දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂකට හා වන සත්ත්ව පාලකවරයාට අධිකරණ නියෝගවලට අවනතව කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) තරයේ අවවාද කළේය.
ව්‍යාජ බලපත්‍ර සහිතව අලි රොෂාන් ළඟ සිටි අලි රහස් පොලිසිය සොයාගැනීමෙන් පසු පින්නවල අලි අනාථාගාරයට බාර දීමට ගිය අවස්ථාවේ එම අලි බාර නොගෙන අධිකරණට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙසේ අවවාද ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝගවලට පිටුපාන ඕනෑම කෙනෙකුට දැඩි දඩුවම් දිය යුතුයි.නැත්තම් පහුගිය ආණමඩුව සමයේ වගේ අධිකරණ පද්ධතියම සැහැල්ලුවට ලක් වේවි.(ම)
උන්නැහෙගේ අලියත් බාරගනිවු (බ)
මම මීට කලිනුත් කිව වගේ පින්නවල ඉන්නේ අලි ඔලුවෙන් ආපු කට්ටිය (අ)
බාරගන්න පුලුවන්ද කියලා ඒ ආයතන වලින් නියෝග දෙන්න කලින් අහලා බැලුවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද හිරගෙවල් වගේ ඒවායෙත් තදබදද දන්නෙ නැහැනේ? පවු අසරණ, අහිංසක සත්තු! (නි)
නීතිය කාටත් පොදුය (නි)
දහම්ගේ කතාවට මාත් එකයි.හැබැයි ඒ එක්කම හොයල බලන්න ඕන නිලධාරීන් වඩා ගරු කරන්නේ අධිකරණ නියෝගවලටද නැත්නම් අලි ජාවාරම් කාරයන්ගේ මුදල් වලටද කියලත්.(අ)
අධිකරණයට අපි ගරුකළ යුතුයි. නමුත් සැබෑව කවදාහරි ජය ගන්නවා (නි)
මිනිස්සු නීතියට ගරු නොකිරීමයි මිට හේතුව (නි)
අධිකරණ නියෝග වලට හැමෝම ගරුකරන්න ඕනෑ (නි)
අධිකරණය නියෝගය දෙන්නේ දෙපැත්තේම විස්තර අහලා.ඒ විස්තර අහන වෙලාවේ මෙයාලට මොකක්හරි ප්‍රශ්නයක් තිබුනා නම් විරෝධතා ගොනුකරන්න තිබුනා. (නි)
නීතියට අපි හැමෝම යටයි (නි)
දහම්,සජිත්, පින්නවල ගිහින් නැත්නම් කටපියාගෙන ඉන්න (නි)
කට්ටියටම දඬුවම් කළා නම් අනෙක් අයත් හොඳට හැදෙයි (නි)