උතුරේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් පමණ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇති බව බීබීසී ගුවන්විදුලිය වාර්තා කරයි.
කොළඹ ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය අවට අධි ආරක්‍ෂිත කලාපයේ ඇති ගොඩනැගිලි ද ජනතාවට නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.
උතුරු ප්‍රදේශයෙන් නිදහස් කරන අක්කර දහසක ඉඩම්වලින් අක්කර 220 ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1,022ක ජනතාව නැවත පදිංචි කරමින් ආදර්ශ ගම්මානයක් පිහිටුවීමට ද රජය තීරණය කළ ඇමැති කිරිඇල්ල පවසයි.
එම ඉඩම් නිදහස් කොට ජනතාවට පවරනු ලැබීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව ද ඇමැති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දයෙන් ජිවිත පරිත්‍යාගයෙන් දින ගත දේශය ගිවිසුමකින් පරිත්‍යාග කිරීමේ පියවරවල් අරබිල ,ඕව ඡන්දෙට කලින් කිව්වා,ඊළගට ඉඩම් හා පොලිස් බලතල,ඊට පස්සේ හමුදා කදවුරු ඉවතට, තව අපේම උන් කැමතිදේවල්නේ ඕව .(ස)
දැන් ඕනේ කෙනෙක්ට යන්න පුළුවන් ඇති.(හේ)
දින 100 ට ඕව තිබුනේ නැහැ නේද? (හේ)
දින 100 ඕවා තිබුනේ නැහැ නේද ? අපරාදේ තිස්ස නිදහස් කළේ. (නදී)
ඔව් ඉතින් යුද්දේ ඉවර කලා නම් ඇයි බය ඔච්චර නේද. යුද්දේ ඉවර නම් පාරවල් වහගෙන දැඩි ආරක්ෂාව දාගන ඉන්නේ ඇයි. වැඩේ හොඳයි (නදී)
එල්.එල්.ආර්.සී වාර්තාවේ නිර්දේශයක් පමාවී හෝ ක්‍රියාත්මක කිරීම වටිනවා. (නදී)
ගොඩක් අයට රටේ වටිනාකම තේරෙන්න කල් යනවා. (නදී)
ගෙට වෙච්ච කෙල්ල වගේ උතුර හැමදාම ලෝකෙන් හංගන් ඉන්න නිසා තමා මේ හැම මගුලක්ම. අපි වැරදි කරල නැති නිසා මගේ නම් අදහස ඕන එකෙක්ට ඇවිත් ඇත්ත බලාගන්න දෙන එකයි. පදිංචි කරන ඒව සංවර්දනය කරන ඒවා එතකොට හරියටම දකීවිනේ. බොරුවට අහිංසක දමිල ජනතාවගේ පහනින් ආපහු ඊලමට යන්න හදන්නේ උන් මිසක් දෙමළ මිනිස්සු නෙවෙයි. (නදී)
මාගලීට බයෙන් සිටි කාලය අමතකවෙලා වගේ. ඒකනේ ප්‍රභාකරන් කිවුවේ සිංහලයාට මතක තියෙන්නේ සති 2යි කියලා.අනේ මාගලීගේ ටිකිරි මොළේ? (නි)
මගේ නම් අදහස සිංහල, මුස්ලිම්, ක්‍රිස්තියානි, දෙමල, කියන හැම ජාතියක්ම ජාති බේදයකින් තොරව එකට පදිංචි කරවීම වඩාත් සුදුසුයි කියලයි. ඒක ජාතික සමගියට වඩාත් යෝගයයි. (ර)
ඇත්තටම ලොකු දෙයක්. (ර)
බොහොම හොඳ නිවැරදි තීන්දුවක් ! එය මිනිස්සුත් මේ රටේ ඉපදිලා මැරිලා යන මිනිස්සු, හැම ජාතියකටම එක වගේ අයිතීන් ලැබිය යුතුයි (දිල්)
මොනවා කරත් ප්‍රථම සිතා ගත යුතුයි සිංහලයට තියෙන්නේ මේ කුඩා දිවයින විතරයි.කියලා (දිල්)
මම නම් හිතන්නේ අධි ආරක්‍ෂිත කලාප අයින් කලාට කමක් නැහැ ආයෙත් යුද්ධයක් ආවොත් ඒ ගැන බලා ගන්න පුළුවන් .(හේ)
ක්‍රිස්තියානි කියන්නේ ජාතියක් නොවේ ආගමක්, පමනයි (නදී)
චමත් ඔයා යුද්දෙට යනවනේ එහෙම උනොත් නේද. ඔය ගිවිසුම දින 100 නැහැ. හැබැයි අහවල් අයගේ වෙබ් අඩවියේ නම් තිබුනා. දැන් බලන්න පුළුවන් එ්කේ ගිහින් බලාගන්න පුළුවන් හැමෝටම (නදී)
අපේ නායකයින් සින්ගප්පුරුවෙන් ආදර්ශ ගන්න ඕන. මෙහි කිසිම ජාතියකට තමන්ගේ හිතු මනාපයට වැඩ කරන්න බෑ. රට සම්බන්ධ සියලුම තීන්දු , තීරණ ඉතා නිවැරදිව ගන්නේ ආණ්ඩුව. රටේ ජීවත්වන සියලු දෙනා , (විදේශිකයින් ඇතුළුව) ඒ නීති රීති වලට අනුව ජීවත් වෙනවා. කවුරුවත් ආණ්ඩුවට ඉහලින් යන්නේ නෑ. නීතිය කාටත් එක වගේ. (හේ)
මෙහි අදහස් දක්වන බොහොම දෙනෙක් උතුරු පළාතේ සංහිඳියාව වෙනුවෙන් රජය කරන හැම ක්‍රියාවක්ම විවේචනය කරනවා මිසක්, සුදුසු යෝජනාවක් කරන්නේ නැහැනේ. ඔයතරම් දේශපාලන දැක්මත් තියෙනවා නම් කරුණාකරලා ඔය කාරණයට සුදුසු යෝජනාවක් කරන්නකෝ (නදී)
බලමු බලමු. හැංගි හැංගි මුහුණු බැන්ඳත් නටන්නේ එළිපිටනේ. (නි)
තමන්ට, තමා උපන් ප්‍රදේශයේ ලංකාවේ අනෙක් අය ජීවත්වනවා හා සමානව නිදහසේ ඔවුන්ටත් ජීවත්වීමට තිබෙන අයිතිය අපි කවුරුත් ගරු කළයුතුයි. (නි)
නිදහස් වු රට විනාශ වෙයිද ? (නදී)
ඕක තමයි අහවලා කලින්ම කිව්වේ (නි)
මොක පිස්සුද සිංගප්පූරුව කියන්නේ තනිකර ඒකාධිපති රටක්. චීන ජාතිකයන් කීප දෙනෙක් අත බලය සහ මුදල් තියෙන්නේ .මැලේ සහ දෙමල ජාතිකයන් මොන තරම් පිඩනයකින්ද ඉන්නේ ලික්වන්යුගේ මරණයෙන් පස්සේ තත්වය ගොඩක් වෙනස් වේවි .එත් චීන ජාතිකයන්ට පමණක් පුරවැසි කම දීම මැලේ සහ ද්‍රවිඩ ජාතිකයන්ගේ කෝපයට හේතුවී ඇතිබව ඔබ දන්නවද? (ස)
සාම මාවතේ පරිස්සමින් අඩිය තැබිය යුතුයි .ලිස්සන සුළු නිසා ...(ස)
යුසුෆ් ඔබේ අදහස හොඳයි .එ්ත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ .උතුර නැගෙනහිර සිංහලයා පදිංචි කරන්න එපා කියන්නේ කව්ද? (අ)
ජාතික ආරක්ෂාව අමතක කරන මෙවැනි ආණ්ඩු ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. (අ)
ඉඩම් බළතලත් දෙන්න .. එට පස්සේ පොලිස් බලතල දෙන්න . සාම කාමී නිදහස් ලංකාවක් බිහි වේවි නුදුරු අනාගතයකම (අ)
අපිට නොකියපු ටීඑන්ඒගිවිසුම වෙන්න බැරි නැ මේක? (අ)
මේ දේ හොඳයි. අපි හැමෝටම සහයෝගයෙන් ඉන්න පුළුවන්. අපේ ජාතික ආරක්ෂාව ගැන රජය වගබලා ගතයුතුයි. මම හිතනවා මේක හොඳ දෙයක් වෙයි රටේ ඒකීයභාවයට (නි)
දැන් ගොඩාක් අය හිතන්නේ කොටි කොහෙවත් නැහැ කියලා. පිටරටවල ඉන්න අපිට නම් පේනවා කොටින් දැන් වෙනදාටත් වඩා උනන්දුවෙන් තමන්ගේ වැඩ ටික නිශ්ශබ්දවම කරගෙන යන හැටි.ඔවුන්ගේ හීනය ඊළමමයි කියලා අපිට නම් හොඳට වැටහෙනවා. (නි)
ඉතාම හොද ක්‍රියාවක්. ඉඩම් වල අයිතිය අනිවාර්යයෙන් අයිතිකරුවන්ට දිය යුතුයි.(නදී)