( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් කියා සිටියේය.
මෙම අධිකරණ ශාලාව උපරිමාධිකරණයේ පිලිගැනීමේ උත්සව ශාලාව වුවද , මේවන විට එහි මෙම පෙත්සම් විභාගයට ගැනෙන හෙයින් එම අධිකරණයේ ගරුත්වය ආරක්ෂාවන පරිදි සියලු දෙනාම කටයුතු කළ යුතු බවද අගවිනිසුරුයා කීය.
එබැවින් දුරකථනය භාවිතයෙන් එම අධිකරණ ශාලාව ජායාරූප ගත කොට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් වහාම වළකින්නැයි ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය..
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස?
අසාධාරණයි, ජනතාව නේද ප්රමුඛ?
සාමානයෙන් ඉතාම හොදින්, සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙන රටවල නඩු අහන විදිය සජීවී විකාශයන් විදියට පවා පෙන්වනවා. මිනිසුන් නඩු තීන්දු ගැන, නඩුකාරයන් ගැන විවේචන පවා පල කරනවා. එහෙම කරා කියලා ඒ අයව හිරේ දාන්නේ නම් නැහැ. හැබැයි සමහර දුෂිත රටවල නම් නඩුකාරයින් එයාලටම දේවත්වයක් ආරුඩ කරගෙන හොරරහසේ මෙව්වා කරන්නේ. සාධාරණ විවේචනයක්වත් ඉදිරිපත් කරන්න නොදී ඉන්නේ හොර එළිවෙයි කියලා හිතලා වෙන්න ඇති.
ප්රජාතන්ත්රවාදී රටක විනිසුරුවරයෙකු නිදහස් නිවහල් ස්වාධීන ස්වෛරී කෙනෙක්. ඔහු සිය රටේ, සමාජයේ බලවත් ප්රතාපවත් රජෙක්. දියුණු රටවල තත්ත්වය මෙසේ වුවත් ඇතැම් තුන්වන ලෝකයේ රටවල කපටි දේශපාලුවන් මේ තත්වය නැතිකර දැමීමට නිතර වෙර වඩනු දැමීමට පුළුවන්. මේවා නොදත් සමහර ජනයා ගැඹුරු නීතිය ගැන තමන්ට සිතෙනා ආකාරයට අර්ථ දක්වනවා. සෑම දෙනාට සමාන හා සාධාරණ වියයුතු නීතිය තමන්ට පමණක් සාධාරණ විය යුතු බව සිතනවා. දියුණුම රටවල අය එසේ නොවෙයි. බොහෝ විට ඔවුන් නීති ගරුකයි. ඒ වගේම නීතිය දන්නවා. රටක ජනතාවක් නීතිය ගැන දැනුමක් සහිතව නීති ගරුකව සිටිනාවිට ඒ රටේ නීතිය රජ වෙනවා. නීතියේ පවතින අඩුපාඩු හදාගන්නත් බහුතර රටවැසියාට නීති දැනීමක් ඕනෑ. සමහර සමාජ මාධ්‍යවල තිබෙන්නේ පහත් අසංවර වචන භාවිතයක්.... අධිකරණයක දෙයක් කියා කිසි ගරුත්වයක් වගකීමක් නැහැ. නීතිය, හැදියාව, සංවරකම නැති මිනිසුන්ගෙන් රටකට, ජාතියකට වෙන්නේ අවැඩක්...