දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමන් වාර වෙන් කීරීමේදී මැරයනට ඉඩ නොදෙන්නැයි ඇමැති චන්ද්‍රසිරි ගජධිර හා නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය මහත්වරු මාතර බස් නැවතුම් පොළේදී මර්ගස්ථ මගී ප්‍රවාහන කොමිසමට උපදෙස් දුන්නේය.
ඔවුන් මෙහි පැමිණියේ ලක්ෂමී සජින්තා මහත්මිය තමා පදවන බසයට නියමිත ගමන් වාරයක් නොලැබෙතියි කියමින් අද(23)ආපදා සංඥා කුළුනට නැඟ විරෝධය පෑම නිසාය.
පැය හතරකට පමණ පසු ඇය බිමට බැස්සේ ගජධිර මහතා සහ ජයසුරිය මහතා ඇයගේ ප්‍රශ්නය විසදිමට ඉදිරිපත් වු පසුවය.
සඳුදා (24) සිට ඇයට ගමන් වාරයක් ලබා දෙන බව ඔවුහු කීහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම තැනම මෙහෙම තමයි. මැරයෝ සහ දේශපාලුවෝ තමයි රජ කරන්නේ මෙයාගේ ආරක්ෂාව ගැනත් රජය බලන්න වේවි ඔය කියන විදිහට අනාගතයට මීට වඩා කරදර ඇතිවෙන්න පුළුවන්.(හේ)
ඉසුරන්දි නෝනාට දෝහා වල කොහොමටත් විලාසිතා කරන්න ලැබෙන්නේ නැතුව ඇති. (නි)
ලංකාවේ හැටි ඔහොම තමයි ලංකාවේ වගකීමක් දරණ රැකියාවක් කලත් පිටරට යන්න වුනේ දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය නිසා. (නදී)
ගමන් වාරයක් හදාගන්න මෙච්චර අමාරුද ?? කඩේ යන අය දැම්මහම වෙන දේවල් තමා. (දී)
දිරිය කතක් දුර්වල ලෙස දකින්න එපා. හැම තැනම තිබෙන්නේ අයුක්තිය. (නදී)
ඉසුරන්දි කාන්තාවක් වුණත් මොනතරම් පටු විදියටද හිතන්නේ ? මේ රියදුරු මහත්මිය තමන්ගේ පවුලටත් රටටටත් බරක් නොවී යමක් හරිහම්බ කරගන්න මේ ඔක්කොම කරන්නේ. මම නම් මේක විහිළුවක් හෝ විලාසිතාවක් කියලා හිතන්නේ නැහැ. (නි)
නියම උත්තරීතර ගැහැණියක් (නදී)
අද රටේ පුදුම තත්වයක් ඇති වෙලා තියෙන්නේ. නීතියක් ඇත්තෙම නැහැ. සාමාන්‍ය මිනිහෙකුට යුක්තිය ඉටු කරගන්න නම් මේවගේ අවදානම් තැනකට නැගල උපවාසයක් කරන්නම ඕනේ. නැත්නම් මැරයන්ට, කුඩ්ඩන්ට ඕනේ විදියටය් වැඩ. (නදී)
අක්කේ ඔයානම් සැබෑම දිරිය කාන්තාවක් (දී)
ඇමතිතුමනි, ඔබතුමා ගෞරවනීය චරිතයක්. කුඩු හා එතනෝල් මැරයන්ට විරුද්ධවත් සටනක් දියත් කරන්නකෝ. (නි)
මේ ප්‍රශ්නේදී ඒ කාන්තාව අසරණයි.(හේ)
කියන්නේනම් කාන්තාවන්ට සමතැන. (ර)
අලුත්ම ස්ටයිල් එකද මේ? ලගම ගහකට හරි කණුවකට හරි නැග්ගොත් ඉල්ලන ඕන දෙයක් කරගත්තහැකි (නදී)
මේක බැරිම තැන ගත් පියවරක් වෙන්න ඇති. (නි)
ඒතුමියගේ ධෛර් සම්පන්න භාවයට ස්තුති කළ යුතුයි. මහජනයාගේ දෛනික කටයුතු වලට බලපාන ස්ථාන කොතරම් දුරට මැර කල්ලිවලින් පාලනය වෙනවාද යන වග මෙයින් පේනවා (නදී)
ඇය මගේ ලොවේ එකම වීරවරියි , ඇය අසාධාරණයට විරුද්දව නොබියව තනිව සටන් කළ එඩිතර කාන්තාවකි.(දිල්)
අනේ ලංකාවේ පොලීසිය! (නි)
බණ්ඩා, එහෙම තමා හැමතැනම. රටට යන කල මොකක්ද? (නි)
දැක්කනේ මිනිස්සු තමන්ගේ ඉල්ලීම ඉටුකරන්න මෙවැනි දේවල්, උද්ඝෝෂණවල් කරන්න වෙනවා. මදිකමට කඳුළු ගෑස්, වතුරු ප්‍රහාර, ගුටිකන්නත් වෙනවා. (හේ)
මෙහෙම දේවල් සිදුවන්නේ , යම් කෙනෙකුට වැරද්දක් අසාධාරනයක් සිදුවුනාම කියන්නට කිසි තැනක් හෝ නිසි බලදාරියෙක් නොමැති නිසා , බලදාරීන්ට කිව්වත් මැරයන් දේශපාලුවන්ගේ අතකොලු නම් පිහිටක් නොමැති නිසා , මේවා විහුලුවට දමන්න එපා , රටේ නිතිය කැළේ වැදිලා (අ)
සෙනරත් ඔය බස් රථයක් ලක්ෂ 150ක් වෙන්නේ නැහැ. දන්නේ නැත්තන් නිකන් ඉන්න. (ර)
මෙවැනි කාන්තාවන් අපි අගයකළ යුතුයි. මේ දිරිය කාන්තාවක්. ඇයට මොන විදිහෙන් හෝ ගමන් වාරයක් ලබාදිය යුතුයි (නි)
මේ කෙනාගේ නියම පර්මිට් බස් එක විකුණලා. මෙයාට බස් අටක් තියෙනවා . (ස)
කාන්තාවනි, මෙන්න හොඳ ආදර්ශයක් , පිටරටවල දුක් විදිනවට වඩා අපේ රටේ එඩිතරව ජීවත් වෙන්න උත්සහ ගනිමු. (නදී)
මේ තමයි අද රටට ගිහිල්ලා තියෙන කළ (නදී)
දැන් මේ ගමන්වාර නිසි ක්‍රමවේදයකට අනුව ලබා දුන්නේ නැද්ද එතකොට ? ගණිකා වෘත්තියටත් අවස්ථාව දෙන්න ඕන කියල සමහරු කියන එකේ මේ කාන්තාවගේ පිළිගත් රැකියාවට කුමක් හෝ අනුග්‍රහයක් ලැබෙන්න ඕන නේද ? (නදී)
එතකොට අර ලොකු ලුණු ගොවියාගේ ප්‍රශ්නය දිහා බලන්නෙ නැත්තේ ඇයි? (නි)
මේක හරිම විහිළුවක්. (ර)
ඇයි මේ කාන්තාව අත්අඩංගුවට නොගත්තේ. ඔය කුළුණ අයිති ආපදා කළමණාකරන ඒකකයට. එවන් දේකට කිසිදු පාර්ශවයකට අනවසරෙයන් ගොඩ වෙන්න බෑ. (ර)
ඒ මනුස්සය මෙච්චර දවසක් ගමන්වාරයකට අනුව දුවල තියෙද්දී මෙහෙම කරන එක වැරදි. කවුරු උනත් රුපියල් ලක්ෂ 150 ක් විතර යොදවල බස් එකක් ගන්නේ දුවල ආදායමක් ගන්න මිසක් ගෙදර තියන් ඉන්න නෙමෙයිනෙ. (ර)
සාදාරනය කියන එක ලක්වාසී හැමෝටම එක හා සමානව තිබිය යුතුයි. නමුත් ඒකම තමා නැත්තේ. (ර)
මේ කාන්තාවගේ වෘත්තීය නම් කිසිම විහිලුවක් නොවෙයි. මම සිටින රටේ බස් එලවන කාන්තාවන් හරිම සුලභයි. ඒ අයට ඉහල වැටුප් සහිත දීමනා ලැබෙනවා. (ර)
මේවා විහිළු නොවේ. (ර)
දැන් මේක විලාසිතාවක් වෙලා. නගින්නෙම කුළුණු වලටනේ. (ර)
රටේ ජනතාවට යම් දෙයක් දිනාගන්න ගහකට හෝ කුලුනකොට නගින්නම ඕනේ (නදී) .
හැමෝටම මැද පෙරදිග දුවන්න තරම් හදිස්සියක් නැහැනේ ඉසුරන්දි. ලංකාවේ ජීවත් වෙමින් තමන්ගේ දරු පවුල් බලාගෙන ආදායමක් උපයගන්න මහන්සි ගන්න කාන්තාවක් මේ. (නදී)
ඉසුරන්දි මේ කාන්තාවගේ ප්‍රශ්නය දිහා මීට වඩා පුළුල් විදියට හිතන්න. ඔබ කැමතිද කවුරු හරි කියනව නම්. "හැමෝම දැන් විලාසිතාවක් වගේ අසවල් වෘත්තියට මැද පෙරදිග යනවා " කියල. (නදී)
ලොකු වෙනසක් ලගදීම එනවා නංගි රස්සාව හෙමින් ඉවසීමෙන් කරගෙන යන්න ඔය මැරයෝ තක්කඩි දැනගස්සන්න්කෝ ජනවාරි වලින් පස්සේ. (අ)
පාලනය මැරයන් අතට නොයා යුතුය. කව්ද මේ මාතර මැරයන්. එදා මැරයන් සිටියේ නැහැ යුක්තිය සඳහා සත්‍ය සඳහා පෙනී සිටියේ කොටුවේගොඩ පිරිස අද නැතිද ? (නදී)
ඉසුරන්දි දෝහා , ඔබත් කාන්තාවක් නේද ? ඔබත් ඔය මැද පෙරදිග මොකක් නමුත් රැකියාවක් කරනවා ඇතිනේ. කවදා හරි ඔබටත් තෙල් ටැංකියකටවත්ත් නගින්න වේවිද කවුද දන්නේ ? (නදී)
ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබගේ ආත්ම ශක්තිය විශිෂ්ටයි. (ර)
එතකොට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ගස් නගින්න ඕන කාලයක් මේක. (ර)
මට නම් මේ කාන්තාව ගැන තියෙන්නේ ආඩම්බරයක්. එක ඇයගේ රැකියාව. මේ රටවලත් කාන්තාවන් රියදුරන් ලෙස රැකියාව කරනවා. මේක විහිළුවක් ලෙස දකින්න එපා. වැරදි වැඩ කරලා ජීවත් වන අයට වඩා සාදාරණ ඉල්ලීමක් වෙනුවෙන් පෙනී සිටීමක්. (ර)
ඇය අපේ කාලයේ දිරිය වනිතාවක් (නි)
මේක විලාසිතාවක් වෙන්නේ කොහොමද ? මේ කාන්තාව තමන්ගේ ආදායම් මාර්ගයට ඇති බාධාවන් නිසා නේද මෙහෙම කරන්නේ. ඇතැම් විට එයා පළමුවෙන් මේවා වගකිව යුතු නිලධාරීන්ට දන්වන්න ඇති. එහෙම කරලත් සහනයක් නැති නිසානේ මෙහෙම කරන්න ඇත්තේ. කාන්තාවනුත් පටු විදියට හිතනකොට අපි කොහොමද මේ බාධා කළ පිරිමි අයට අමුතුවෙන් දොස් කියන්නේ. (දිල්)
ඉසුරන්දි මේක වැදගත් රැකියාවකට ආ බාදා පිළිබඳව ප්‍රශ්නයක්. විලාසිතාවක් නෙවෙයි. කාන්තාවන් ලෙස අපි මේ කෙනාගේ උත්සාහය අගය කල යුතුයි. මට නම් බස් එකක් තියා කාර් එකක් වත් පදවන්න බැහැ. (දිල්)
ජනක මොන පොලිසියේද ? (ර)
අජන්තා-ඔබේ අදහසට මම එකඟයි.ඇය ශ්‍රේෂ්ඨ වනවා කරුණු දෙකක් නිසා.තමාගේම ආදායම් මාර්ගයක් ඇත.බහුතරයක් පිරිමි කරන රැකියාවක් ඇය කරන්නේ.ඒවගේම ඇයට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා අසාධාරණයට එරෙහි වෙන්න.අද අනුන්ගේ මාල කඩලා ,කුඩු විකුණලා අතපයක් විසි නොකරන සල්ලි හොයන නපුන්සක පිරිමින් ඉන්න රටේ ඇය යකඩ ගැහැනියක්.මගේ ආචාරය ඇයට. (ස)
ඉසුරන්දි ඉන්න රටේ කාන්තාවෝ ඉතින් රැකියාවක් කරන්නනේ නෑනේ. ඒ නිසා අනෙක් කාන්තාවන් රැකියා කරන්න ගිහින් මුහුණ දෙන ප්‍රශ්න පේන්නේ නැහැ. (ර)
ලියනගේ,-දැන් ඔය සෙට් ආව ගමන් මේවා වෙනස් වේවි නේද? අපි දන්නවනේ හොඳට අතීතේ ගැන, 77, 89, 2002 අසාදාරනය,මිනි මැරුම්,හොරකම් තිබුනෙම නැනේ නේද? (ස)
රටේ තත්වය ඕක තමයි.මැරයන්ට,හොරුන්ට ඕන විදියට තමයි වැඩ කෙරෙන්නේ නැත්නම් මෙවැනි කරුණුවලදී සාධාරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කළ යුතුයි,මිනිස්සු ගස් වල කණුවල නගින්නට පෙර.(දිල්)
මේ කාන්තාවගේ ආත්ම ශක්තිය විහිළුවක්වත් විලාසිතාවක් වත් නෙවෙයි. රැකියා නැහැ කියමින් ආණ්ඩුවට බැන බැන නිකම් ඉන්න මහ උගත් කාන්තාවකට වඩා දිරිමත්.(දිල්)
අක්කේ ඔයාට අාචාරය...........(අ)
මේ නෝනා ගැන ලිපියක් මම කාලයකට පෙර කියවූවා .දිරියමත් කාන්තාවක් ඇයට සහනයක් ලැබුණා එක ගැන සතුටුයි තතව තොතුරු දැන ගන්න කැමතියි මේ ගැන (දිල්)
මෙයාගේ බස් එකේ අර පින්තූරේ නැත්ද? (නදී)
අසාධාරණය හැමතැනම .(හේ)
මම මේ කාන්තාව ගැන ටික කලකට ඉහත පලවූ පුවත් ලිපියක් කියෙව්වා. ඉතාම ධෛර්ය සම්පන්න කාන්තාවක්. රැකියා නැහැ කියල ආණ්ඩුවට බැන බැන ඉන්නවාට වඩා මෙහෙම හරි රැකියාවක නිරත වෙන එක අගය කල යුතුයි නේද ? (ර)
බස් රථ රියදුරු කාන්තාවක් ලංකාවට දුර්ලබ දෙයක් උනාට සින්ගපුරුව වගේ රට වල මම මෙවන් කාන්තාවන් ඕන තරම් දැක තිබෙනවා. කාන්තා අයිතීන් ගැන මොරදෙන, විදේශ ගෘහ සේවයට යවනවට විරුද්දව කෑගහන උදවියට බැරි ඇයි කාන්තාවන් උනන්දු කරලා මෙවන් රැකියා වලට උනන්දු කරවන්න. ඉසුරන්දි, අයිතිවාසිකම් වෙනුවෙන් උද්ගෝෂණය කර යුතුයි අරාබි රටවල ඇරෙන්න අනෙක් රටවල් වල උද්ගොෂණයකින් තොරව අයිතිවාසිකම් දිනා නැත, අයිතිවාසිකම් පාලකයන් විසින් බන්දේසියක තබා ගෙනවිත් දෙන කිසිදු රාජ්ජයක් නොමැත. (ර)
මහරගම - මාතර අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන්නෙ දේශපාලන මාෆියාවක් මගින්. ඔවුන්ට කප්පම් නොදෙන, ඔවුන්ට අවනත නැති බස් රථ රියදුරන්ට ගමන් වාර ලැබෙන්නේ හෙංචයියන් ගිහින් ඉවර උනාට පස්සේ. නියමිත වෙලාවක් දීල තිබුණත් බස් දුවන්නේ එහෙමයි. මේ කාන්තාව ඇත්තටම දිරිය කාන්තාවක්. අනෙක් රියදුරන් පණට ඇති බය නිසා මේ මාෆියාවට විරුද්ධව කට අරින්නෙ නැති වෙලාවක මේ කාන්තාවගේ ක්‍රියාව ප්‍රශංසනීයයි. (ස)
මේ ක්‍රමය නේද ..මේ වෙනස් කරන්න ඕනේ කියන්නේ ...හොඳ වැඩ පිළිවෙලක් වගේ එන්නේ..පාට /ලකුණු මොකවත් නැති..රට හදන්න එනවා නම් ..මේ වගේ දේවල් නැති වෙලා යනවා නේද එත් තම ඒ භයානක බියකරු දේවල් තියනවා නේද ..ඊයේ සිරසට මොකද උනේ ......මේවා ..නැති කරන්න ඕනේ නේද(අ)
රටේ හැම තැනම මෙහෙම තමා මැරයෝ සහ දේසපාලුවෝ තමා රජ කරන්නේ (අ).......
අසාධාරණය ඉදිරියේ කර කියාගන්න දෙයක් නැති නිසා මේ කාන්තාව මේවගේ දෙයකට පෙලෙබෙන්න ඇති.(අ)
අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කැනඩාවේ කාන්තාවන් එම මාර්ග වල සුපරික්ෂාකාරීව පාසල් බස් ධාවනය කරන අයුරු මා දැක ඇත. මෙම කාන්තාව කළ වීර ක්‍රියාව අගයන අතර මෙවැනි මාර්ගවල බල මැඩලීම සඳහා ප්‍රධාන බස් නැවතුම් පොළවල පොලිසිය/හමුදාව යෙදවිය යුතුය (නි)
එඩිතර කාන්තාවක් ,ජයෙන් ජයවේවා (දී)
ඒ කාන්තාවගේ ප්‍රශ්නය විසදා දුන්නට බොහොම ස්තුතියි.(හේ)
ජනක .. ඕකෙන් ඔය වැඩේ වත් ගත්තේ නැත්නම් ඔය කුලුනෙන් ජනතාවට වැඩක් නෑ... මොකද හදිස්සියක් වෙලාවට ඕක වැඩ කරන්නේ නැනේ ..(හේ).