කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය ගැන කරන ප්‍රකාශ ගැන විවාධ කිරීමට ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට එන්නැයි අධ්‍යාපන අමැති සහ කුරුණෑගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) හිටපු ජනපතිට අභියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් උඩ ගිහින් වගේ.? (ර)
මං හිතනවා හිටපු ජනාධිපතිතුමා මේ විකට්ටුවෙන් එළියට යන බෝලෙට පිත්ත දිගු කරන එකක් නෑ කියලා? (ර)
මහින්ද මහත්තයා අභියෝගය බාරගනීද? (නි)
නිදහස් සන්ධානේ අන්තිමයා හොදයි මෙයාගේ අබියෝගෙට. මහින්ද ආවොත් මෙයා හත්පොලේම ගාගන්නවා. (ර)
සිංහයෙකුට අභියෝග කරනවා දැකල නැහැ? (බ)
එජාප නායකයින්, ජවිපෙ නායකයින් හා අනෙකුත් මහින්ද විරෝධීන් මේ දවස් වල වචන සීයක් කතා කළොත් සීයෙන් අනූනවයක්ම මහින්දට පහර ගහන වචන තමයි කතා කරන්නෙ. ඔක්කොගෙම පොදු හතුරා හා පොදු මාතෘකාව "මහින්ද". තමන්ගේ දේශපාලන පක්ෂය හෝ සංවිධානය ජයග්‍රහණයකින් පසු ජනතාවට ලබාදෙන දේවල් හා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගැන වැඩි සඳහනක් නැහැ. දැන් ඔය කියුම් කෙරුම් ගැන ජනතාව නිසි අවධානයකින් ඉන්නෙ. හඬ පමණයි වැඩ නැහැ කියලා හොදටම තේරෙනවා. ඔහොම ගියොත් මෙච්චර කල් වෙච්ච දේ අගොස්තු දහඅට වෙනිදත් වෙනවා. නිකමට හිතලා බලන්න ඔය කරන දේවල් වලින් කාගෙ ප්‍රතිරූපයද නංවන්නෙ කියලා. (නි)
ඔය බේබිට තාම සිරිත් විරිත් ආචාරධර්ම ගැන වැටහීම නැහැ. අනුකම්පා කරමු.(ම)
ජගත්, කවුද උගත් ,සාධාරණ මිනිස්සු කියලා කියනවද? (නි)
රතු පාට වෙන බලකායක් (බ)
සත්‍යයා, ලංකාවේ නෙමෙයිද හිටියේ? ජන 8 ට කලිනුත් එන්න කිව්වා. නමුත් විවාදයට එන්න මධ්‍යම කාරක සභාවෙන් අවසර නැහැ කිවුවා. (නි)
සිංහයන් ගැරඩි සමග සටන් කරන්නේ නැත . (ම)
තාමත් මහින්දට ආවඩන කට්ටියක් ඉන්නවා වගෙයි (නි)
විජේරත්න, හිතලා බලන්න ඇයි මහින්ද ඒ තැනට වැටුනේ කියලා. එයා විසින්ම කරගත් දෙයක් නොවේද? (නි)
ප්‍රභාකරන්ට ආවඩන අය ඉන්න රටේ රට බේරාගත් මහින්දට ආවඩන එකේ වරදක් තියෙන්නේ කොහොමද? (නි)
මෙයා කවුද මහින්දට අභියෝග කරන්න. (ම)
දෙකක් දා ගත්ත මියගේ කතාව මතක් වුනා.මේ අය කවුද මහින්දට අභියෝග කරන්න...අවුලක් නැහැ..(බ)
මට මතක් වෙනවා අර රා බීපු (අ)
සිංහයන්ට සුනකයන් සමග ගනුදෙනු නැත .මහින්දට ජය (ම)
අනේ යන්න මෙයා. යන්න වෙන මොන කතාද අනේ (ම)
මහින්ද එන විවාද. මහින්ද බලයේ හිටපු එක දවසකවත් අාවද විවාද වලට. මහින්ද හොදයි පාලු ගෙවල් වල වලන් බිඳින්න. (බ)
අනේ හොඳයි. ජයවේවා! (නි)
චන්න බුවනෙකගේ අදහසට මම සම්පුර්ණයෙන් එකඟයි (නි)
එජාපයටද දැන් ඡන්දෙ දෙන්න කියන්නේ ? (බ)
හරි ඔය උඩ ඉන්න කට්ටිය කියන සිංහයාට යන්න කියන්නකෝ විවාදයකට,, තමන් නිර්දෝෂී නම් ඇයි හැංගෙන්නේ,, එක රාජපක්ෂ කෙනෙක් හරි ගීයාද විවාදයකට. සදහටම නැත!! (බ)
ඇමතිතුමනි,ඔබට ජය! (නි)
ඔය විවාදෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (නි)
නියමයි. ජයවේවා! (නි)
මේ සියලුම දෙනා කටින් බතල කොළ හිටවන බව අපි දන්නවා.බොරු පම්පෝරිය කියනවා විතරයි (නි)
විසිල් විතරයි, බල්ටි නෑ! (ම)
නියමයි. ජයවේවා! (ම)
මෙයා තාම පොඩි වැඩියි.(හේ)..
මේකට හොඳ පිළිතුරු හෙට අනිද්දා දේශපාලන වේදිකාවලින් ඇසේවි. (නි)
දින 100 ගැන වාද කිරීම නාස්තියකි (ම)
අභියෝගය පිළිගනීද?(හේ)
වැටිච්ච සිංහයන්ට නරි අභියෝග කරනවා කියන්නේ මේවට තමයි (බ)
කවුද මේ නිකම් ඇමැතිවරු සමග වාදයට යන්නේ .?මීට වඩා ලොකු කටයුතු මහින්ද මහතාට තියෙනවා. (බ)
මේ ආරාධනාව කරන්න තිබුනේ ජනවාරි 8ට කලින්. (නි)
ශෂින්ද්‍රට හරීන් එන්න කිවුවා. මහින්දට මෛත්‍රී එන්න කිව්වා. මහින්දට රනිල් එන්න කිව්වා. මහින්දට අකිල එන්න කියනවා. කවදත් එන්න නැහැ. මේගොල්ලෝ ප්‍රසිද්ධියේ විවාද වලට නොයන්නේ ඇයි කියලා අපි දන්නවා. කොහොමත් උගත් මිනිස්සු එක්ක ,සාධාරන මිනිස්සුත් එක්ක වාද කරන්න ගියාම ගොඩක් අමාරුයි. (නි)
අභියෝග, ප්‍රතියෝග, තොවිල්, මවිල් ඔක්කොම ඡන්දෙ කාලෙට. මේවා ඔක්කොම බොරු කතා. අභියෝග කරන කෙනත් ලක් වෙන කෙනත් ඔක්කොම එකයි. (ර)
"ලුලා නැති වලට කනයා පණ්ඩිතයා" කට පරිස්සන් කරගත්තොත් හොදයි .නැතිනම් සුවර් එකටම තමුන්ව පණපිටින් ඇපයේ යනවා...ඔහේ වගේ නරියෙක් එක්ක වාද කරන්න අපේ මහින්ද මහත්තයට වෙලාවක් නැ මෝඩයෝ.මාළුවා නහින්නේ කට නිසා. (අ)
මට පක්ෂ පාට නැහැ. නමුත් මහින්ද නමැති දේශපාලනයෙහි පරිනත පුද්ගලයාට අභියෝග කරන්න තරම් ඔබ තත්වයකට පත්වී නැහැ. ඔබලාගේ ආණ්ඩුවත් කඩා වැටෙන මොහොත කොයි වේලාවේද කියන්න බැහැ. ප්‍රථමයෙන් ආණ්ඩුව ශක්තිමත් කර ගන්න බලන්න. වාචාල වෙන්න එපා. එහෙම වුණොත් අනාගතය කෙටි වෙනවා. (අ)
ඉල්ලන් කන්න වගේ (අ)
රටේ අධ්‍යාපන ඇමති කම කරන්න ඕන එම ක්ෂේත්‍රෙය් උගත් දක්ෂ අය. සීනිබෝල කතා කියන පවුඩර් බබාලට පුලුවන්ද රටේ අනාගත පරපුරට හරි අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නංවන්න? (ම)
මහින්ද කියන්නේ රට එක්සේසත් කරපු ලෝක නායකයෙක්.ඔයා අනිත් අයෙ පවුඩර් බබ්බු .අපි දන්නවා.(අ)
දෙකක් දා ගත්ත මීයගේ කතාව මතක් උනා. මේ අය කවුද මහින්දට අභියෝග කරන්න.? (ර)
බල්ලෝ බිරුවට කවදද කඳු පාත් වුණේ (ම)