IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අධිවේගී මගේ බසයක් ගිනි ගනී

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 15.4  ප්‍රදේශයේදී (ජා ඇල )ලංගම බසයක් ගිනි ගත්තේය.එහි සිටි මඟීහු 45 දෙනා බසයෙන් පැන දිවි බේරා ගත්හ.

කාර්මික දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි ලංගමය පවසයි.

 

 



අදහස් (0)

අධිවේගී මගේ බසයක් ගිනි ගනී

සමන් ප්‍රදීපා Thursday, 13 February 2014 04:42 PM

කෝ පාරේ වාහන නැහැ නේ ,අනේ සල්ලි ,මම හිතුවේ එකදිගට වාහන එනවා කියලා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 13 February 2014 04:46 PM

මිනිස් ජීවිත බේරුනා ඒ ඇති. බස් රථය නම් පසුව අලුත් වැඩියා කරගන්න පුලුවන්නේ. ඒත් මිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ ගමන් ආරම්බයට පෙර දැඩි පරීක්ෂණයට ලක් කරන්න.(නදී)

:       0       0

සංජු Thursday, 13 February 2014 04:53 PM

අඩු ප්‍රමිතියට ඉන්දියාවේ හදන බස් ලංකාවට ගේන්නේ.(නදී)

:       0       0

ජයසංක Thursday, 13 February 2014 04:53 PM

තුට්ටු 2කෙ ඉන්දියන් බස් නේ. මීට කලිනුත් ටාටා ඒ සී බස් එකක් වව්නියාවේදී ගිනිගත්තා මතකයි.(නදී)

:       0       0

ගීත් Thursday, 13 February 2014 06:13 PM

ෂුවර් එකටම ඉන්දියක් බස් එකක් වෙන්න ඇති.(නදී)

:       0       0

ජානි Thursday, 13 February 2014 07:28 PM

මමත් ඔය බස් එකේ තමයි ගියේ. බස් රියදුරයි කොන්දොස්තරයි ඔක්කටම කලින් බැහැලා දිව්වා. ඔන්න ලංගමේ තත්වේ. අනික එක දොරයි තිබ්බේ. අපි දොරගාවට එනකොට බස් එක දුමෙන් පිරිලා ඉවරයි. 99 බේරුනේ. (නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 13 February 2014 07:49 PM

ජානක ජයසිංහ ,මම කිව්වට පස්සේ හරි වැඩේ වෙනවා නම් ලොකු දෙයක්. (නදී)

:       0       0

වසන්ත Thursday, 13 February 2014 09:13 PM

වාහනවල ගිනි නිවන උපකරණයක් තරන්න ඕනේ (අ)

:       0       0

මොහාන් Thursday, 13 February 2014 01:27 PM

ලංගම වෙන මුකුත් කියල නැද්ද ? (නදී)

:       0       0

සරත් Thursday, 13 February 2014 01:36 PM

ඕවා නම් හැම තැනම වෙන්නේ මෙයා.(නදී)

:       0       0

දොන් පෙරේරා Thursday, 13 February 2014 01:44 PM

දැන්වත් මේ ඉන්දියන් කසිකබල් බස් ගෙන්නන එක නවත්වන්න.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 13 February 2014 02:21 PM

මගේ අම්මෝ, බලපු ගමන් ඇග හිරි වැටිලා ගියා .මමත් දෙපාරක් ඔය බස් වල ගිහින් තියනවා. දාල තියන බස් හොදයි ,එත් මේ වගේ අනතුරු වලදී බස් රථයෙන් එලියට එන්නට එක දොරක් තියන හින්දා අපහසුයි. මේ බස් රථයේ ගුවන් මගින්ද සිටින නිසා ඔවුන්ගේ ගමන් මලු කරුණාකර ආරක්ෂා කරන්න. මගීන්ගේ ආරක්ෂාව සදහා දොර දෙකේ බස් මේ මාර්ගයට යොදවන ලෙස ලංගම බලදාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .(නදී)

:       0       0

කවිඳු පෙරේරා Friday, 14 February 2014 01:59 AM

ජානි- ඔබ මෙන් එහි සිටි සියළු දෙනා දිවි බෙරගත්තු එක ලොකු අස්වැසිල්ලක්. මොනවා හරි වුන ගමන් මාරු වෙන එක/පැනල දුවන එක ලංගමට අමුතු දෙයක් නෙමෙයි නේ... ලඟදි දවසක මගේ වාහනේ, ලංගම බස් එකක වැදුණු බයිසිකලයක් විසි වෙලා ඇවිත් වැදුන. බස් කාරය එයාට ඩමේජ් නෑ කියල යන්න ගියා... මට තමයි පොලීසි ගානෙයි ඉස්පිරිතාල ගානෙයි, සාක්කි දෙන්න උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වුනේ. (දී)

:       0       0

අල්විස් Thursday, 13 February 2014 03:13 PM

ලංගමය ඉතින් වෙන මොනවා කියන්ටද.? වෙන රටවල වගේ හයිවේ බස් ධාවනයට පෙර කාර්මිකයින් ලවා චෙක් කරවන්නේ නැති එකයි වරද.(නදී)

:       0       0

රංග Thursday, 13 February 2014 03:22 PM

මනෝජ් ගේ අදහස හරි, මට 2 පාරක් බස් මාරුකරන්න වෙලා තියෙනවා දකුණු අධිවේගේ, එක පාරක් ප්‍රශ්නය උනේ ඩිසෙල් ලීක් එකක්. අනික් පාර වෙන මොකද්ද ප්‍රශ්නයක්. මේ සමහර බස් ඇතුලට වතුර එනවා වහිනකොට. හිටගන්නත් බෑ නේ අදිවේගේ නිසා. පොඩ්ඩක් හොයල බලන්න .(නදී)

:       0       0

ගයාන් Thursday, 13 February 2014 03:35 PM

මේ බස් කිසිම සුවපහසුවක් නැහැ. බෙල්ට් ගැලවිලා සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ. මම කීප වරක් ගියා ඔය බස් වල බෙල්ල රිදෙනවා ගමනාන්තයේදී.(නදී)

:       0       0

අනුර Thursday, 13 February 2014 03:37 PM

ඉන්දියන් බස් වෙනුවට ජපන් බස් දැම්මා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඡානක ජයසිංහ Thursday, 13 February 2014 03:40 PM

මනෝජා ඔය කියනකල්ලු හිටියේ.(නදී)

:       0       0

දර්ශන නවරත්න Thursday, 13 February 2014 04:03 PM

බස් එකකට දොර දෙකක් දන්න එක තමා හොද(දිල්)

:       0       0

ප්‍රදීප් Thursday, 13 February 2014 04:12 PM

ලංගම බස් එකක් නෙමෙයිනෙ මේක ලොක්කෙක්ගේ බස් එකක් නේද ? (නදී)

:       0       0

මහින්ද ඉතාලි Thursday, 13 February 2014 04:12 PM

මේ බස් රථ වලට ගිනි නිවීමේ උපකරණ අනිවාර්ය කලයතු අතර රියදුරන්ට ඒ සඳහා පුහුණුවක්ද දිය යුතු වෙනවා. මොකද අධිවේගී මාර්ගවල මෙවැනි අනතුරු වලදී රියදුරන් විසින්ම තම ආරක්ෂාව සපයා ගන්නේ නම් අනතුරේ විනාශය අවම කර ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 70 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site