දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන සමීපයේදී හයිබ්‍රිඩ් කාරයක් සහ තවත් කාරයක් ගැටී දෙමාසයක් වයසැති දරුවකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි.
දෙමාසයේ දරුවා පළමු වරට ගෙදර රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදු විය.කාරයට තද බල හානි සිදු වු නමුත් මවත් පියත් දෙදෙනාම තුවාල නොලබා බේරුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි සප්පයාට පත්තිනි මෑණියන්ගේ වරමින් ඉක්මන් සුවය ලැබේවා...!!!! (නි)
අධිවේගී මාර්ග හැදුවට විතරක් මදි. ඒවාට විතරක්වත් අනිවාර්ය නීති හදන්න ඕනේ. මේ රටවල් වල අවුරුදු 16ට අඩු කිසිම ළමයෙක් ඉස්සරහ සීට් එකේ ගමන් කිරීම තහනම්. බිලිඳෙක්, කුඩා දරුවෙක්නම් ආරක්‍ෂිත බේබි සීට් එකක තැබීම අනිවාර්යයි. රජයෙන් මේ නීති පැනවුවේ නැති උනත් දෙමව්පියෝ හරි දැනුවත් වෙලා හිටියා නම් තමන්ගේ බිළිඳාගේ ආරක්ෂාව ගැන, අද මේ දරුවාට අනතුරක් නොවෙන්ඩ තිබුනා. නීතියක් නැති උනත් තමනුත් දැනගන්ඩ ඕනේ තමන්ගේ වගේම වාහනේ යන අයගේ ආරක්ෂාව ගැන. මොකද අනතුර කොයි මොහොතේද කියන්න බැහැනේ. (නදී)
අධිවේගී මාර්ග හැදුවාට ආරක්ෂාවට අවශ්‍ය නීති හදලා නැහැ. වැඩිහිටියන් සීට් බෙල්ට් දමාගෙන නිසා අනතුරක් වෙලා නැහැ.නමුත් ළදරුවන්ට සහ කුඩා ළමයින්ට බේබි කැප්සියුල්,බේබි සීට් වැනි දේවල් අනිවාර්ය නොකිරීමේ විපාක. ළදරුවාට ඉක්මන් සුව. (නි)
අනේ! දරුවාට කිසිම කරදරයක් නොවී ඉක්මනින් සනීපවෙන්න ඕනෑ (නි)
දැන් ඔය වටේ ඉන්න පණ්ඩිත අම්මණ්ඩිල කියාවි ළමය නිසා අපලයි කියල, කොහොම නමුත් ලොකු අනතුරක් වෙලා බේරුනා, ඒකම වාසනාවක්, අනතුරු සිදුවීම අහබු දෙයක්, එක වලක්වන්නට කාටවත් බැහැ,එක ඇතිවෙන්නෙත් මොකක් හරි හේතුවක් නිසයි, වාහනේ දෝෂයක් එහෙම නැත්න්ම නින්ද ගිහින් , එත් බේරීමට වාසනාවක් තියෙන්න ඕන, (අ)
සෑම් හරි. (නි)
බාල වයස්කාර ළමයින් අම්මලා එක්ක යන්න ඕනි වාහනේ පිටිපස්සේ ආසනේ. එ්ක තමා අන්තර්ජාතික නීතිය. (නදී)