
(ගයාන් සූරිය ආරච්චි)
අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිලාවතුර ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසයි.
සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 ත් 60 ත් අතර වයසේ පසුවන සුරියවැව, පුත්තලම, කනගරායන්කුලම, මාන්පුරී, පුදුකුඩිඉරිප්පු, තබ්බොව හා සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් නිදන් හෑරීම සහ යුද කාලයේ වළ දැම්මයි කියන රන් සෙවීම සඳහා යොදා ගත්තේ ද යන්නපිළිබඳව විමර්ශන සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ, රජයෙන් නොකරන නිසා එයාලාටම කියා ගොඩදාගෙන රාජ්‍ය පංගුව දෙන්න කියන්න... පුරාවිද්‍යා චක්‍රවර්තිලා කියලා තියෙනවා... ඕවා පොළව යට තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා...