිදුවන වැරදිවලට වන්දි ගෙවන්න රක්‍ෂණ ආවරණ ගන්නේ ඒකයි. (ස)
චමත්, ඔබගේ අදහස් හරියටම හරි. නමුත් ඒ අදහස් ඉෂ්ට කරගන්න ලංකාවේ අයට යන්න තියෙන්නේ වික්ටෝරියානු මහේස්ත්‍රාත් උසාවියට නොවෙයිනේ. ලංකාවේ අගවිනිසුරුතුමියටවත් නීතිය ඉෂ්ට කරන්න බැරි තත්වයක් තියෙද්දී සාමාන්‍ය උසාවියක කටයුතු ගැන කවර කතද? (නි)
ආරච්චිගේ ,මේක අනිවාර්යෙන්ම ගෙවිය යුතයි. සෞදි අරාබියේ හයිවේ වල රට ඉදි ගහක වාහන හැපිලා ඒක කැඩුනොත් වහනය පදවපු කෙනා අලාබය ගෙවන්න ඕන. අනිත් හැම අලාබයක්ම රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතුයි. (ස)
වාහනේ ගන්න සල්ලි තියෙනවා නම් දඩ ගෙවන්න බැරි මොකද? කැඩිච්ච වැට හදන්නේ ඒ සල්ලි වලින් තමයි. ගොයියෝ, ලංකාවේ ඔක්කෝම ඉන්නේ මෝඩයෝ නෙමෙයි. ඒත් මේකේ අදහස් දිහා බැලුවාම නම් සෑහෙන මෝඩයෝ පිරිසක් ඉන්නවා කියලා හිතෙනවා (නි)
ඔබ මොනවා ලිව්වත්, කොහොමද මොහු වැරදිකාරයෙක් කරන්නේ එක හදින්ම. මමත් නිතර ඔය පාරේ යනවා. ඕනෑතරම් පාර ලිස්සන අවස්ථා තියෙනවා. බල්ලෝ පාර හරහා පනින අවස්ථා තියෙනවා. නඩු විභාගයක් නැතුව කොහොමද මේ රියැදුරු වැරදිකාරයෙක් කරන්නේ. එක සතයක් දෙන්න එපා නඩුවෙන් දිනනකම්. නැත්නම් අපිත් ඔය මරු පාරේ යන්නේ නැහැ. පුරුදු පාරේම යනවා. (නි)
ඔය ඉන්නේ තව එක්කෙනෙක්.රණා, දඩ ගෙව්වේ නැත්නම් කොහොමටත් පරණ පාරේ තමයි යන්න වෙන්නේ. හොදම දේ දඩ ගෙවන්න අකමැති අය බස් එකේ යන්න. හැබැයි ගොයියෝ ටිකට් ගන්න මතක් කරලා නැත්නම් බස් එකත් නැති වෙයි.මේ වගේ අයත් එක්ක කොහොමද රටක් හදන්නේ?පුලුවන් නම් කියයි හයිවේ එක වහලා දාන්න කියලා (නි)
මමත් කියන්නේ එහෙම තමයි කරන්න ඕනෑ. එතකොටවත් විනයක් ඇතිව වාහන පදවයිනේ. ඔය එකක් දෙකක් ඔහොම කරනකොට අනික් කට්ටිටය ඉබේටම හැදෙයි (නි)
සමහර තැන් වල නිසි ප්‍රමිතියට පාර සාදලා නැහැනේ. ලිස්සන සුළුයි. (නි)
ඔය අධිවේගී මාර්ගය නඩත්තු කරන්නේ මාර්ග සංවර්ධනේ නම් ආදායම ලබන්නේ චීනය නම්, දඩ ගෙවන්නේ අසරණ මගියා නම් නියම ආශ්චර්යය... සබරගමුවේ අපිට නම් පුරුදු පාර හොදා. (නි)
රටේ නීතියක් තියෙනවා නම් ඒක කාටත් පොදුවෙන්න ඕනෑ. නීති පොත්වල එක එක්කෙනාට වෙන වෙන නීති නැහැ. ලංකාවේ තියන නීතිය අමුතුම ලෝකේ කොහෙවත් නැති එකක්. මිනීමරලා ස්ත්‍රී දූෂණය කරපු සමහරු යහතින් අගේට ඉන්නවා. කුඩු ගෙනල්ලා කෝටිගණන් හම්බකරලා අහිංසක ජීවිත අමාරුවෙ දාපු කෙරුමෝ මිනී මරලත් රජවෙලා ඉන්නවා. කුඩු ග්‍රෑම් තුනක් තිබුණු මිනිහෙක් අල්ලාගෙන මරණ දඬුවම දෙනවා. පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න තමුන් කොහෙද ඉන්නේ කියලා. ලෝකේ තව මෙහෙම රටක් තිබෙනවද? (නි)
ආරච්චිගේ මහත්මයා ඉතාලියේ කිව්වට ඒ රටේ වාහන පදවන බව නම් ලියා තිබෙන අදහසෙන් පෙනෙන්න නැහැ. රියදුරන් කරන වැරදි වලට රජය වන්දි ගෙවනවා යයි පැවසීමත් විහිළුවක්. මන්ද රජය යනු මහා ජනතාවයි. රජයේ මුදල් යනු ජනතාවගේ මුදල් වේ. වාහනයක් මාර්ගයට ප්‍රවේශ වීමට රක්ෂණ ආවරණයක් තිබීම අනිවාර්ය වෙන්නේ කිසියම් අනතුරක් සිදු වුවහොත් ඒ සඳහා වාහන හිමිකරුට මෙන්ම විශේෂයෙන් අනෙක් පාර්ශවයන්ට සිදුවන අලාභ හෝ වන්දි ලබාගැනීමට තමයි. මාර්ග නීති උල්ලංගනය කිරීමේදී ගෙවිය යුතු දඩය හා අනතුරකදී ගෙවිය යුතු අලාභය යන්න කාරණා දෙකක්. යම්කිසි විදියකින් මගියෙකු අනතුරට පත්වී යම් ආබාධිත තත්වයකට පත් වුවහොත් රියදුරෙකුට ඒ සඳහා "නිසි" වන්දි මුදලක් ගෙවිමට හැකියාවක් තිබේද? ලෝකයේ කිසිම රියදුරෙකු හිතාමතා අනතුරක් සිදුකර ගන්නේ නැත. නමුත් ලංකාවේ රියදුරන් කිසිදු විනයකින් තොරව රිය පැදවීමට හුරුවී සිටියි. මාර්ග අනතුරු බහුල වීමට හේතුව වන්නේ ද එයයි. රථවාහන අංශය භාර පොලිස් නිලධාරීන් අවිනීත රියදුරන්ගේ සුළු වැරදි වලට දඬුවම් නොදී ,ඔවුන්ට ලැබෙන සන්තෝසම් මුදල ගැන පමණක් සිතා රියදුරන් නිදහස් කිරීමෙන්, රියදුරන් තම වැරදි දිගින් දිගටම කිරීමට පෙළඹීම තුලින්ද රට තුල විශාල අනතුරු රාශියක් දිනපතා සිදුවේ. (නි)
කුසුම් ඔබ 100% හරි. මම එකගවෙනවා (නි)
මටනම් මේ ප්‍රස්නේ අදාල නැහැ.. (ත)