IMG-LOGO

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ගුරුවරු විරෝධතාවයක

(නිමල කොඩිතුවක්කු)

සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ අද (26) විරෝධතාවක නිරත වූහ.

එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රය තුළ බිම වාඩි වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවය නිරත වූහ.

තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග අවස්ථා ගණනකදී ඉල්ලා සිටියත් ඊට අවස්ථාවක් නොලැබූ බැවින් මෙලෙස විරෝධතාවය නිරත වූ බවත් එම ගුරුවරු පැවසූහ.

අතර මැදි පන්ති සඳහා තම දරුවන් තමා සිටින පාසලට ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය මේ වසරේ කප්පාදු කළහොත් කිසිදු ගුරුවරයෙකුට මෙම වරප්‍රසාදය යළි හිමි නොවනු ඇති බවත් ඔහු පවසති.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ කුමන හේතුවක් නිසාවත් පුරප්පාඩු නොමැති පන්ති සඳහා ළමුන් ඇතුළත් කර නොගන්නා බවයි.

පුරප්පාඩු පවතින පාසල් සඳහා චක්‍රලේඛය නිකුත් කළ පසු පවතින ක්‍රමවේදය යටතේ එම ගුරුවරුන්ට අතරමැදි පන්ති සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (2)

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ගුරුවරු විරෝධතාවයක

Sudhes Gamini Monday, 26 May 2025 08:32 PM

උසස්‍ යැයි සම්මත පාසල්වල සේවය කරන ගුරුවරු හැමදාම එවැනි පාසල්වලම ඉන්නවා ඔවුන්ගේ දරුවන්ට විශේෂ වරප්‍රසාද ඉල්ලනවා රටේ සේවය කරන්නේ එම පාසල්වල සේවය කරන ගුරුවරු පමණක්ම නොවෙයිනේ උන්දැලා හැර තවත් විශාල ගුරු පිරිසක් ඉන්නවා. ඒ හැර විවිධ රාජකාරි කරන තවත් බොහෝමයක් ඉන්නවා. ඉතින් ඔය ඉල්ලීම අනෙක් සියලු දෙනාගේ මෙන්ම දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවාමයි... එහෙම ඉල්ලීම් කිරීමට කිසිම ඉඩක්නම් නොදිය යුතුයි..

:       0       0

අමා Monday, 26 May 2025 09:01 PM

ඔය ඇත්තන්ට තැපෑලෙන් වදිනකොට සනීප ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site