ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පන්ති, විභාග හා තරගකාරී අධ්‍යාපන රටාව, මාලබේ පුද්ගලික අධ්‍යාපන ආයතනය (සයිටම්) ආදී පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම යනාදිය ඇතුළුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් උද්ගත වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
අධ්‍යාපන, විෂයමාලා හා ජාතික අවශ්‍යතා අතර ඇති පරතරය හා නොගැලපීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් යැයි ද ඔහු එම ලිපියෙන් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රධාන කරුණු තුනකට අවධානය යොමු කළ යුතු ද යැයි ද රණවක මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.
ඒ අනුව ජාතික අවශ්‍යතා හා අධ්‍යාපනය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සමාජ සාධරණත්වය යන ප්‍රධාන කරුණු තුන මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව අමාත්‍ය රණවක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපියේ සඳහන් වේ. එම කරුණු මත පදනම්ව ඵලදායී ප්‍රතිසංස්කරණවලට භාජනය කිරීමේ බලවත් අවශ්‍යතාවක් තිබෙන බව ද ඔහු සඳහන් කරයි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගත වූ කාලය එළඹ තිබෙන බව විශ්වාසය යැයි සඳහන් කරන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා අද වනවිට යම් යම් අංශ පිළිබඳ ඉතා උණුසුම් තත්ත්ව නිර්මාණය වී තිබෙන බව ද පෙන්වා දෙයි. මෙවැනි වර්ධන පවතින අවස්ථාවලදී කඩිනම් හා බුද්ධිමත් ලෙස මැදි නොවුවහොත් ඒවා ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී මෙන් ලේ වැගිරෙන ඛේදවාචක බවට පත්වීමේ අවදානමක් තිබෙන බව ද පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ අමාත්‍යාංශයෙන් තාම වැසිකිලියක් වත් හදා ගන්න තියා ප්‍රතිසංස්කරණය කරගන්නවත් බැරිවුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන ලියුම් ලියන්න එනවා..(ම)
කවුද එතකොට අධ්‍යපන ඇමැති අපිද ? අනේ අනිච්චන් ලංකාවට ගිය කලක් සිල්වා කියලා තියනව හොඳට (බ)
අනුන්ගේ සීනි කිරීම .....(බ)
අවුල් වෙන්නේ නැද්ද මැතිඇමතිලාගේ වැඩ වලට (නි)
කැබිනට් ඇමතිවරයකු ජනාධිපතිට ලිපි ලිවීම විහිලුවක්. කැබිනට් එක ඇතුළේ මේවා කතා කරගන්න වෙලාවක් නැත්නම් රටට දෙවියන්ගේම පිහිටයි (නි)
අධ්‍යාපනය අද ජාවාරම්කාරයෝ වෙළඳපළක් කරගෙන. ජනතාවගේ බදු මුදල් මඟින් ලොකු ප්‍රතිශතයක් වසරක් පාසා අධ්‍යාපනයට වෙන්කරනවා. දෙමාපියන්ට මාසික අාදායමෙන් වැඩි ප්‍රමාණයක් ටියුෂන් වලට දෙන්න වෙලා. ළමයින්ගේ නිදහස සීමාවෙලා. රටක් මෙහෙම දියුණුකරන්න පුලුවන්ද (නි)
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නේ නම් ලෝකයේ අනෙකුත් එවැනි රටවලින් අාදර්ශ ගතයුතුව ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් එවැනි රටවල ළිං මැඩි ප්‍රතිපත්ති නොමැත. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ලෝකයේ එවැනි රටවල හොඳින් සහ ගුණාත්මකව කර ඇත. කළයුතුව ඇත්තේ ඒවා ගුණාත්මකව වැඩි කිරීමට උනන්දු කිරීම මිස කඩාකප්පල් කිරීම නොවේ. (නි)
ඇති යාන්තම් ලියුමක්වත් ලිව්වා, එස් එම් එස් එකක් නොයවා. කැබිනට් රැස්වීම් වලට එන්න එපායැ කතාකරන්න. කැබිනට් රැස්වීම් වලට සහභාගිවෙන්න කියා ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටීමටත් ජනපතිතුමාට පසුගියදා සිදුවුණා. (නි)
එවකට මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටියදී 1971 දී රිවිදින පුවත්පතට ලිපියක් ලියමින් එතෙක් අධ්‍යාපනයට සිදුව තිබු හානියත්, සමස්ත අධ්‍යාපන ක්‍රමයම ඉගෙනගැනීමේ හා ඉගැන්වීමේ ක්‍රමවේද වෙනස් කිරීමේ සිට රටේ සංවර්ධනයට ඍජු දායකත්වයක් ලැබෙන අන්දමින් දේශපාලනයෙන් තොරව එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පෙන්වා දුන්නා. එදා මෙදාතුර අප විසින් රටේ ඉදිරිගමනත් පුද්ගල විනයත්, සදාචාරයත් රැකගත යුතු බව අවධාරණය කළ ලිපි ගණනාවක් දිවයිනේ ප්‍රධාන පුවත්පත් වල පළකළත් අඳ ගොළු බිහිරි දේශපාලනඥයෝ කිසිදාක ඒවාට ඇහුම්කන් නොදුන්නා පමණක් නොව ප්‍රතිසංස්කරණ තැටිය භූමිතෙලින් පිරිමැද නැවත නැවතත් වාදනය කරමින් සිටිති. (නි)
පාසලේදී ලබාදෙන අධ්‍යාපනය මදි නිසා දරුවන් උපකාරක පන්ති වලට යවන්න දෙමවුපියන් යොමු වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් සහ විධිමත් නොවීම මීට හේතුව වී ඇති බව මම විශ්වාස කරනවා. රන්ජිත් කියන්න වගේ ළමයින්ගේ නිදහස සීමාවෙලා. එම නිදහස අධ්‍යාපනය වෙනුවෙන් කැපකරලා. හැබැයි මේක අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි. ජාතික ප්‍රතිපත්තියක් නැතුව අධ්‍යාපන ක්‍රමවේදය දියුණු සහ නිවැරදි කරන්න නොහැකි බව එදා සිට අද දක්වා සිටි පාලකයින්ට නොතේරෙන එක මේ හැමදෙයටම මුල කියලයි මම හිතන්නේ. (නි)
නිදහස් අධ්‍යාපනයේ ගැටඵ නැහැ, අධ්‍යාපනය ගැටඵ බවට පත්කළේ කලින් කලටපත්වුණු ඔලමොට්ටල දේසපාලුවන්‍ෙගෙන් හැම දේම තමවාසියට , ඡන්ද ටිකට හරවාගන්න දේශපාලුවන්ගේ සහ එයාලට කඩේ යන එහෙයි නිලදාරීන්ගේ ඔලමොට්ටල වැඩ නිසා තමා සේරම කුරුවල් වෙලා තියෙන්නේ. (අ)
පත්තරේ දැම්මනම් තමා හරි. ලියුම දකින එකක් නැහැ (අ)
ලියුම් ලිව්වට වැඩක් නැහැ පත්තරේ දැම්ම නම් එතුමා ඉක්මනටම දැන ගනී.අනික අධ්‍යාපනයේ අවුල් වැඩක් නැහැ ජාතික ප්‍රශ්නය වෙලා තියෙන්නේ පක්ෂය දින ගන්න එකනේ (අ)
දරුවන්ගේ විෂය පථය දිහා බලද්දී මටනම් පිස්සු වගේ.දරාගත නොහැකි විෂය කන්දරාවක් දැන් දරුවන්ට තියෙන්නේ. කෘෂිකර්ම විෂයට අනිවාර්ය තැනක් දෙනවනම් ලොකු දෙයක්.අද දරුවෝ අයිටී කේෂ්ත්‍රයට නැඹුරුවීම තුලින් කෘෂිවිද්‍යාව ඈත්වෙලා.මේ ගැන අවධානය යොමුකරනවානම් ලොකු දෙයක්. (බ)