(මනෝප්රිය ගුණසේකර )
සයිටම් විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ලබන සිසුන්ට රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචිය ලබා දෙන්නැයි අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය විවේචනය කරමින් අධිකරණයට අපහාස කළ බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි මස 05 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු හමුවේ කැඳවනු ලැබු අවස්ථවේදී එලෙස තීරණය කළේය.
මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිනි වියන්ගොඩ යන මහත්වරු අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සමහර දොස්තරලා කතා කරන්න ගියාම දොස්තර කවුද, කොන්දොස්තර කවුද කියලා වටහා ගන්න බැරි වෙනවා. ටීවී එකෙන් මේවා අහලා බලලා අපට නම් දැන් එපාවෙලා.
ආණ්ඩුවට කඩේ යන දෙන්නෙක් නේද නඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ.. ?
කීර්තිමත් වෛද්‍ය වෘත්තිය රැක ගන්න උත්සහ කරන හැමෝටම තුනුරුවන්ගේ පිහිටයි
කවුරු කවුරුත් එක එක්කෙනාට සෑහෙන්න කඩේ යනවා. දොස්තරලද ඇතුළුව. වැඩේ කියන්නේ මේ දෙන්නට තියෙන කොන්ද අනික් යට නැති එකයි. එදා පාදෙණියලා මහාරජාට කඩේ ගියේ නැත්නම් විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ මෙතරම් පාරේ ලගින්න ඕනෙ වෙන්නේ නැහැනේ. (ඒ අය කරනකොට ඒක එහෙමයි. ඒකම මේ අය කරනකොට මෙහෙමයි.. කියන තරමටම මේ අය අන්ධ වෙලා.
වෛද්‍ය වෘත්තියේ කිර්තිය කෙසේ වෙතත් තමන්ගේ කිර්තියනම් රැකගන්න බව පේනවා. මෙයාලගේ කිර්තිය ගැන සාමාන්‍ය ජනතාවගෙන් අහලා බලන්න පුළුවන්. අසරණ ජනතාව බිල්ලට දීලා මෙයාලා ගෙනයන වැඩ ගැන, දැන් ඉවසුවා හොදටම ඇති. මෙයාලා සටන් කරන්නේ තමන්ගේ තීරු බදු රහිත වාහන ගැනයි, අනෙකුත් පුද්ගලික වරප්‍රසාද ගැන විතරයි.