IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිකරණයට අපහස කළැයි නීතිඥවරියගේ නඩුව අවසන් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

උසාවියට අපහාස කරන කළැයි කියමින් පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු අභියෝජනාධිකරණය විසින් නොපමාව මුදා හරිනු ලැබු පුත්තලම මහාධිකරණ කලාපයේ රාජකාරී කරන නීතීඥ එස්.ඒ.පී. උදයංගනී මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංයමය ගොනු කොට තිබූ රිට් පෙත්සමේ පාර්ශවකරුවන් අතර ඇතිවු එකඟත්වය මත නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීරණය කළේය.

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරඅ මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

පෙත්සම කැඳවඅවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර එකඟත්වයක් වී ඇති හෙයින් අනුව නඩුකරය අවසන් කිරීමට හැකියාව ඇතැයි කීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් පෙත්සම්කාරිය  අභියාචනාධිකරණයෙන් නිදහස් කර ඇති බැවින් නඩුකරය අවසන් කිරීමට තමන් කැමැත්ත පළ කරන්නෙ යැයි කීය.

දෙපැර්ශවයේ එකඟත්වය මත පෙත්සම අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතිඥවරුන් වන නිරංජන් අරූල්ප්‍රගාසම්, සේනානි දයාරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස්, ෆයිසර් මුස්තාපා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා පෙනී සිටියහ.



අදහස් (0)

අධිකරණයට අපහස කළැයි නීතිඥවරියගේ නඩුව අවසන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site