(ඩයනා උදයංගනී)
රටේ සියලූ ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇති අතර එය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය හා නීතිමය කටයුතු කිරීම වෙනුවෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කේෂ්ත්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘ප්‍රඥා සම්පන්න පුරවැසියෙක්, දැනුමෙන් පිරිපුන් සමාජයක්’ වැඩපිළිවෙළ යටතේ ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝර්ඩ් ලෑල්ල විතරක් මාරු කළාට හරියන්නේ නැහැ... ඇත්තටම පළාත් මට්ටමෙන් හොඳ සරසවි 9ක් ස්ථාපිත කරන්න ඔය කරන වැඩෙන් කිසිම තේරුමක් නැහැ. හරියට කිරි ගවයන් ඉන්න ගෙදර කිරිගව ව්‍යාපෘතියක් කියලා ගැහුවා වගෙයි විද්‍යා පීඨවල අරමුණ එකක්... සරසවිවල අරමුණ තවත් එකක්...
ද්වීතියක පාසැලුත් විශ්ව විද්‍යාල පීඨ කියලා නම් කළානම් හැමෝම උපාධිධාරියෝ වෙනවනේ.
ඉතා හොඳ වැඩක්... මෙයා මීට කලින් කළ යෝජනාවක්...
අනාගත සියලුම ගුරුභවතුන් උපාධිධාරීන් බවට පත් කිරීම ඉතා යහපත්. එහෙම වුණත් අධ්‍යාපන පීඨයේ බෝර්ඩ් එක මාරු කිරීමෙන් නම් ඒක වෙන්නේ නැහැ.
තාක්ෂණය වගේ දේවල් උගන්වන්න හොඳ සරසවි 10ක් ලංකාවේ පටන් ගමු. විදේශීයයන් ඉලක්ක කරගත්තොත් ඒ අාදායමෙන් විශ්ව විද්‍යාල ටික දුවන්න පුළුවන්... ඉන්දියාවට යන ළමයි ලංකාවට ආකර්ෂණය කරන්න පුළුවන්.
ඔය මොනවා කරත් වැඩක් නැහැ.... රටේ රැකියා වැඩිවීමක් සිදු නොවේ නම්...
රටේ රැකියා වැඩි කරන්න ඕනේ නැහැ. අපි විදේශ වෙළඳපල ඉලක්ක කරන්නයි ඕනේ... ලංකාවේ කර්මාන්ත පටන් ගන්න එක පාඩුයි. අපිට හොඳ තාක්ෂණික දැනුමක් තියෙන අය බිහි කරගත්තොත් ලෝකේ හොඳ ඉල්ලුමක් තියෙනවා..
මෙයා ආචාර්ය උපාධිය ලබාගෙන තියෙන්නේ විද්‍යා පීඨයකින් වගේ... පහුගිය කාලේ දේශපාලුවන් ආචාර්ය උපාධි කෙළවරක් නැතිව ගත්තේ... විශ්ව විද්‍යාලය කියන එකේ තේරුමවත් හරියට දන්නවාද දන්නේ නැහැ. උපාධියක් කියන එකේ වටිනාකමක් තියෙන්න ඕනේ. ටියුෂන් කඩ වගේ උපාධි කඩත් අරින්නයි යන්නේ... මොලේ හොඳ නැද්ද කොහෙද... පහුගිය ටිකේ කිව්ව, කරපු දේවල් ගැන ටිකක් විපරම් කරන්නකෝ...
මෙහෙම පුවත් දකිනකොට ජවිපෙ සහ එජාපෙ උන්දැලාගේ ඉහමොළ රත්වෙනවා ඇති. මොකද ඔවුන්ට ඕනෑ මේ රට සුභවාදීව සංවර්ධනය කරලා ජනතාවගේ ප්‍රශ්න ටිකක් හරි අඩු කරගන්නා එක නෙවෙයි.. ලෝක බොරු සේරම කියලා බලයට එන්නයි, ඒ ඇවිත් මේ රට ඉහගෙන කන්නයි විතරයි. නව ජනාධිපති ගෝඨාභය මහත්මයා සහ පරණ වැරදි හදාගෙන ඔහුගේ අඩි පාරේ යන නව රජයට උණුසුම් සුබපැතුම්..!!!
මේක කරන්නේ ලංකාවේ නොවැ. ඒ හින්දා මට හිතෙන්නේ අන්තිමට සිද්ධ වෙන්නේ දැනටමත් අරමුණක් නැති පාඨමාලා උගන්වන, පර්යේෂණවලට කිසිම තැනක් නැති විශ්ව විද්‍යාල පද්ධතිය තවත් ගොඩනැගිලි අතින් පුළුල් වීමක් පමණයි. ගුණාත්මක වැඩිවීමක් නම් සිදුවෙයි කියලා හිතන්න බැහැ. තියෙන ටිකත් පල්ලම් බහී. වැදගත්ම දේ අධ්‍යාපන විද්‍යා පීඨ තිබෙන්නේ සුදුසුකම් ලත් ගුරුවරුන් බිහිකිරීම සඳහායි. විශ්ව විද්‍යාලවල අරමුණ ඊට වඩා වෙනස්. ඔය මොනවා නැතත් සිද්දවෙන එක දෙයක් නම් කැට තියලා කියන්න පුළුවන්. කොළඹ පැත්තේ අපේ මහපාරවල් ටික බ්ලොක් වෙන ප්‍රමාණය අනිවාර්යයෙන්ම දෙගුණ තෙගුණ වෙනවා. කනක් ඇහිලා ඉන්න නම් වෙන්නේ නෑ.
සමහරු දන්නේ නැහැ තරුණ සේවා සභාව, විද්‍යා පීඨ අපේ රටේ ආරම්භ කලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා...
කමෙන්ට් කරපු සේරම පණ්ඩිතයන් වගේ. මතක නැතිව ඇති වයඹ, ඌව, සබරගමු කොහොමද දැන් තියෙන තත්වයට ගෙනාවේ කියලා.
හොඳ වැඩක්... කාලය සමග විද්‍යා පීඨ තව දියුණු වේ.