හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මින් සුළු වේලාවකට පෙර කඩුවෙළ අධිකරණ භූමියට පැමිණියේය. ඔවුන් අධිකරණ භූමියේ රැඳී සිටින අතර විශාල පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටිති. මේ අතර බන්ධනාගාර බසයක් ද අධිකරණ භූමියේ පසෙක නවතා තිබෙනු දක්නට ලැබෙයි.
අධිකරණයට මුලින්ම රැගෙන ආවේ යෝෂිත රාජපක්ෂයි. ඔහු වෑන් රථයකින් රැගෙන ආ අතර අනෙක් පිරිස බසයකින් රැගෙන එන ලදී.
(ඡායාරූප අනුග්‍රහය - යූපීඑෆ්ඒ අ බ්‍රයිටර් ෆියුචර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද ප්‍රවනතාවයක් මේ අයට දඩුවම් දුන්නා වගේම අපේ අනිත් උනදලාත් දැන ගන්න ඕනි ආණ්ඩුව මාරු වුණ ගමන් අනිත් පැත්තට බලය මාරු වෙනවා කියලා (ම)
අටලෝ දහමම කැරකිලා ඇවිල්ලා තමයි ඔය පලදෙන්නේ (නි)
පහුගිය කාලේදී මෙහෙම දෙයක් වුණා නම් බන්ධනාගාර බසයක් අධිකරණ භූමියට ගෙන්න ඕනෑ වෙන්නේ නැහැ. ඒ වැඩේට වෙන වෙන වාහන තිබුනානේ (නි)
රුචි, වරදක් සිදුකර ඇති බවට හේතු සාධක තිබේ නම්, යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකයට ලක්වුයේ නම් එවෑන්නෙකු සදොස්ද , නිදොස්ද යන්න නීතිමය ක්‍රියා පිළිවෙතකින් තහවුරු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීම වෛරය වන්නේ කෙසේද? ඔහු නිවැරදි නම් නිදහස් වෙයි. (නි)
අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ? (නි)
කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට ගළවාගත් රාජපක්ෂවරුන්ට රට තුළ ඕනෑම දෙයක් කරන්න නීතියෙන් බලයක් තිබෙනවා වගෙයිනේ සමහරු කතාකරන්නේ (නි)
මේවා වෛර පිරිමැසීමට කරන දේ නොව වංචා කළ රජයේ දේපොළ නැවත ලබාගැනීම සහ එවැනි දේ කළ අයට දඬුවම් දීම වේ. රටේ නීතිය කාහටත් පොදු වීම සතුටට කරුණකි. (නි)
මේ පටන්ගත්තා විතරයි. හොරු ටික තව ටික දවසකින් කළ හොරමැර වැඩ එළිවෙනකොට සමහරුන්ට නින්දක් නැතිවෙයි. (නි)
වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලැබිය යුතුයි. ප්‍රශ්නය මොවුන් හැම කෙනාම රිමාන්ඩ් කරනවා කියලා කරන්නේ රෝහල්ගත කරන එකනේ. පොඩි එකාට ලොකු නීතියක්, ලොකු එකාට පොඩි නීතියක් (නි)
30 වසරක යුද්ධය අවසන් කළ ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එදා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. අද නීතිය ක්‍රියාත්මක වෙන බව පේනවා. (නි)
මේවගේ වෛරයන් පිරිමහීමෙන් රටට යහපතක් වෙන්නේ නැහැ. මෙය වර්තමාන දේශපාලන බංකොලොත් බාවයේ සහ දුර්වල නායකත්වයේ ලකුණක්. දින සීයට වැඩ පෙන්නන්න අවේ. නමුත් අදට දින 388 ක් ඉවරයි. කරපු කිසිම දෙයක් නැහැ. වර්තමාන පාලකයන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙනවා වෙනවමයි. අටලෝ දහම යනු එයයි. (බ)
පහුගිය කාලේ මොරදුන්නා කෝ හොරු ඇල්ලුවද කියලා. දුප්පත් මිනිස්සු අනන්තවත් සිටින අපේ රටේ සුළු කොටසක් විතරක් සුරසැප වින්දා, අනුන්ගේ දේ කාලා. අද අධිකරණය ඒවා විසඳනවා. එය කාගෙන්වත් පළිගැනීමක් වෙන්නේ නැහැ. එහෙනම් රටකට අධිකරණයක් ඕනෑ නැහැ. නීතියක් ඕනෑ නැහැ. හැබැයි ඇඹිලිපිටියේ පොලිසියේ අයත් උසාවි නියෝගයට අනුව අත්අඩංගුවට ගතයුතුයි නේද? රටක අධිකරණයට වඩා පොලිසිය බලවත්ද? (නි)
වැරදි කරපු එවුන්ට දඬුවම් දීම පළි ගැනීමක් නොවෙයි.පළි ගැනීම ආරම්භ වුනේ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගත්ත දවසේ. (බ)
වැරදිකාරයින්ට දඬුවම් දීම වෛර පිරිමැහීමක් වෙන්නේ කොහොමද? මේ ගොල්ලන්ට විතරක් නීති විරෝධී වැඩ කරන්න ලයිසොන් තියනවද? (බ)
පහුගිය දවස්වල මහින්ද, විමලේ වගේම තව තව පොඩ්ඩොත් කයිය ගැහුවා කෝ හොරු ඇල්ලුවද කියලා. දැන් ඒ කට්ටියයි, මේකෙ අදහස් දාන සමහර කට්ටියයි ලතෝනි දෙනවා මෙන්න පළිගන්නවෝ කියලා. (නි)