(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ආපදා රථයක් එකිනෙක ගැටීමෙන් ජීප් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයිද, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයිද දක්ෂණ අධියේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
ඊයේ(25) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
මියගිය එක් කාන්තාවක්, පිළියන්දල සිද්ධමුල්ල පදංචි 70 හැවිරිදි තැනැත්තියක බවත්, අනෙක් කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
කරන්දෙණිය ප්‍රදේශයේ මළ ගෙදකට ගොස් නැවත කොළඹට පැමිණෙමින් සිටියදී ආපදා රථයේ ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් ජීප් රථයට බරපතල හානි සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන්ට කඩුව අහු උනා වගේ. මේකේ යන සමහර අයට ඔහොම වෙනවා. නැත්නම් ඉස්ස්සරහින් යන වාහනේක පැයට කි.මි (සමහර විට 120 ත් ඉක්මවලා ) ගිහින් හප්පගන්නේ කවුද? මේ පාරේ යන 90 % දෙනාම මේකේ උපරිම වේගයක් දමල තියෙන්නේ ඇයි, වාහනයක් යන්න ඕන මොන මං තීරුවෙද, ඉස්සර කරන්නේ කොහොමද , ඉස්සර කිරීමේදී " සිග්නල් " භාවිතා කරන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. මේක පහුගිය දිගු සති අන්තේදි ගොඩක්ම දකින්න තිබුන දෙයක්.ඔහේ සිග්නල් දමාගෙන පිස්සෝ වගේ යන අයත් ඉන්නවා. රාත්‍රියට පාර පේන්නේ නැහැ. මොකද වෙන රටවල් වල වගේ මේකේ හැම තැනම වීදි පහන් නැහැ.ඕවා හිතට අරගෙන නොගියොත් ගමන මිනීපෙට්ටි සාප්පුවකින් කෙලවරවීම අනිවාර්යයි.මම ඔය හේතු නිසාම අධිවේගයේ රෑට යන එක නවත්තලා හුඟක් කල්.
මෙහෙම ගියොත් අධිවේගී මාර්ගවලත් වේග සීමා කිමී 60 දක්වා අඩුවීමට ඉඩ ඇත.
ඔහොම වෙන්න ලොකුම හේතුවක් තමයි හෙමිහිට යන ලොරි වගේ වාහන. පහුගිය කාලේ වුන අනතුරු වලින් හුගක් ඒවා ඔහොම හිමින් යන වාහන වල හැප්පිලා සිදු වෙන දේවල්. සමහර වෙලාවට මේවට පිටිපස්සේ ලිප්ට් හරියට නෑ. සල්ලි ගන්න ඕනේ නිසා එන හැම වාහනේම නොදා අඩුම ගානේ 80 ටවත් යන්න පුළුවන් වාහන ඇතුළු කරනවානම් හොදයි.සමහර වෙලාවට හිමින් යන වාහන ඉස්සර කරන්න බැහැ පස්සෙන් එන එකක් ඊට කලින් දානවා . එතකොට අර මනුස්සය හිමින් යන වාහනේ වදිනවා. ඉස්සර කරන වෙලාවට අනිත් මිනිහට මොකද වෙන්නේ කියලත් බලන්න ඕනේ.
මංජු ඔයාගේ කතාව ඇත්තක්. නමුත් ඉස්සරහින් හෙමින් යන වාහනේකට නිකන් සාමාන්‍ය පාරේදී 40 -50 යන වාහනයකට උනත් ඉස්සර කරනවානම් මොළයක් තියන රියදුරෙක් පැති කන්ණාඩිය සහ මැද කන්ණාඩිය බලලා පාර "ක්ලියර් " නම් තමයි ඉස්සර කරන්නේ. මේක අධිවේගේටත් එකයි කොහෙටත් එකයි.නැතුව අධිවේගේ හෙමින් යාමම නෙමේ ගැටලුව.
මංජුගේ අදහසට මම එකගයි. මේ දේ වෙනවා හැම තිස්සෙම. කවුරුවත් නෑ මේවා පරීක්ෂා කරන්න.රෑට මේ තත්වය අති භයානකයි. අපරාදේ ජීවිත.
කොහොම කිව්වත් කන්නාඩි වලින් පේන්නේ නැති තැනක් තියෙනවා. අපි ඉස්සර කරන්න බලන කොට එකපාරටම හයියෙන් එන වාහනයක් නොපෙනී යන්න පුළුවන්. මේක රියදුරුගේ දක්ෂතාවය,පළපුරුද්ද අනුව තීරණය වෙනවා.