කිසිදු අවස්ථාවකදී මෙරටට විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බවත් තමන් මෙරට අධිකරණ ක්ෂේත‍්‍රය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා සිටින බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිකුරාදා (18) “ශ්‍රීලංකාවේ ඉදිරි ගමන” තේමාවෙන් වාද්දූව බ්ලූ වෝටර්ස් හෝටලයේදී පැවති ජාතික නීති සමුළුවේ සමාරම්භක උළෙල අමතමින් පැවසීය.
අධිකරණ ක්ෂේත‍්‍රයට මා ප‍්‍රමුඛ ආණ්ඩුව කිසිදු බලපෑමක් නොකරන බවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ සියලූ දෙනාට නිදහසේ කටයුතු කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කරන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල මහතා එහිදි කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.
“අපේ රටේ වගේම ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින රටවල මූලික වශයෙන් රාජ්‍යයේ යහ පැවැත්වම සඳහා විධායකය, ව්‍යවස්ථාදයක හා අධිකරණය සිය වගකීම් හා යුතුකම් නිසි ලෙස ඉටු කිරීම අවශ්‍ය වෙනවා. මෙයින් එක් ආයතනයක් හෝ සිය වගකීම් හා රාජකාරීවලින් බැහැර වුවහොත් මුළු රාජ්‍යය නොසන්සුන් වෙනවා. රාජ්‍යය පමණක් නොව රාජ්‍යයේ පුරවැසියන්ගේ ජන ජීවිත අවුල් කෙරෙනවා. රාජ්‍ය පැවැත්ම, රාජ්‍යයේ පුරවැසියන්ගේ අයිතිය, නිදහස දෛනික කටයුතු ඇතුළු සියල්ල අවුල් වෙනවා. එම නිසා ඒ ඒ අංශවල පුද්ගලයන් තම තමන්ගේ යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු වෙනවා.”




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද හිටන්? (බ)
රටේ නීතිය ටිකක් පරණ වැඩියි ජනාධිපතිතුමනි. එ්ක ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිස් නිලධාරීන්ටත් ටිකක් දැනුම් තේරුම් මදි. පරණ නීති පොත එක්ක ඒගොල්ලෝ සර්වබලධාරී වෙන්න හදනවා. මේවා නිවැරදි කරන්න අමාරු දේවල්. එ්ත් ඔබතුමාට හෙමින්, කල්පනාවෙන් මේ දේ කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. (නි)
රෝම ලන්දේසි කාලයේ සිට එන දික්කසාද නීතිය වෙනස් කරන්න. අද සෑම උසාවියකම ගොඩගැසී ඇති නඩු 90% ක්ම දික්කසාද හා නඩත්තු නඩු. දියුණු රටවල් දිහා බලන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
අවම වශයෙන් වසර 2 ට වැඩියෙන් නඩත්තු ගෙවමින් වෙන්ව සිටින සැමියෙකුට/බිරිඳකට පහසුවෙන් දික්කසාද ලබාගත හැකි සේ නීතිය වෙනස් කරන්න. අපේ රටේ නඩත්තු පනතයි , දික්කසාද පනතයි දෙකක් කළ දෙයින් වුණේ දික්කසාද නොවි නමුත් වෙන්ව සිටිමින් නඩත්තු විතරක් ගෙවන තත්වයක් ඇතිවීමයි. (නි)
රටේ හැමදේම අළුත්වෙලා. නව තාක්ෂණය ඇවිල්ලා. ස්මාර්ට් ෆෝන් හැමෝගෙම අතේ. නමුත් නීතිය වෙනස් වෙලාද? නැහැ. පරණ හනමිටි කාලේ සිට එන දික්කසාද නීති, ඉඩම් නීති හා උසාවි වල නඩු අහන පරණ ක්‍රම එසේමයි. හැබැයි ගාස්තු නම් අහස උසට නැගලා. ඒවා වෙනස් වෙනවා. සාමාන්‍ය ජනයාට ඉක්මනින් නඩුවක් ඉවර වෙන විදියක් නම් නැහැ. (නි)
ජනතාවට පහසුවෙන ආකාරයට යුක්තිය සාධාරණය තව තවත් වැඩිවෙන ආකාරයට නීති වෙනස් කරන්න සල්ලි යන්නෙ නැහැ. එය කරන්න. රස්සා වලින් නිවාඩු දාගෙන උසාවි වල අවුරුදු ගණන් රස්තියාදු කරවන මේ නීති සංස්කෘතිය වෙනස් කළයුතුයි කියලා නීති විශාරදයින්ට නොහැඟෙන්නේ ඇයි? (නි)
බොරුවට නඩු කල් අදින එකන් නාස්ති වන්ෙන් රෙට් සම්පත්, නැවත ගත නාහැකි රන් හා සමාන කාලය සහ කවුරුන් ෙහා් සාධාරණ මිනිෙසකුට සාධාරණය ඉටුකරගැනිමට ගතවන කාලයයි. අහේතුකව නඩු කල් දාන නිතිඥයන් හා විනිසුරුවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න.(බ)
ලංකාවේ ඉඩම් නඩුවක් තියෙනවා කියන්නෙ පරම්පරා ගාණක් යනකම් ඉවනරයක් නැහැ කියන එකයි. මේකෙන් අසාධාරණය වෙන්නෙ ඉඩමේ නියම හිමිකරුටයි. මක්නිසාද ඔහු මියයනතෙක්ම නීතියෙන් සාධාරණයක් ඉටුනොවිමයි. (නි)
ලංකාවේ නීති ක්‍රමයේ වෙනසක් ඇතිවිය යුතුය. ලෝකයේ දියුණු රටවල් පුර්වාදර්ශයට ගෙන රටට ඔබින ආකාරයට නීති වෙනස් කර නීතිය පසිඳලීමේ කටයුතු ඉක්මන් කිරීමෙන් ජනතාවට විශාල සෙතක් වේ. (නි)
සමහර නීතිඥයො නඩු කියනවා කියලා කරන්නෙ ඊළඟ දිනය ගන්න එක විතරයි. අහිංසක මිනිසුන්ගෙ සල්ලි කාලය ජීවිත මොනතරම් නාස්ති කරනවද සිතාමතාම. නඩු ඇදිම වළක්වාලන නීති ක්‍රියාත්මක කරන්න. වෙන රටවල් වල මෙහෙම නැහැ. (නි)
අපේ රටේ නඩුවක් දැම්මහම තින්දුව එන්න කල්ප කාලාන්තරයක් යනවා නම් ඉන් ඇති ඵලය කුමක්ද? එය සාධාරනය ඉටුවිමක් නෙමෙයි. (නි)
තම සේවාදායකයාට අය කරන ගාස්තුවට බිලක් ලබාදිය යුතු බවට නිතියක් ගෙන එන්න. හිතු හිතු ගණන අයකර අසරණ මිනිසුන් අසරණ වූ වෙලාවට ගසාකෑමට ඉඩ නොදෙන්න. දොස්තරවරයෙකු ළගට බෙහෙත් ගන්න ගියත් බිලක් දෙනවා. ඇයි නිතිඥවරයා බිලක් නොදෙන්නේ? (බ)
වසර ගණන් වෙන්වෙලා, නඩත්තු ගෙවමින් උසාවියෙදි පමණක් දකින, පවුල් කොපමණ සිටිනවාද? නමුත් අනෙකාගෙන් පළිගැනිමේ අදහසින් දික්කසාදය නොදී සිටින වෛරී සංස්කෘතියක් අප ඇතුළු ආසියාතික රටවල තියෙනවා. ඇයි මේ හණමිටි දික්කසාද නීතිය වෙනස් කරලා වසර 2 ක් හෝ වසර 5 ක් හරි කමක්නැහැ වෙන්වෙලා නඩත්තු ගෙවමින් සිටින අයට දික්කසාද ගන්න එය හේතුවක් ලෙස නීතියෙන් නොසළකන්නේ? (නි)
මොකක්දෝ පහළට එල්ලාගෙන (බ)
උසාවි වල ගොඩගැසී ඇති දික්කසාද මහ නඩත්තු නඩු ඉක්මනින් අවසන් කරන්න වැඩපිලිවෙලක් යොදන්න. මේවා සෑමඋසාවිටකටම මහත් හිසරදයකි. මේවා මිනිමැරුම් නඩු නොවන නිසා ඉක්මන් විසදුම් දිය හැකියි නේද? එසේ නොවූ විට තමයි මිනිමැරුම් දක්වාත් දුරදිග යන්නේ. (බ)
අද නඩුනව තිබිලා ඊළඟ නඩු දිනය තව මාස තුනකින්. එදාට පැමිනිල්ලෙ නීතිඥයා නැහැ. ආයෙත් දිනය තව මාස 3 න්. එදාට විත්තියේ නීතිඥවරයා නැහැ. මෙහෙම ඉතින් කවදා නඩු අපේ ලංකාවෙ ඉවර කරන්නද? එක දිගට නඩුව ඇහුවා නම් කාටවත් අමතක වෙන්නෙත් නැහැ. විනිසුරුවරු, නීතිඥයො මාරු වෙන්නෙතක් නැහැ. (නි)
හුදී ජනයාට බරපතල ලෙස බලපාන ජනතාව ඉතාම කළකිරී ඇති තැනක් අපේ රටේ නීති ක්ෂේ්ත්‍රය. නමුත් කතාබහට ලක්වෙනවා අඩුයි. නඩු යන්නෝ වැනසෙන්නෝය කියන තැනටම පත්වෙලයි තියෙන්නෙ අද වෙනකොට. (නි)
ලෝකයේ දියුණු රටවල් දික්කසාද හා නඩත්තු නඩු ඉලාස්ටික් ක්‍රමයට නොයන්නත්, ඒ උසාවි වල මෙවැනි නඩු ගොඩ නොගැසෙන්නත්, අපේ රටේ විතරක් මෙවැනි නඩු වලින් උසාවි පිරිලා ඉතිරිලා යන්නත් හේතුව කමිටුවක් දාලා හරි සොයලා බැලුවොත් ලොකු යහපතක්. ජනතාව කළකිරිලා ඉන්නේ. (නි)
බෙහෙතක් ගත්තත් අපිට බිලක් දෙනවා. නමුත් කිසිම නීතිඥයෙක් හිතු හිතු ගණන් ගත්තට බිලක් දෙන්නෙ නැහැ. ඇයි මෙහෙම කරන්න ඉඩදෙන්නේ? පාරිභෝගික අයිතිවාසිකම් නීතිඥයො විසින්ම බිඳින්නෙ ඇයි? (නි)
සමහර නිතිඥවරු කරන්නේ ඊළඟ නඩු දිනය අරන් දෙන එක විතරයි. මේක මහා අපරාධයක්. උසාවිවල කි දෙනෙකුගේ කාලය කනවද? අසරණ මිනිසුන්ගේ කාලය, රස්සාවකට යන්න නැහැ, උදේ සිට සවස් වනතුරු උසාවියේ සිට දිනයක් අරගෙන එනවා පමණයි. (බ)
නිතිඥවරු ආදායම් බුද ගෙවනවාද? බිලක් නොදී සිටින්නේ ආදායම් බදු වලින් මඟහැරිමටයි. ඇයි රජය ඇස්කන් පියාගෙන ඉන්නේ. (නි)
නිතිඥ මහත්වරුන්ට විශ්‍රාම යායුතු වයසක් නැද්ද? එයාලගෙත් මතක ශක්තිය කතා කිරීමේ ශක්තිය වයසත් එක්ක අඩුවෙනවා නේද? (නි)
උඩරට නීතියෙන් බැඳපු අයට දික්කසාදය ගන්න උසාවි යන්න ඕනෑ නැහැ. මුස්ලිම් හා තේසවලාමේ නීතියෙනුත් දන්නා තරමට පහසුයි. ඇයි මේ අසාධාරණ නීති? (නි)
උඩරට, මුස්ලිම් හා තේසවලාමේ නීතියේ නොහොඳක් මම නොදකිමි. පහතරට නීතියේ ඇති අඩුපාඩුව දකිමි. නීති තද වැඩි පහතරට නීතිය බලපාන අයටයි. (නි)
නීතිය ඔයතරම් සාධාරණ නම්, "නඩුයන්නෝ වැනසෙන්නෝය" කියන තැනට පත්වුණේ කොහොමද? (නි)
උඩරට මුස්ලිම් හා තේසවලාමේ නීතියෙනුත් පහසුවිම නෙමෙයි අසාධාරණ. පහතරට නීතියෙන් ඉතාමත්ම අපහසුවිමයි අසාධාරණය. (නි)
සමහරු තමන්ට කිසිම අයිතියක් නැති දේපොල වලට නඩු දානවා. ටිකක්කල් හරි එතන රැඳෙන්න බලාගෙන. අපේ රටේ නීතියෙ තියෙන ලොකු හිඩැසක් මේක. මෙම තත්වය නැති කරන්න බැරිද? (නි)
උසාවියකට ගිහින් සමික්ෂණයක් කර බලන්න මොනතරම් සෙනඟක් කාලය කකා ශාප කර කර ඉන්නවද කියලා. ඒත් එක්කම බලන්න එක නීතිඥයෙක් දිනකට නඩු කීයකට පෙනී සිටිනවාද කියලා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම මිලියන ගණනකින් ඉහළ දමාගත හැකියි. (නි)
සෑම නීතිඥයෙනක්ම තම සේවාදායකයාට බිලක් දිය යුතු ලෙස නීතියක් ගෙන එන්න. හිතු හිතු ගණන් අයකර ගසාකන්න රජයෙන් ඉඩදෙනනේ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නැහැ. (නි)
එක් නීතිඥයෙකුට දිනකට කතා කළහැකි නඩු ගණනක් මේ යැයි සිමාවක් පනවන්න. දැන්වෙලා තියෙන්නේ දිනකට නඩු 10-15 කතාකරන නීතිඥවරු ඉන්නවා. එක නඩුවකටවත් ලෑස්තිවෙන්න වෙලා නැහැ. ඒ නිසා මොනවා හරි බොරුවක් කරලා කල්ගන්නවා. නඩු ඇදෙන්න මෙවැනි අයත් බලපානවා. (නි)
ගොඩගැසී ඇති දික්කසාද හා නඩත්තු නඩු සෑම උසාවියකම වෙනම අංශයක් පිහිටුවා ඒ මඟින් විසඳන්න. ළඟ ළඟ නඩු දින ලබා දෙන්න. විමසීම කරනවිට විනාඩි 10-15 ක් නොව පැයක් දෙකක් ගෙන එක් නඩුවක්වත් අවසන්වන තැනට කටයුතු කරන්න. අසරණ ජනතාවට යහපතක් වේවි. අනවශ්‍ය රස්තියාදුව නැතිවේවි. (නි)
සෑම නීතිඥයෙකුටම තම සේවාදායකයාට බිලක් දිය යුතු ලෙස නීතියක් ගෙන එන්න. එක් නීතිඥයෙකුට දිනකට කතා කළහැකි නඩු ගණනක් මේ යැයි සිමාවක් පනවන්න. අහේතුකව නඩු කල් අදින නීතිඥයින්ට විනිසුරුවරුන්ට එරෙහිව පැමිනිලි කළහැකි ස්ථානයක් හදන්න. සෑම උසාවියකටම වදයක් වි ඇති සිය දහස් ගණනින් ඇති දික්කසාද/නඩත්තු නඩු ඉක්මනින් අවසන් කරන ක්‍රමයක් හදන්න. (නි)
ඕක ඉතින් වියයුතු දෙයක්නේ. අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? (නි)
මැදමූලන කණ්ඩායම විසින් පසුගියදා හයිඩ් පිටියේදී පැවැති රැස්වීමට සහභාගී වූ ජන සංඛ්‍යාව 11000 ක් පමණ වෙතැයි වාර්තා කර තිබේ. (බ)
උගත් බුද්ධිමත් පිරිසක් පොලිසියට බඳවා ගත්ත නම් සහ අල්ලස් ගැනීම අඩු කළානම් , රටට ගැලපෙන්නේ නැති පරණ නිතිය හරි ක්‍රියාත්මක වේවි පක්ෂග්‍රාහී නොවී , එතකොට රටේ අපරාධ අඩුවීමටත් , නඩු අඩුවීමටත් එ්ක බලපාවි . (බ)
පොලිසියේ සහ සමත මණ්ඩල වල පුද්ගලයන් නීතියේ සාධාරණය අසාධාරණය අල්ලසහි ප්‍රමාණය මත තීරණය කිරීම නිසා රටේ අපරාධ වැඩි වී ඒ මගින් නඩුද වැඩිවේ.(බ)
ලංකාවේ බලයට පත්වූ කිසිම රජයක් මේ දක්වා කිසිදු ආකාරයකින් හෝ "අධිකරණයට ආණ්ඩුවෙන් බලපෑමක්" නොකළ බව ලංකාවාසී අපි දනිමු. (නි)
විධායකය කියන්නේ ආයතනයක් නෙමෙයි. එක පුද්ගලයෙක්. ලංකාවේ විධායකයට නීති මාලාවක් නැහැ. තමන් කැමති දෙයක් කළහැකියි. උසාවි ගෙනියන්නත් බැහැ. ඔය විධායකය අනිවාර්යෙන්ම නැති කරනවා කියලා තමයි 2015 ජනපතිවරණ ලොකුම පොරොන්දුව වුණේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් විශාල ඡන්ද ප්‍රමාණයක් දුන්නේ මේ වතාවේ නම් එ්ක නැති කරයි කියලා 100% ක විශ්වාසෙකින් (නි)
ලංකාවේ තාම තියෙන්නේ යටත් විජිතවාදී නිතිය. ඒවා සැදුවේ යටත් විජිතයක් පාලනය කිරීම සදහා මිසක් එහි වැසියන්ගේ පහසුවක් සදහා නෙමෙයි. ඔය ඉඩම් නඩු දික්කසාද කල් ඇදෙමින් මිනිස්සුන්ගේ කාලය මුදල් විනාස කරන්නේ එනිසයි. ලංකාව තව දුරටත් යටත් විජිතයක් ලෙස පාලනය කිරීමේ අවශ්‍ය තාවයක් නැහැ. එනිසා එහි වැසියන්ගේ යහපත සහ කාර්යක්ෂමතාව උදෙසා පවතින නීතිය සංස්කරණය කිරීම අවශ්‍යයි. (ර)
ටිකිරි බණ්ඩා ඔබගේ වාර්තාව බොරු ,හැමදාම බොරුව රජ වෙන්නැහැ ටිකිරි බණ්ඩා. (ර)
ටිකිරි -බොරුවට ආයුෂ නැහැ බෙහෙතුත් නැහැ. (ර)
දැන් යහපාලනය හත්පොලේ ගාගෙන ඉන්නේ. ඔහොම යමුකෝ (නි)
ඉන්දික, නලාකු ලොක්කේවත් නිතිඥවරුවත් ඉඩම් නඩ ුදික්කසාද නඩු කියන්න උසාවි යන්නෙ නැහැනේ. ඒ නිසා සාමාන්‍ය මිනිහා විදින දුක කරදර ඒ අය දන්නේ නහැ. යටත්විජිත කාලෙ නිති තියාගෙන මිනිස්සු රස්තියාදු කර කර ඉන්නවා. නිතිඥයන්ටත් හොදයිනේ නඩු වැඩිවෙන තරමට. ඒ නිසා ඒ අයත් මොනවත් කරන්නෙ නැහැ මේවා ඉවර කරන්න. (ර)
රථවාහන නීතියත් හොඳටම පරණයි , පරස්පර විරෝධියි , ඒ විදිහට වාහන වලට පාරේ යන්න වෙන්නේ නැහැ. (ර)
අනේ ඇත්තට මේ දික්කසාද නඩුයි නඩත්තු නඩුයි ඉවර කළොත් උසාවි වල ගොඩ ගැහිලා තියෙන නඩු වලින් 90% ක් විතර ඉවරයි. මේවා මොනවට ඇද ඇද තියාගෙන අවුරුදු ගන්න ගන්නවද කියලා මටනම් තේරෙන්නෙ නැහැ. දික්කසාද නඩුවක් අවසන් කරන්න නියමිත කාල සිමාවක්වත් දෙන්න බැරිද? බොරුවටනේ මේවා මේ අදින්නේ. මොකද මිනිමැරැම් නඩු නෙමෙයිනේ. විනිසුරුවරයාට ලොකු වගකිමක් තියෙනවා දෙපැත්තෙම නිතිඥචරුන්ට අවවාද දිලා නඩු ඉක්මනින් අවසන් කරවන්න. දියුනු රටවල මේවා මොන තරම් පිලිවෙලට කාර්යක්ෂම කරනවද? (ර)
ගරු ජනපතිතුමනි, ඔබට බොහොම පින් හයිබ්‍රිඩ් උසාවි නොදෙන තීරණේට. හැබැයි විදේශ අැමතිතුමා නම් කිව්වා විදෙස් විනිසුරුවරුන් ගෙනෙන බව. කරුණාකර පැහැදිලි කරන්න මේ ගැන. (නි)
ලංකාවේ පවුල් නිති තද කළයි කියලා පවුල් රැකෙන්නෙ නම් නැහැ. සමහරු උසාවි යනවට වඩා ලේසියි මරන එක කියලා මිනිමැරුම් කරනවා. සමහරු පැදුරටත් නොකියා යනවා. තවත් සමහරු කසාද පවුලත් නමට තියාගෙන අනියම් පවුලකුත් ගෙනියනවා. මේ වගේ සිද්ධි වලින් පුවත්පත් පිරිලා තියෙන්නෙ ඒ නිසයි. කසාද බදිනවා වගේම එකට ඉන්න බැරිනම් පහසුවෙන් වෙන් වෙන්නත් පුළුවන් නම් මේ වගේ අයථා ක්‍රම වලට මිනිස්සු යන්නෙ නැහැ. (බ)
අපේ බවලත් උදවිය අදකාලේ ඉල්ලන්නේ මේ ලෝකෙ මන්සුසයෙකුට ගෙවන්න පුළුවන් නඩත්තුවත් වන්දිවත් නෙමෙයි. පරම්පරා හතකුත් තවත් පරම්පරාවක් දෙකක් විතර නඩත්තු කරන්න පුළුවන් විධියේ වන්දිතමයි ඉල්ලන්නේ. අන්තිමේ නඩුව අවසන් වෙනකොට අතේ තියෙන සේසතම නඩුවට වියදමි වෙලා සහ වයස 60 ත් පැනලා. (ර)
සාමාන්‍ය ජනතාව රටේ තිබෙන පරණ නීතිය අභියෝගයට ලක්කරන්න කලින්, සංශෝධනයක් කළොත් හොඳයි (නි)
එන්ගන්තේ එන්ගලන්තේ... ලංකාවේ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ... (නි)