දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරට දඩ කොලයක් දුන් බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් ගුණසේකරට සහ උප පොලිස් පරීක්ෂක දුෂාන් කුමාර බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව දෙසැම්බර 10, 11 සහ 16 විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
2009 මැයි 25 වැනි දා කොස්තාපල් සුමින්ද රුපියල් දහසක සහ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය දා නඩු පැවරීය.
විත්තිකරුවෝ ඇප පිට සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසංග ගේ කතාවේ ඇත්තකුත් තියනවා. හැබැයි හුඟක් වෙලාවට "ක්‍රම සහ විධි " භාවිතයෙන් ගැලවිලා යන්න පුළුවන්.මේ මගේ පුද්ගලික අත්දැකීම් ! (නි)
දඩ කොලේ නඩුවට මොකද වුණේ? (නි)
මට නම් තවම මොකුත් හිතාගන්න බැහැ (නි)
අනේ මන්දා, මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
එතකොට දඩ කොලයයි, අල්ලස් ගැනිල්ලයි අතර යම් සම්බන්ධයක් තිබේද? (නි)
ලංකාවේ දේශපාලක උත්තමයන්ට ඔහොම කරන එක මමත් අනුමත කරන්නේ නැහැ (නි)
එතකොට දුන්න දඩ කොලයට මොකද වුණේ දන්නෙ නැහැ නේද .....? (නි)
අපි මේ රට ආසියාවේ ආශ්චර්යවත් රටක් බව අමතක නොකළ යුතුයි (නි)
රෙජී, පහුගිය කාලෙ දේශපාලකයන් සම්බන්ධව තිබුන නඩු වලදී පොලිසිය "අපක්ෂපාතීව " ක්‍රියා කළ අන්දමට මේකත් කරයි. අහිතක් හිතන්න එපා (නි)
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)
පී සී හරි දේ කළා. තවත් සමහරු හිතාමතාම ඔහුට විරුද්ධව කටයුතු කරනවා.ඕක තමා ලංකාවේ සංස්කෘතිය. මේ සංස්කෘතිය කවුරුන් හෝ අනුමත කරනවාද? (නි)
නොදැක්කා වගේ හිටියා නම් ඉවරනේ. (නි)
පීසීට දැන් මොනවා හිතෙනවද දන්නෙ නැහැ (නි)
ලංකාවේ කොන්ඩය බැදපු චීන්නු ඉන්නවා කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදියි (නි)
කලබල නොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පීසීට සාධාරණයක් ඉටුවෙන බව මට විශ්වාසයි (නි)
අල්ලස් හා දුෂණ කොමිසම කියන්නේ ජනතා සුභ සිද්ධිය සඳහා යොදාගත හැකි උගුලක් වැනි දෙයක් (නි)
මොනවා කරන්නද? දැන් ඉතින් එන හැටියකට මුහුණ දෙනවා මිසක් (නි)
මම නම් මේ දේවල් වලට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඒ පුද්ගලයා රැකියාවෙන් ඉල්ලා අස්වෙනතුරුම හිටියේ ඇයිද මන්දා නීතිය ක්‍රියාත්මක වෙන්න? ඇයි 2009 සිදුවීමක් 2014 වෙනතුරුම හිටියේ? (නි)
එතකොට ඒ රාළහාමිට ගහලා වාහනය ගිනිතියපු අය සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද? (නි)
අපිත් බලා ඉන්නේ තීන්දුව දෙනතුරුයි (නි)
මේ රටේ නම් වරදක් කළොත් පොඩි මිනිහත් එකයි,ලොකු මිනිහත් එකයි.දෙන්නාටම බෙදන්නේ එකම හැන්දෙන්. (නි)
පොලිස් මහත් වරුනි නීතිය අනුව තමන්ගේ රාජකාරිය කරන්න ගියොත් දේශපාලකයන්ගෙන් ගැලවීමක් නැත. ප්‍රවේසම් වන්න. (ස)
එතකොට හොර අංක තහඩුවක් ගහගෙන ගිය දේශපාලකතුමාගේ නඩුවට මොකද වුණේ? 2009 ඉඳලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අවුරුදු 5 කටත් වැඩිය මොකද කළේ මේ නඩුව දාන්න? (නි)
ආශ්චර්ය දෝරේ ගලනවා (අ)
මේවා ජනතාව මතක තියාගෙන හිටියොත් මෙවැනි දේවලට දිය හැකි හොඳම පිළිතුර එයයි. නමුත් ජනතාවට බත් පාර්සලය ඉදිරියේ අතීතය මැකෙනවා දේශ පාලනය කරන අය පළමුවෙන් ඉගෙන ගන්නේ ඒක. එයාල ඒක දන්නවා. (නදී)
කාට අයිති රටකද අප්පා අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තිබෙන්නේ. (නදී)
මේ විදිහට එක එක පුද්ගලයා බලල නීතිය ක්‍රියාත්මක වෙනකොට හිතට පුදුම බියක් දැනෙන්නේ. (නදී)
වැටත් නියරත් ගොයම් කාපි නම් කාට පවසම් ඒ වගත් (අ)
මේක තමයි අන්තිමට වෙන්නේ. ඇමති කියයි "මම මෙයාල චෙක් කරන්න තමයි අල්ලස් දුන්නේ" කියල. කල වැරැද්දට දඩ කොලේ ලියනකොට ඇමති කටවහන් හිටියේ නැනේ. අනිවාර්යෙන් කියනවා මන් අහවල් ඇමති කියල. එහෙම කියනකොටත් දඩ කොලේ ලියන්නේ අර මනුස්සය නීතිය හරියට කරන නිසානේ. දැන් කට්ටිය සාක්කි එක්ක ම ඔප්පු කරලා පෙන්නයි අල්ලස් දුන්න කියල. ඒ වෙලාවේ ඇමතිගේ වාහනේ ඕනෑතරම් කට්ටිය ඉන්නැති නේ. ඕව කියනවල චීන්නුන්ට. මෙයාලට චන්දෙ දෙන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවනේ මේ රටේ. (අ)
අසරණ පොලිස් නිලධාරියාට බුදු සරණයි! (නි)
අපි නම් හිතුවා ඔහොම වෙයි කියලා (නි)
ඔය වැඩේ කරන්න ප්‍රමාදද මන්දා නේද? (නි)
ඒකනේ අපි කියන්නේ දැක්කත් නොදැක්කා වගේ ඉන්න කියලා (නි)
මෙවැනි පුද්ගලයන් නැවත ජනතාව හොයාගෙන එන දවසක් ළඟ ළඟම එනවා බලමු එතකොට. (නි)
රාළහාමිට සාධාරණය ඉටුවේවා! (නි)
වෙන කෙනෙක් අල්ලගන්න තිබුනනේ (නදී)
මට කියන්න ඕනෑ දේ මම කියන්නේ නැහැ (නි)
බලමු මොකද වෙන්නේ කියලා. උඩ ඉන්න දෙවියන්වත් බලා ගනිත්වා! (නි)
කෙහෙල් ගහට කොටලා හොට පැටලුනාට මොකුත් කරගන්න බැරි අහිංසකයින් කී දාහකට නම් පුංචි වරදටත් හැංගිලා ඉඳලා අමාරුවේ දානවද? (නි)
එතකොට පීසීගේ කාර් එක ගිනි තියපු නඩුවට මොකද වෙන්නේ? (නි)
පීසී මහත්තයා හොඳට නඩුවට සූදානම් වෙලා යන්න (නි)
පීසී මහත්තයාට සාධාරණය ඉෂ්ට වේවා! (නි)