IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගේ යන හරක් ගැන හොයයි

නවීන පන්නයේ වෑන් රථ වලින් දක්‍ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප‍්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි සියලුම පොලිස් මුරපොළ වෙත අධිවේගී මාර්ග පොලිස් අධ්‍යක්‍ෂකවරයා නියෝග කර ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන 11 වැනි දා සිට පරික්‍ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ  කරන ලෙස අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඩී.ඒ.ධනංජය මහතා විසින් සියලුම අධිවේගී මාර්ග පොලිස් මුරපොළ වෙත දැනුම් දීමෙන් පසු වාහන පරික්‍ෂාව ආරම්භ වී ඇත.

බලපත‍්‍ර රහිතව හොරකම් කරන ලද ගවයින් පටවාගෙන අධික වේගයෙන් ගමන් කරමින් තිබූ නවීන පන්නයේ වෑන් රථයක් පසුගිය 9 වැනි දා පෙරවරු 7.30 ට පමණ අනතුරට පත්වීමේ සිද්ධියෙන් පසු දීර්ඝ කාලයක සිට මෙම මාර්ගය උපයෝගී කරගෙන හොර හරක් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධින් හෙළි කරගැනීමට හැකි වී ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි.

20150909_075043[1] 20150909_075255[1] 20150909_075310[1] 20150909_075653[1] 20150909_075657[1] 20150909_081508[1]



අදහස් (0)

අධිවේගේ යන හරක් ගැන හොයයි

බණ්ඩාර-ඕස්ට්‍රේලියා Sunday, 13 September 2015 01:18 PM

මංතීරුව වසානොදමා මාර්ගයේ ඇවිදයාම තවත් අනතුරකට අතවැනීමකි (නි)

:       0       0

ප්‍රභා Sunday, 13 September 2015 03:11 PM

අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හොර හරක් කසල තේ ව්‍යාපාර කරන්නේ එකම ජාතියක් (බ)

:       0       0

සුරේන් Sunday, 13 September 2015 04:23 PM

නම් ගම කියන්නේ නැහැ ,මොකෝ ජාති වාදේ ඇවිස්සෙන වනේ ,අනික් එක ඒවා යට යනවා ,හජ්ජි එකට කොච්චර මේවගේ ගෙනියන්න ලැස්ති කරන ඉන්නවද ?අරෙහෙ මහා ඔය කිරි ගොවියන්ට පිට්ටනි වලින් හරක් අයින් කර ගන්න කියලා ,ඔක්කොම ලේබ්බේගේ මස් කඩේට තමයි ,එ්කට මොකෝ සිංහලයෙකුට කෙල වුනහම ,අර ගොල්ලන්ගේ සහයෝගය අවශයිනේ (බ)

:       0       0

යෝනක Monday, 14 September 2015 06:43 AM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ... (නි)

:       0       0

පෙරේරා Sunday, 13 September 2015 06:05 PM

මේ වෑන් එකේ ගෙනියන්න පුළුවන් කිලෝ 1000යි. නමුත් ගවයින් කීදෙනෙක්ද? රියදුරු සහ සහයකගේ බරත් එක්වෙනවා. (නි)

:       0       0

ශාන් Sunday, 13 September 2015 06:52 AM

හරක් හොරකම් කරන අය අල්ලන එක වෙනම දෙයක්. ඒත් නීතිවිරෝධී වැඩකරලා අනතුරු වුණොත් වාහන වන්දි වගේ දේවල් ලැබෙන්නේ නැති විදිහට නීති ප්‍රකාශ කරනවා නම් යම් විදියක පාලනයක් කරන්න පුළුවන් (නි)

:       0       0

මුදලිගේ Sunday, 13 September 2015 07:09 AM

මේවා නවත්වන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ඩෙස්මන් Sunday, 13 September 2015 07:09 AM

අධිවේගයෙන් යන්න වාසනාව තිබුණත් අන්තිමට ඉතින් ඒ අහිංසක සතුන් මියයනවනේ... (නි)

:       0       0

සාලින්ද Monday, 14 September 2015 11:41 AM

හෙන ගහන අපරාද (බ)

:       0       0

සුනෙත් Sunday, 13 September 2015 11:42 AM

පළමුව හොඳ සෝදිසි මෙහෙයුමක් කරලා හිටියා නම් තමා හොඳ. (නි)

:       0       0

ලක්මාල් Monday, 14 September 2015 03:29 AM

සර්වාගමික සියලු දෙනාගේ දැනගැනීම පිණිස මේ සියලුම සතුන් ගෙනියනු ලබන්නේ ඔව්න් අදහන දෙයියන්ගේ නාමයෙන් බෙල්ල කපා යාග පැවැත්වීමට වේ .(අ)

:       0       0

දර්ශා Sunday, 13 September 2015 12:06 PM

කවුද මේ හොරු? නම් ගම් පළකරන්න පුලුවන් නම් (නි)

:       0       0

ලසන්ති Sunday, 13 September 2015 12:47 PM

අධිවේගයේ වාසිය නීතිවිරෝධී දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site