දක්ෂිණ අධිවේගී මාර්ගයෙ ගැලණිගම සමීපයේ දී පැයක් ඇතුළත පෙරදින රාත්‍රීයේ වාහන අනතුරු තුනක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් අධිකාරී කාර්යාලයය කියයි. බස්නාහිර පළාත් ඇමැති රංජිත් සෝමවංශ මහතා ගමන් කළ ජීප්රිය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇමැතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලදහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් මේක ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන විකි මහත්තය හරි. වාහන ඉස්සර කරන විදිහ හදිස්සියකදී නතර කරන විදිහ ගැන කියල දෙන්න ඕන. (අ)
විකී ඔබ හරියට හරි. (හේ)
පුදුමයක් නොවේ. ඔය අය අධිවේගයේ කට්ටිය පියාඹනවානේ (නි)
මේකේ යන හැටි උගන්නන්න ඕනෑ ලංකාවේ රියදුරන්ට, ටීවී වැඩසටහන් වලින්වත්. තවත් වාහනයකට ඉස්සර කරන්නවත් දන්නේ නැහැ බොහොම අය. ඒක කරන්නේ ප්‍රයිවට් බස්කාරයෝ වගේ ඇඟටම කපලා. කමකට නැති ටීවී වැඩසටහන් අතරට මේ වගේ කාලීන වැදගත්කමක් ඇති වැඩසටහනක් හැදුවොත් අගෙයි. (නි)
ඔය ඇමැතිල කොහොමටත් පාරේ යන්න දන්නෙ නෑ නේ (ම)
මේකට හේතුව අධිවේගය පටන්ගත් අලුත අධිවේගයේ යන්න පුළුවන් වේගය ගැන නිතරම ජනතාව ඉදිරියේ පුරසාරම් දෙඩුවා, පසුගිය රජයේ අය. මිනිස්සු හිතුවේ අධිවේගය කියන්නේ පුළුවන් තරම් වේගයෙන් යන්න පුළුවන් පාරක් කියලා. (නි)
මට මතක් වෙන්නේ අර වඳුරන්ට දැලි පිහි දුන්නහම වෙන දේ ගැන කියන කතාව. (නි)
අයියෝ ඕක මොකද්ද? තව ලක්ෂ 85ක් දීලා ඔයිටත් වැඩිය අලුත් ජීප් එකක් තීරු බදු රහිතව ගන්න පුළුවන්කොට. (නි)
මේගොල්ලන්ට ප්‍රතිකාර කරලා සුවපත් කරන්නේත් දුප්පත් අපේ බදු සල්ලි වලින්ම හින්දා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. (නි)
මම සෑම සති අන්තයකම කි මි 250-300 අතර ප්‍රමාණයක් යුරෝපයේ අධි වේගී මාර්ගයේ ගමන් කරනවා ඇත්තටම හරිම නීතිගරුකව හා අන් අයට පීඩා නොවන අයුරින් තමයි සෑම දෙනාම වගේ අධි වේගී මාර්ගය පාවිචිචි කරන්නේ එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සමහර රියදුරන් හෙඩ් ලයිට්ස් දාගෙන ඉතා අපරික්ෂ කාරීව ගමන් ගැනීම නීති ගරුක රියදුරන්ට විශාල අන්තරාදායක තත්වයක් ඇති කරයි. (අ)