අදත් මුළු රටේම විදුලිය ඇණ හිටි බව විදුලි බල මණ්ඩල ආරංචි කියයි.
අද පස්වරු 2.30ට පමණ රට පුරා විදුලිය විසන්ධි විය. පෙබරවාරි 25 වැනිදා ද දිවයින පුරා විදුලිය බිඳ වැටුණු අතර එදින දෙපැයකට ආසන්න කාලයක් කොළඹට ද අනෙකුත් ප්‍රදේශවලට පැය හතරකටත් වැඩි කාලයක්ද විදුලිය ඇණ හිට තිබිණි. ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක්ද පත් කැරුණු අතර කමිටු වාර්තාව මාසයකින් සපයන ලෙස නියම කැර තිබිණි.
එයින් දින 17කට පසු දෙවැනි වරටත් රටපුරා විදුලිය බිඳ වැටිණි.
හබරණ, උකුවෙල අධිබලැති විදුලි රැහැන් පද්ධතිය බිඳ වැටීම මීට හේතුව බව විදුලි බල ආරංචි කියයි. පැය 4කට පසු ටිකෙන් ටික විදුලිය යථා තත්ත්වයට පත්කරගෙන යන බවද මණ්ඩලය පවසයි.
බියගම උපපොළේද විදුලිය බිඳ වැටී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි කියයි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් එතරම් හොද වැඩක් නෙවේ මුළු රටේම එක්වර විදුලිය නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක් අදාල බලධාරින් වහාම පිලියමක් යොදන්න ඕනේ. (බ)
මේකත් මහින්දගේ වැඩක් කියාවිද (බ)
මෙහෙම ගියොත් රටම අඳුරේ තමයි හැමදාම. විහිළු කතා නොකිය පහුගිය කට්ටියට බැනිල්ල නවත්තල වැඩ පටන් ගන්න දැන්වත්. (බ)
ඇත්තටම දැන්නම් අපි අත්දකින්නේ සැබෑම වෙනසක්. (නි)
ඉන්දියාවටත් ඕනෑ අපේ බලශක්ති ක්ෂේත්‍රය ගිලගන්න. එතකොට ලංකාව නිකන්ම කරගන්න පුළුවන් කියලා එයාලත් දන්නවා. තෙල්,ගෑස් වලට පහර දුන්නා වගේ මේකටත් දෙන්නද දන්නෙ නැහැ යන්නේ? (නි)
විදුලි බලය කපලා ආණ්ඩු පෙරළන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවනේ.... (නි)
හේතුවනම් කඩාකප්පල් කාරී වැඩක් වෙන්නැති , මෛත්‍රී ජනපති තුමාගේ රජය අපහසුවට පත් කොරන්න (බ)
අපි නම් ඕක වෙන බව දැනගෙන හිටියා..(බ)
යහපාලනය නැගලම යනව. යහපාලනයට ජයවේවා! (බ)
තමාගේ නොහැකියාව වසන් කරගන්න හොදම මන්තරය ''කඩාකප්පල් වැඩ'' කියන අය (බ)
රටම අදුරේ බව දැනගත්තේ අද නෙවෙයි .2015.01.09 පාන්දර (බ)
හොරු ටික අල්ලලා දාල එයාලගේ මුදල් ගිණුම් අහෝසි කළානම් ඔය නාඩගම් මොනවත් නෑ.... හොරකම් කරපු සල්ලි වලින් කඩාකප්පල් වැඩ කරන පිරිස අපි දන්නවා....(බ)
මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන කඩාකප්පල්කාරී වැඩක් විය යුතුයි (බ)
පිටබැද්දර ජයා හරියට රජයේ මාධ්‍ය ප්‍රකාශක වගේනෙ (බ)
විදුලිය විසන්ධි වුනහම අපට දැනෙන විඩාවටත් වඩා ප්‍රභල මානසික විඩාවක් ඒ මොහොතේ " ග්‍රිඩ් " පොළවල සේවය කරන ඉන්ජිනේරුවන්ටත් දැනෙනවා. දිවයිනේ හැම දෙසින්ම එන විදුලිය, එකවරම හැමතැනටම බෙදාහැරිය නොහැක.ඒ සඳහා ප්‍රබල බලයක් ඇතිකළ යුතු වෙනවා. (බ)
අනේ මේ පිටබැද්දර ජයා, පිස්සු කියවන්න එපා ..(බ)
හේතුව සොයන්න ජනපතිගෙන් කමිටුවක්. පලවෙනි විදුලිය බිදවැටීමට හේතුව තව සොයාගන නැත.තුන්වැනි බිදවැටීමත් අත ළගයි. (බ)
මේකත් කඩාකප්පල්කාරී වැඩක් වෙන්න ඇති. විනෝදෙට මහා වනාන්තර ගිනිතියන අපේ ලංකාවේ මිනිස්සු ,මේකත් ඔය වගේ වැඩක්ද කව්ද දන්නේ. (බ)
ඒකටත් මහින්දද පළි ? (බ)
මහින්ද රටටම දුන්නා මෙයාල රටටම කෙලිනවා (බ)
ෂුවර් එකට මහින්දගේ වැඩක් බොරුද කියල බලන්න ලක්ෂපාන හාරලා බලමුද. (බ)
විදුලිය තිබුනත් නැතත් රට අඳුරේ තමා. පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොම අයද කියලා අපි දන්නවා. ඔවුන් තමන්ගේ සැප සම්පත්, පඩි, දීමනා දිනෙන් දින වැඩි කරගන්නවා. (නි)
අරයට මෙයාට බැනල වැඩක් නෑ. රටක් විදිහට ඉදිරියට යන්න වරද කොහෙද කියල බලල හරියට විසදන්න. මම ඉන්න රටට මම ඇවිත් අවුරුදු 7 ක් වෙනවා. එක තප්පරයක් විදුලිය බිඳිලා නෑ.කපල නෑ. අනේ මන්ද අපේ රටට යන කලක්. (බ)