රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන බාධකය බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ජනතාව බලාපාෙරොත්තු වන යහපාලනය ගොඩනැගීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට නොහැකි වී ඇතැයි පැලවත්ත පක්ෂ මුලස්ථානෙය් පැවැති හමුවක දී ඔහු කීවේය.
රටේ යහපාලනය ඇතිකර ආණ්ඩුව යහපත්ව පවත්වා ගෙන යාමට විජයදාස රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ඡායාරූප ලහිරු හර්ෂණ
ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ෆීල්ඩ් මාෂල් දැක්කහම පව් කියලත් හිතෙනවා. කොහොම ගරු සරු ඇතුව ඉන්න පුළුවන් කෙනෙක්ද? අනුන්ගේ ලණු කාලා නොදන්නා දේශපාලනයක් කරන්න ගිහින් කරගත් දෙයක මහත. (නි)
දැන් ඉතින් එහෙම කරනවද? (නි)
මමත් කලින් හිතාගෙන හිටියේ එස්එෆ් කියන්නේ වීරයෙක් කියලයි. (බ)
ඔබතුමා හරියටම හරි. එහෙත් එතනම නෙමෙයි ප්‍රශ්නය (නි)
බැරි වෙලාවත් මෙයා රටේ ජනාධිපති වුණා නම් මොනවයින් මොනව වෙයිද? (බ)
කට නිසා තමයි මාළුවා නහින්නේ කියලා අහලා නැද්ද? (නි)
ඔබ අකමැති ඔක්කොම අස්කරන්න ගියොත් මේ රටේ එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නෙ නැතිවෙයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඔබයි අපේ නියම වීරයා! (නි)
භය නැතිව කට ඇරලා කොන්ද කෙලින් තියන් කතා කරන වීරයෙක්. (ම)
නැවත අවස්ථාව ආවිට අපි ඔය කොයි කවුරුත් වෙනස් කරනවා. (නි)
සරත් ෆොන්සේකා මහතාණෙනි, අපි ඔබ සමඟයි (නි)
ඉස්සර නම් මම ගොඩක් ගරුකළ කෙනෙක් සරත් මහත්මයා. නමුත් එතුමා විසින් එතුමාගේ විනාශය ළං කරගෙන ඇති බවක් දැනෙනවා. (නි)
නියමයි ෆොන්සේකා මහතාණෙනි (නි)
ඔබතුමා ඇයි එහෙම කියන්නේ? (නි)
ඔහොම යමුකෝ! (නි)
එසේ කීමට හේතුවක් තිබිය යුතුයි. (නි)
පුදපඬුරු ලබාගෙන සද්ද නැතුව ඉන්නවට වඩා අවංකව පැත්ත ගියත් ඇත්ත කතාකරන මිනිසුන්ට අද රෙටේ ලැබෙන පිළිගැනීම අඩුයි. කාගේහරි දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ඔය කතා අහන්න වෙන්නේ නැහැ. (නි)
අනේ පවු කියා හිතෙනවා මට (නි)
කාලයක් එක එක අයට බනිනවා. දැන් විජයදාස අල්ලාගෙන....... (නි)
ෆීල්ඩ් මාෂල්තුමා මෙතනදි නම් හරි වගේ මට පෙනෙන්නේ (නි)
බුද්ධි අංශ අත්අඩංගුවට ගන්නවා. රණවිරුවන්ට මරණ දඬුවම දෙනවා. එල්ටීටීඊ ප්‍රධාන පෙළේ සැකකරුවන් නිදහස් කරනවා. ඒවා ගැන කතා නැහැ. (නි)
අනේ මහත්තයෝ එහෙම කරන්න පුලුවන්ද? (නි)
එහෙනම් එහෙම කරමු (නි)
කැබිනට් එක පත් කිරීම-ඉවත් කිරීම ඔබට අදාල දෙයක්ද ? (ම)
ඔබතුමා හරි. පුලුවන් නම් ඔහුට කියන්න නැවත ඡන්දය ඉල්ලන්න කියලා. එයා දිනන හැටි බලමු. අපිත් මෝඩකම් කළා ගිය ඡන්දෙදි. (නි)
මෙතුමාට පමණයි මේ වගේ දෙයක් කීමට කොන්දක් තියෙන්නේ (ම)
මිනිහෙකුට කොන්ද විතරක් තිබිලා මදි කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හිතන්න මොළයකුත් තියෙන්න ඕනා. (බ)
රටේ දුෂණ වංචාව මුලින් උපුටා දමන්න නම් මෙතුමාට බලය එන්න ඕන. ඒක කරන්න වෙන කාටවත් බැහැ වගේ. (කෞ)
ඔබේ තීක්ෂණ බුද්ධියෙන් වසර 30 ක යුද්ධය අවරුදු 2 න් නිමකලානම් රට හදන්න ඔබවැනි බුද්ධිමතෙකුට මාස 6 ක් ඇති. (කෞ)
හිරේ ගියත් තවම පාඩමක් ඉගෙන ගෙන නැත එ්කනේ වැඩේ (බ)