( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව නීත්‍යානුකූල විදේශ ගමන් බලපතයක් , ජාතික හැදුනුම්පත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු ලබන 02 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට , එහි අමාත්‍යාංශ ලේකම්ට , ආගමන විගමන පාලකවරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට අද ( 30) නියෝග කළේය.
අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම අධිකරණ නියෝග පරිදි යළිත් අද (30) පස්වරුවේදී කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ලබන 02, 03 සහ 04 යන දිනවලදී සලකා බැලේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකල්පයක් හොයා ගත්තා නම් හරි ඉක්මණින්ම...
මහජනයාව උසි ගැන්වීමක් පමණි. අන්තිමට කිසිම දෙයක් වන්නේ නැත.
ශිරන්ති නෝනගේ කල්ල මරේ වගෙයි පෙනෙන්නේ. "ගෝඨාභය රාජපක්ෂ පවතින රෙගුලාසි උල්ලංඝනය කරමින් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් 2005 වසරේ නොවැම්බර් මස වනවිට එම විෂයට අදාළ ඇමැතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ නොසිටිබවත් පුරවැසි සහතිකයේ 'ඇමති වෙනුවට' යැයි වෙන කෙනෙක් අත්සන් කර ඇති බවත්" මේ පෙත්සම ඉදිරිපත් කළ අය කියනවා."සීඅයිඩිය කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2005දී නොව පසුකාලයක දී පෙර දිනයක් සඳහන් කරමින් බවත් එහිදී ඔහු ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට නියමිත රජයේ ගාස්තුවද ගෙවා නැති බවත් ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයම අවලංගු එකක් බවත් "ඔවුන් කියනවා. මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය වෙනුවට වෙනත් විකල්ප අපේක්ෂකයෙකුද සූදානම් කර තබා ගන්නැයි මැතිවරණ කොමිසම විසින් මහින්ද රාජපක්ෂට රහසිගත පණිවිඩයකින් දන්වා ඇතැයි කියනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ දැනට ඔහුගේ ඇමෙරිකානු පුරවැසි භාවය කාටත් නොකියා ඉවත් කරගෙන ඇති බවත් යම් හෙයකින් ඒකත් ගැස්සුණහොත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය දාන්න වෙනබවත් කියනවා..
මට මතකයි එදා මහින්ද පාලන කාලයේ ෆොන්සේකා ජනපතිවරණයට ඉල්ලද්දී එවකට ආණ්ඩුවේ හැමෝම දැනගෙන උන්නා ඔහු ද්විත්ව පුරවැසියෙක් කියලා... නමුත් ඒ පිටින් දාලා ෆොන්සේකාගේ අපේක්ෂකත්වය නැති කරන්න උත්සාහ ගත්තේ නැහැ. කොටින්ම ෆොන්සේකාට තමන්ගේ ඡන්දය වත් දාන්න බැරි වුණා. ඔහුගේ පුරවැසිකම ඇමෙරිකාවේ නිසා, ගෝඨා තමන්ගේ පුරවැසිභාවය ඔප්පු කිරීම කළ යුතුයි. නමුත් මේ හොර යහපාලන නඩය ගෝඨාභයට ඇති බිය කියන්නේ උපන්ගෙයිම නැතිකරලා දාන්න හදනවා. තමන්ට තමන්ගේ අයවත් විශ්වාස නැති ඔවුන් පුදුම ගෝඨා බියකින් පෙළෙන්නේ. ඇත්තටම ලැජ්ජයි මේ යහපාළුවන් ගැන. ඔවුන්ගේ හැමදේම ෆේල් බව ඔවුන් ඔප්පු කරනවා.
ඔක්කොම කතාලු... ලු වලින් ඉවර වෙන්නේ. ඉවසලා ඉමු. තව දවස් කීයද?
හිරේ මිනීමැරුම් දඬුවම් විඳින දෙන්නෙක්ව මෙයා බලයට ආවොත් ඒ මොහොතේම නිදහස් කරනවා. මෙයා මොනවා කීවත් ඒ ගැන අහන ප්‍රශ්නවලට කට හොල්ලන්නේ නැහැ.
එක දෙයක් හොඳට පේනවා. පුර වැසියෝටික අම්බානකට බයවෙලා...!