නවීන පන්නයේ වෑන් රථ වලින් දක්‍ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප‍්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි සියලුම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පොලිස් අධ්‍යක්‍ෂකවරයා නියෝග කර ඇත.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන 11 වැනි දා සිට පරික්‍ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කරන ලෙස අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා විසින් සියලුම අධිවේගී මාර්ග පොලිස් මුරපොළ වෙත දැනුම් දීමෙන් පසු වාහන පරික්‍ෂාව ආරම්භ වී ඇත.
බලපත‍්‍ර රහිතව හොරකම් කරන ලද ගවයින් පටවාගෙන අධික වේගයෙන් ගමන් කරමින් තිබූ නවීන පන්නයේ වෑන් රථයක් පසුගිය 9 වැනි දා පෙරවරු 7.30 ට පමණ අනතුරට පත්වීමේ සිද්ධියෙන් පසු දීර්ඝ කාලයක සිට මෙම මාර්ගය උපයෝගී කරගෙන හොර හරක් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධින් හෙළි කරගැනීමට හැකි වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි.

![20150909_075043[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0750431.jpg)
![20150909_075255[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0752551.jpg)
![20150909_075310[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0753101.jpg)
![20150909_075653[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0756531.jpg)
![20150909_075657[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0756571.jpg)
![20150909_081508[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150909_0815081.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංතීරුව වසානොදමා මාර්ගයේ ඇවිදයාම තවත් අනතුරකට අතවැනීමකි (නි)
අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හොර හරක් කසල තේ ව්‍යාපාර කරන්නේ එකම ජාතියක් (බ)
නම් ගම කියන්නේ නැහැ ,මොකෝ ජාති වාදේ ඇවිස්සෙන වනේ ,අනික් එක ඒවා යට යනවා ,හජ්ජි එකට කොච්චර මේවගේ ගෙනියන්න ලැස්ති කරන ඉන්නවද ?අරෙහෙ මහා ඔය කිරි ගොවියන්ට පිට්ටනි වලින් හරක් අයින් කර ගන්න කියලා ,ඔක්කොම ලේබ්බේගේ මස් කඩේට තමයි ,එ්කට මොකෝ සිංහලයෙකුට කෙල වුනහම ,අර ගොල්ලන්ගේ සහයෝගය අවශයිනේ (බ)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ... (නි)
මේ වෑන් එකේ ගෙනියන්න පුළුවන් කිලෝ 1000යි. නමුත් ගවයින් කීදෙනෙක්ද? රියදුරු සහ සහයකගේ බරත් එක්වෙනවා. (නි)
හරක් හොරකම් කරන අය අල්ලන එක වෙනම දෙයක්. ඒත් නීතිවිරෝධී වැඩකරලා අනතුරු වුණොත් වාහන වන්දි වගේ දේවල් ලැබෙන්නේ නැති විදිහට නීති ප්‍රකාශ කරනවා නම් යම් විදියක පාලනයක් කරන්න පුළුවන් (නි)
මේවා නවත්වන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
අධිවේගයෙන් යන්න වාසනාව තිබුණත් අන්තිමට ඉතින් ඒ අහිංසක සතුන් මියයනවනේ... (නි)
හෙන ගහන අපරාද (බ)
පළමුව හොඳ සෝදිසි මෙහෙයුමක් කරලා හිටියා නම් තමා හොඳ. (නි)
සර්වාගමික සියලු දෙනාගේ දැනගැනීම පිණිස මේ සියලුම සතුන් ගෙනියනු ලබන්නේ ඔව්න් අදහන දෙයියන්ගේ නාමයෙන් බෙල්ල කපා යාග පැවැත්වීමට වේ .(අ)
කවුද මේ හොරු? නම් ගම් පළකරන්න පුලුවන් නම් (නි)
අධිවේගයේ වාසිය නීතිවිරෝධී දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි (නි)