(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනකු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමටද අභියාචනාධිකරණයේ විනිසුරු කේ පී ප්‍රනාන්දු මහතා එම අධිකරණයේ සභාපති ලෙස පත් කිරීමටද අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ පුරප්පාඩුව සඳහා මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත් කිරීමටද අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධූරයේ පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය මෙසේ ලැබී ඇත .
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධූරයේ එම පුරප්පාඩුව ඇති වූයේ එහි සාමාජිකයකු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මහතා විශ්‍රාම ගැනීම නිසාය .
අධිකරණ විනිසුරුවන් ලෙස සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීමට මෙම නාම යෝජනා පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කවර අර්බුදයක් තිබුණත් මහජනතාවගේ නඩු අහන්න විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරනවා නම් හොඳයි. විශේෂයෙන්ම ජනතාවගේ රස්සා සම්බන්ධයෙන් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන්. ඒ ඒ නඩුවල තියෙන වැදගත්කම පිළිබඳව සිතලා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරනවා නම් ඉතා හොඳයි. ඒ සඳහා ගරු අධිකරණ ඇමතිතුමා නිතර නිතර අදහස් ඉදිරිපත් කරනවා පේනවා. ඒත් මේ වනවිටත් ප්‍රමාද වැඩියි කියලයි මට නම් හිතෙන්නේ. හැකි නම් මේ ගැන හිතලා ඉක්මන් වැඩ පිළිවෙලක් සකස් කරන්න. මම අදහසක් පමණයි ඉදිරිපත් කලේ. ගරු අධිකරණය වෙත පැමිණි ජනතාව අසරණ වෙලයි ඉන්නේ.කාටවත් වරදක් කියන්නෙ නැහැ. මොකද මම පුද්ගලිකව මේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. මට හැම තැනින්ම අසාධාරණයක් වුනා. සාධාරණයක් ඉටු නොවුණු නිසාම තමයි මම ගරු අධිකරණය වෙත පැමිණියේ. මා වැනි තවත් සිය ගණනක් ඇති. ඒ නිසා නඩු අසා තීන්දුවක් දෙන්න කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරනවා නම් ඉතා හොඳයි. ගරු අධිකරණ විනිසුරුතුමන්ලාට ඒ සඳහා දැඩි අවශ්‍යතාවයක් තිබුණත්, තිබෙන ගැටලු මත ගරු එතුමන්ලාට කළ හැකි කිසිවක් නැහැ. එමනිසා මෙලෙස ඉදිරිපත් කරන සාධාරණ දුක්ගැනවිල්ලක් පිළිබද අවධානය යොමු කරනවා නම් මැනවි...!!!
අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සසී මහේන්ද්‍රන් මැතිතුමන්ලාට අධිකරණ සේවා සංගමයේ උණුසුම් සුබපැතුම්...!!!