IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


‘‘අධිකරණය හෑල්ලු නොකරනු‘‘ පොලිසියට තරයේ අවවාද

(ඩී.ජි. සුගතපාල)

ස්ථාන මාරුවක් ලැබ තිබියදි අනවසරයෙන් විදුහලට ඇතුලත්වි ඇති බව පවසා වලහන්දුව ජනාධිපති බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියට විදුහලට ඇතුලුවිම තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අක්මිමණ පොලිසිය කළ ඉල්ලීම ප්‍රතිකෂේප කළ අධිකරණය මෙවැනි ඉල්ලිම් කර අධිකරණය හැල්ලුවට ලක් නොකරන ලෙස  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට තරයේ අවවාද කළේය.

නියෝජ්‍ය විදුහල්පතිනිය ඉවත්කරන ලෙස ඉල්ලා ඉකුත් 15වනදින මව්පියන් පිරිසක් දක්ෂිණ අධිවේගි මාරගයද අවහිරකරමින් විරෝධාතවක් පැවැත්වු අතර එහිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව ෙ ඇයට තාවකාලිව ස්ථාන මාරවක් ලබාදි තිබිණි.එහෙත් නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ තමාට එවැනි ස්ථානමාරවිම් ලිපියක් නොලැබුන බවය.

ඒ අනුව ඇය අද දිනයේ පාසලට පැමිණ සිටියදි පොලිසිය පැමිණ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඇයට පාසලට ඇතුලුවිම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය විදුහල්පතිනිය වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් කරුණු දක්වමින්  කිසිම අවස්ථාවක ස්ථාන මාරුවිමේ ලිපියක් ලැබි නොමැති බවයි. මෙය එක්තරා දේශපාලඥයකුගේ ඉල්ලිමකට අනුව කර ඇති දෙයක් බවත් නිතිඥවරු කියා සිටියහ.

මෙහිදි ඉදිරිපත්වු සියලු කරුණු සළකාබැලු මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩිලෙස අවවාද කොට නඩු කටයුතු අද දිනයේම අවසන් කළේය.

 



අදහස් (7)

‘‘අධිකරණය හෑල්ලු නොකරනු‘‘ පොලිසියට තරයේ අවවාද

සමන්ත Wednesday, 27 March 2024 04:10 AM

ස්ථාන මරුවක් දුන්නා හෝ නොදුන්නා කියලා සේවය කරමින් සිටි සේවා ස්ථානයට පැමිණීම තහනම් කරන්න බැහැ. සාමාන්‍යයෙන් අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ විනයානුකූලව කටයුතු කරන අවස්ථාවක එම කටයුතු කරන්න බාධාවක් නම් වැඩ තහනම් කරන වෙලාවෙ පැමිණීම තහනම් කරන්න. විනය බලධාරීන්ට පුළුවන් පොලිස් නිළධාරින් ඒකවත් නොදන්නා බව පේනවා. ඊළඟට නිවාඩු ලබාගෙන සිටින අවස්ථාවකදීත් පැමිණීමට හැකියාව නැහැ.

:       0       10

සුනිමල් Wednesday, 27 March 2024 06:55 AM

නියෝජ්‍ය විදුහල්පතිට ඔය ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහලේකම් (ඔම්බුස්ට්මන්) වෙතට පැමිණිලි කරන්න පුළුවන් ඇයට කරල තියෙන්නෙ වරදක් තමයි

:       0       11

Sharm Wednesday, 27 March 2024 06:55 AM

ඔය ගොබ්බයෝ අධිකරණය හෑල්ලුවට ලක් කලේ අද විතරද?? එක එක පඩංගු දේශපාලුවනගෙ ඕන එපාකම් වලට නීතිය නමන එක විතරනේ උන් කවදත් කලේ..

:       0       18

Sriyal Wednesday, 27 March 2024 07:13 AM

මෙවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කල යුතුය නැතිනම් ඔවුන් මෙවැනිම දේවල් කරනු ඇත

:       0       15

චන්දන Wednesday, 27 March 2024 08:43 AM

එයා අවුල ජාලයක් බව පලාත් වාසීන් දන්නව. එයා සමග මහත්තයා එකතු වෙලා එක එක්කෙනාට පෙත්සම්්ගහ න බව ප්‍රසිද්ධ යි. ඉතා අදක්ෂ කෙනෙක් . විදුහල්පති වරු ගණනාවකට විරුද්ධව , අධ්‍යක්ෂ වරුන් ට විරුද්ධව පෙත්සම් ගහල තියෙනව නිකරුණේ .

:       6       3

විමර්ශනීWednesday, 27 March 2024 06:33 PM

ඒවාට ඉතින් හිටපු පාසලට එන්න තහනම් කරන්න බැහැ. විධිමත් විනය පරීක්ෂණයක් කර විනයානුකූලව දඬුවමක් දීලා නැවතත් එවැනි දේවල් නොවෙන්න බලධාරීන් කටයුතු කරන්න ඕනෑ... ඒවාට පොලිසිය සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විධිවිධාන ආයතන සංග්‍රහයේ තියෙනවා. ඒත් ලොක්කන්ගේ නොදන්නා කමට බෙහෙත් නැහැ...!

:       0       0

ගමේ එකාලා Wednesday, 27 March 2024 07:08 PM

දූෂිත දේශපාලුවන්ට නගුට වනන අය තමයි පොලිසියේ ඉන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට
2024 අප්‍රේල් මස 28 199 0

මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැ


පොලිස් බාරයේ සිටි සැකකරු පලායයි
2024 අප්‍රේල් මස 28 90 0

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි


කැලණි ගඟේ හඳුනානොගත් මළ සිරුරක්
2024 අප්‍රේල් මස 28 64 0

කැළණි ගගේ අවිස්සාවේල්ල කිරිවන්දල උතුර ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.


රිය අනතුරින් අයෙක් මරුට
2024 අප්‍රේල් මස 28 84 0

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව අනු


කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ
2024 අප්‍රේල් මස 28 132 0

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්


කසිප්පු බී තුනක් මැරිලා
2024 අප්‍රේල් මස 28 28 0

වරකාගොාගඩ ප්‍රදේශයේ තිදෙනකු හදිසියේ මිය යාම හේතුවෙන් මේ පුද්ගලයන් තිදෙනා නීති විරෝධී මත්පැන් පානය කර මියගිය බවට ප්‍රදේශවාසීන් සැක පල කරන සිදුවීමක් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1760 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1592 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site