මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අද (13) පැවැත්විණි.
“මාලඹේ සයිටම් එපා“ යන තේමාව යටතේ සංවිධානය කළ මෙම විරෝධතා උද්ඝෝෂණයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ “අයි.ඊ.එස්.එල්. (ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය) සහ කොතලාවල ඇතුළු උපාධි කඩ එපා, පාලකයිනි මර්දනය නවතනු-මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, අධ්‍යාපනය යනු අයිතියකි, එන්.එස්.බී.එම්. ආයතනයේ අධ්‍යාපනය විකිණීම නවතනු“ යන සටන් පාඨ රැගත් පුවරු, බැනර් සහ කළු පැහැ කොඩි ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුනහ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“සමාජ සුබසාධනය සඳහා තිබෙන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරනවා කියලා බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරපු අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට රැගෙන යනවා. අධිකරණය මඟින් මාලඹේ සයිටම් ආයතනය නීතිගත ආයතනයක් කරන්න ආණ්ඩුව පෙනී සිටිනවා. මාලඹේ සයිටම් ආයතනය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම අපිට තියෙන ප‍්‍රශ්නයයි. සයිටම් ආයතනය අධ්‍යාපනය විකිණීම නවතන තුරු අපි ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට අඛණ්ඩව සටන් කරනවා.“




COMMENTS
අපි උසස්පෙළ සාමාන්‍ය පෙළ, 5 ශිෂ්‍යත්ව , මොන්ටිසෝරි යන ටියුෂන් කඩත් වස දමමු. (හේ)
මෙයාලා ඉගෙන ගන්නේ නැහැ .ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ .මෙහෙමත් අපරාධ .නීතිය නිහඬයි (අ)
අපේ සල්ලි වලින් අපිම ඉගෙන ගෙන අපිම කෑගහනවා නිදහස් අධ්‍යාපනය රැක ගනියවූ කියලා (ම)
මෙහෙමත් දේවල් හැබෑට! (නි)
ලෝකයේ අධ්‍යාපන කඩ තියෙන රටවල් අතරින් එක ඇමරිකාව, දෙක එංගලන්තය, තුන ඕස්ට්‍රේලියාව, හතර මැලේසියාව, පහ ඉන්දියාව. අපිත් උත්සාහ කරන්න ඕනෑ ඒ වගේ වෙන්න (නි)
සිසුන්ට පිටරට අධ්‍යාපනයත් තහනම් කරමු (නි)
ඔක්කම අධ්‍යාපන කඩ වහලා ගෙවල් වලට හරි, ගල් ගුහා වලට වෙලා හරි ඉඳිමු (නි)
අපි දන්නා විදියට නම් සයිටම් ඉගෙන ගන්නේ කැම්පස් යන්න ලකුණු මදි වුනු සල්ලි තියෙන ළමයි. අපිට සල්ලි නැති නිසා එයාලගේ අයිතිය නැති කරන්න අපිට බෑ. උපාධිය සමාන නම් මොන මගුලටද මුන් මැරෙන්න හදන්නේ. දෙගොල්ලොම විභාගය සමත් වුනොත් විතරයිනේ උපාධිය දෙන්නේ.(බ)
මේගොල්ලෝ නිසා මම ඇතුළු රැකියා කරන කට්ටිය විඳපු දුකක්? (ආපහු ගෙදර යන්න) (නි)
ළමයිනේ, දුර බලන්න. ළඟ නොබලන්න (නි)
අපේ රටේ සල්ලි පිටරටට දීලා ඉගෙනගත්තට කමක් නැද්ද? විදේස විනිමය රැකගෙන මෙහෙ සිට ඉගෙනගන්න එපාද? (නි)
මම නම් කියන්නේ උපාධිය නෙමෙයි, ඊට ඉහළ එකක් ගත්තත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ රස්සාවක් කරලා පඩියක් ගත්තාට කුහක සිත් තියන අයට කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ ධර්මය. (නි)
දොස්තරලට පෞද්ගලික රෝහල් වලට යාමත් තහනම් කරමු. කැමතිද? (නි)
මට මතකයි රාගම පුද්ගලික වෙද විදුහලට සිදුවූ දෙය. අන්තිමේදී මාලඹේ රජයට ගත්තහම එ්කේ ඉන්න සිසුහු නිකම්ම රජයේ වෙද උපාධි ලබනවා (නි)
උසසපෙළ කටපාඩම් කර ලකුණු ගත්ත අය දක්ෂයෝ කියලද කියන්නේ? මට හිතෙන්නේ කුහකයෝ කීයලයි (නි)
මේවා දකිනකොට අපේ ඇඟේ ලේ රත්වෙනවා (නි)
රජයේ දොස්තරලාට පුද්ගලික රෝහල් වල වැඩ කිරීමත් තහනම් කරමු. (නි)
නොමිලේ දුන්නහම ඒවා පුරුදුවෙලා මුදල් දීලා ගන්න කැමති නැහැ. (නි)
අනේ මේ හිමිවරුන්ට මොන උද්ඝෝෂණද? (නි)
දැන් කැම්පස් ඉන්න ළමයි කවදාවත් ටියුෂන් ගිහින් නැතිද? එත කොට ටියුෂන් අධ්‍යාපනය විකිණීමක් නොවෙයිද?(හේ)
ශ්රී ලාංකිකයින්ගේ පහත්, කුහක මානසිකත්වය නිසා කොයිතරම් තරුණ ජවයක් මේ රටට අහිමි වෙනවද? වෙනත් රටවල ඕනෑම කෙනෙකුට ඉහළ අධ්‍යාපනයක් හෝ තාක්ෂණික දැනුම වැඩි කරගන්න උවමනා නම් ඒ සඳහා අවශ්‍ය ආයතනයකට ඇතුළත් වී එය කරගැනීමට පුළුවන්. විශේෂයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම ගැන රජයෙනුත්, මහජනයා තුළත් උනන්දුවක් තියෙනවා. අපිට ඉහළින් කිසිවෙක් සිටියයුතු නැහැ කියන්නේ කුහකයෝ. අපේ රටේ හීන මානසිකත්වය කවදා නැතිවේද? (නි)
ඔයාල දන්නවද නිදහස් අධ්‍යාපන පනතට කලින්ම විරුද්ධ වුණේ කවුද කියලා. ඩීඑස් සේනානායකේ මේ තියෙන ටිකවත් ඉතුරුවෙලා තියෙන්නේ ඔය කොල්ලෝ කෑගහන නිසයි. මුළු රටේම දේවල් පුද්ගලික කරලා අපි විඳින දුක දැන් කොහොමද? (නි)
දැන් ඔය රජයේ කැම්පස් ඇතුළට පිටරට ළමයි ගන්න එකටත් කෑගහන්නකෝ. අපේ ළමයින්ට පිටරට යන්න වෙන්නේ ඒ නිසා තමා (නි)
හොඳට මතක තියාගන්න ළමයිනේ. උපාධියක් ගත් පමණින් කවුරුවත් උගතෙක් වෙන්නේ නැහැ. උපාධියක් ලබානොගත් පමණින් කවුරුවත් නූගතෙක් වෙන්නෙත් නැහැ. ඒවාට ඕනෑතරම් උදාහරණ ඉතිහාසයේත් වර්තමානයේත් තියෙනවා. ඔය ළමයි එකඟද තම දෙමාපියන්ගේ වත්කම අනුව දුප්පත් ළමයින්ට නොමිලයේත්, මධ්‍යම පන්තිකයන්ට සාධාරණ මුදලකටත්, පොහොසත් අයට මුළු වියදමත් දැරීමට සිදුවන සේ අධ්‍යාපන ක්‍රමය සකස්කර, වැඩි ළමයින් ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය හැදෑරීමට ඉඩ සළසනවාට. මෙය එසේ වෙන්නේ, අපේ රටේ වගේ රජයකට විශාල වියදමක් දැරීමට නොහැකි නිසයි. ඔබ එකඟ නම්, ඔබ අවංකයි. නැත්නම් ඔයගොල්ලන් අන්තිම කුහකයි. (නි)
ධම්මික, ඔබ හරි. මම දන්නෙත් ඔය ටික තමයි. මේ කුහකකම මිසක් වෙන මොකුත් නෙමෙයි (නි)
පළමුව පුද්ගලික චැනල් සේවා නවත්වලා ඔය බෙරිහන් දීම කරන්නකෝ. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නැහැ. නමුත් හරි විදියට සුදුසුකම් ඇති අය ගන්න ඕනෑ. නියමිත ප්‍රමිතින්ට අනුව දොස්තර සහතිකය දෙන්න ඕනෑ. ඒක මේකේ වෙන්නේ නැති එකයි ප්‍රශ්නය. (නි)
පිටරට යනවා කියලා නුසුදුසු අයට දොස්තර සහතික පිරිනමන්න දුන්නම රටේ වෛද්‍ය සේවයට මොකද වෙන්නේ? පිටරට ගියාට ඇත්තටම කමක් නැහැ. මොකද යන අය විභාග අසමත් වුණාම එහේම නවතිනවා මොකක්හරි රස්සාවක් කරගෙන (නි)
විදේස විනිමය රැකගන්නයි කියලා රටෛ් වෛද්‍ය සේවය බල්ලට ගියාට කමක් නැද්ද රත්නසිරි? (නි)
මුදල් දීලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් කරුමෙට ඒක වෛද්‍ය උපාධියක් වුණා අපේ රටේ. එය නැවැත්විය යුතුමයි (නි)
තරුෂි, කුහකකම් නැතිකරනවා කියලා උ/පෙළ නිසි සුදුසුකම් නැති ලකුණු අඩු අයට මුදලට වෛද්‍ය උපාධියක් දෙන්න කියන එක නම් අනුමත කළ නොහැකියි. (නි)
කුමාර්, අං ඇත්තේ උ/පෙළ අසමත්ව දොස්තර කෙනෙක් වෙන්න දඟලන අයට මිස වෙන කාටවත් නොවේ (නි)
රටේ බහුතරයක් ඉන්න මිනිස්සුන්ට පෙන්නේ හැමදාම කැම්පස් ළමයි පාරට බැහැලා උද්ගෝෂණ කරනවා විතරයි වෙන වැඩක් නෑ කියලා. ඒත් අපි මෙහෙම කෑ ගහන්නේ අපිට දෙයක් ලබා ගන්න නෙමෙයි. අනාගත පරපුරට දෙයක් ලබා දෙන්න. මාලඹේ හොර උපාධි කඩෙන් බිහි වෙන හොර වෛද්‍යවරු නිසා අනාගතේ රටේ මිනිස්සුන්ට වෙන්නේ උන් දීපු බෙහෙත් බීලා මැරෙන්න. මොකද රජයේ වෛද්‍ය විද්‍යාල වල වගේ ප්‍රමිතියක් ඇතිව ඉගෙන ගත්ත අය නෙවෙයිනේ. (ම)
මේ තියෙන ටිකවත් ඉතුරුවෙලා තියෙන්නේ ඔය කොල්ලෝ කෑගහන නිසයි. ජයවේවා ජයවේවා (ම)
මාලකගේ අදහස් වලට ගරු කරමි. මේ රටේ ජවය තරුණ පරපුරයි. ඔවුනට අධ්‍යාපනය ලැබීමට ඉඩතිබිය යුතුයි. ඔවුන් ඉගෙනගෙන ලෝකයේ ඕනෑම රටක සේවය කර රටට විනිමය ගෙන ඒවි. රටට කීර්තිය ගෙන ඒවි. නිදහස් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාල සිසුන් රටේ අනෙක් තරුණයන්ගේ දියුණුව නොරිස්සීම රටේම අවාසනාවකි (නි)
සාලිය, රටේ අනෙක් තරුණයන්ගේ දියුණුව හොඳයි. දොස්තරකම විතරද එයාලට කරන්න තියෙන එකම දේ? වෙනත් දෙයක් ඉගෙනගන්න. රටට හානියකුත් නැහැ. තමන්ට හානියකුත් නැහැ. නමුත් ජිවිත එක්ක ගනුදෙනු කරන රස්සාවට නම් සුදුසු අය සිටිය යුතුයි (නි)
තාත්තට සල්ලි තියෙන නිසා, දොස්තර වෙන්න ආසා නිසා වෛද්‍ය උපාධි පිරිනැමිය නොහැකියි. (නි)
දැන් පිටරට ගිහින් උපාධි කඩ වලින් සහතික අරගෙන ඇවිල්ලා මෙහෙ වෙදකම් කළාට ප්‍රශ්නයක් නැද්ද? (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සම්පුර්ණයෙන් නැවතිය යුතුයි. මොකද මෙතන අදහස් දාලා තියෙන විදිහෙන් පෙනෙන්නේ ඒවා රටට ඕනෑ නැති බවයි. මේ අය ඔක්කොම මගේ හිතේ පුද්ගලික පාසල් වල ඉගෙනගත් අය වෙන්න ඇති. (නි)
සැමට අධ්‍යාපනය ලැබීමට ඉඩතිබිය යුතුයි කියන කතාවයි, උ/පෙළ නිසි සුදුසුකම් නැති අයටත් වෛද්‍ය උපාධියක් ගැනිමිට හැකි වියයුතුයි කියන කතාවයි දෙකක් සාලිය (නි)
එහෙනම් ඔක්කොම පුද්ගලික අංශයෙන් දෙන උපාධි තහනම් කරමු. (නි)
පිටරට ගිහින් උපාධි ගත්තාට නැවත මෙහෙ විභාග සමත් වියයුුතුයි. පිටරට ගියාට විතරක් බැහැ, එහෙත් විභාග සමත් වියයුුතුයි. එහෙම බැරි අය වෙන රස්සාවක් කරගෙන එහෙම ඉන්නවා. ඇත්ත ඒකයි. (නි)
මේ මිනිස්සු තාම ගල් යුගයේ වගේ ඉන්නේ. ප්‍රමිතියක් ඇතුව මෙම වෛද්‍ය විදුහල පවත්වාගෙනයාමට කටයුතු කළයුතුයි. (නි)
පුද්ගලික අංශයෙන් දෙන වෙනත් උපාධියි වෛද්‍ය උපාධියයි පටලවාගත් එක තමයි හෙණේ. මේ අයට ඒත තේරෙන්නේ නැහැනේ. නිසි සායනික පුහුණුවක් නැති වෛද්‍යවරයෙක් සමාජයට දැම්මා කියන්නේ වෙන හානිය හිතාගන්න බැරිද? (නි)
ආචාර්යවරුන්ගේ, ගොඩනැගිලි වල ප්‍රමිතියට කලින් ප්‍රමිතියක් තිබිය යුත්තේ මෙයට ඇතුළත් වන ළමයින්ගෙයි. ඒ අය උ/පෙළ හරියට සමත් නැත්නම් අනෙක්වා මොනවා තිබුනත් පලක් නැත. (නි)
මෙයාලගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවාද කියලා. (නි)
හා හා විභාගෙන් වැඩිපුර ලකුණු අරගෙන විශ්ව විද්‍යාලයට ඇතුල් වෙලා ඔටුණු පැළඳගෙන ඉන්න බහුශූත උගත්තු ටික ඔච්චරටම කලබල වෙන්න එපා, (හේ)
මේ අධ්‍යාපනය විකුණන කතාවත් හරියට ඉස්සර වරප්‍රසාද නොලත් පන්තියට ඉගෙනගන්න තියෙන අවස්ථාව අහිමි කරපු එකටම සමානයි. (නි)