ජුනි මස 24 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු, දැනටමත් ඇ.ඩො. මිලියන 15කට අධික ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි යුදමය ශානරයේ චිත්‍රපටයක් ලෙස "Free State of Jones" සැලකිය හැකිය.
මෙම නවතම චිත්‍රපටයට පිරිවැය වශයෙන් වැයවී ඇති මුදල ඇ.ඩො.මිලියන 50කි. ඔස්කාර් සම්මානලාභී නළු මැතිව් මැක්කොනාගි, ගුගු ම්බතා-රෝ, මහේර්ෂලා අලී සහ කෙරී රසල් ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදෙන මෙහි කතා පුවත දිව යන්නේ 19 වැනි සියවසේ සිටි ඇමෙරිකානු ගොපල්ලකු වන නිව්ටන් නයිට්ගේ ජීවිත කතාව වටාය. විශේෂයෙන්ම ඇමෙරිකානු සිවිල් යුද්ධයේදී මිසිසිපිහි පැවැති රාජ්‍ය හවුල වෙනුවෙන් අරගල කළ සිවිල් වැසියෙකු පසුබිම් කර ගත් මෙහි සම නිෂ්පාදනය ජෝන් ක්ලික්, ගැරී රෝස් සහ ස්කොට් ස්ටුබිවර්ගෙනි.
ගැරී රෝස්ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ කතාව ලියනොඩ් හාට්මන්ගෙනි. තිර රචනයද අධ්‍යක්ෂ ගැරී රෝස්ගෙනි. ප්‍රංශ සිනමා කැමරාකරුවකු වන බෙනොයිට් ඩෙල්හෝම්ගේ සිනමා කැමරාකරණයකි. ජනප්‍රිය සිනමා සංගීතඥ නිකොලාස් බ්‍රිටෙයිල්ගේ සිනමා සංගීතයෙන් හැඩගැන්වුණු මෙම චිත්‍රපටය මේ වනවිට මේ සතියේ බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානයේ පසුවන නිර්මාණයකි.
මාලන්
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අධික ආදායමක් වාර්තාවක් ඇති Free State of Jones