සියළු මව්වරු බුදුවරුන්ද?
පියවරු දෙව්දත්ලාද?
දුර්ලභ මිනිස් ආත්මයක් ලබන උසස් මනසක් ඇති මනුසත්වයාගේ මිනිසත්කමක් තිබේ ද? අද සමාජයේ බාල මහළු උසස් යැයි කියූ, පහත් යැයි කියූ ,බොහෝ දෙනා ළ`ගම ඇත්තේ තණ්හාව වෛරයයි. මෙයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ දහම තුළින් මිනිසා ඈත් වීමයි. 

ඕනෑම ආගමක ස්වභාව ධර්මය වනුයේ මිනිසා සුවපත්කිරීම මිස අපාගතකිරීම නොවේ. විශේෂයෙන් ම පිරිසිදු බුදු දහමතුළ ඇත්තේ  ඕනෑම මිනිසෙකුට නිවැරදි පුද්ගලයෙක් වන ආකාරය උදාහරණ සහිතව දැන ගැනීමට සැලැස්වීම ය.

හො`ද සහ නරක, යහපත හා අයහපත, පින පව, කුසලය අකුසලය මෙයැයි, මෙසේ කළොත් මෙසේ සිදුවිය හැකි බව දැනෙන්නේ දහම පිළිබ`ද දැනගැනීමෙන් පමණය. පෙර ආත්ම භවයේ කර්මය රැුගෙන ඉපදෙන දරුවෙක් මේ ලෝකයේ ප‍්‍රථමයෙන් දකින්නේ හ`දුනාගන්නේ අම්මාවය. පසුව අම්මා විසින් හ`දුන්වා දෙන පුද්ගලයා තාත්තා ය. 

අම්මාවත් තාත්තාවත් හ`දුනා ගන්නා දරුවා මේ ලෝකයෙන් දෙමව්පියන්වත් හ`දුනාගන්නේ තමන්ගේම අම්මා සහ තාත්තාගෙන් ය. මෙසේ මනූෂ්‍ය ජීවිතයක් ගත කිරීමට ආරම්භ වන තැන කෙසේ තිබිය යුතු ද? මිනිස් සමාජය තුළට යාමට සූදානම් වන දරුවාගේ මුළු ජීවිතයත්, මේ දරුවා නිසා යහපත් වන සමාජයක් බිහි වීමේ වගකීමක් ඇත්තේ මේ අම්මා සහ තාත්තා තුළ නොවේ ද? ගැහැණියක් අම්මා කෙනෙකු වන්නේ තාත්තා නිසාය. පිරිමියෙක් තාත්තා කෙනෙක් වන්නේ තමන් නිසා දරුවෙකු බිහි කළ ගැහැණිය නිසාය. මෙය එසේ වනවා නම් ගෙදර දරුවාට බුදුන් වන්නේ අම්මා විතරද?

මිනිස් වර්ගයාටම මේ වටිනාකම නොදැණුන නිසා අද සමාජයේ දෙමාපිය ගෞරවයක් වැඩිහිටි ගෞරවයක් පිදිය යුත්තන් පිදීමක් තියනවාද? මිනිසත්කමක වටිනාකම නොදැනගන්නා දරුවන් විසින් කරන අමානුෂික ක‍්‍රියාවන් ගණන් තබා ගැනීමට අපහසු ය. මෙයට වගකිව යුත්තෝ සමාජය ද? නැත. ඒ දරුවා මෙලොවට බිහි කළ අම්මා සහ තාත්තාය. මා මුලින් ස`දහන්  කළ පරිදි දරුවෙකු ලොව  හ`දුන ගන්නේ ප‍්‍රථමයෙන් අම්මාගෙන් සහ තාත්තාගෙන් නම් මේ ලෝකය නිවැරදි ලෙස හ`දුන්වා දීමේ වගකීම ඇත්තේද ඒ දෙදෙනාටය.  මෙහි ප‍්‍රධානමනියමුවා අම්මා ය. මෙය නිසි ලෙස ඉටු වන අම්මලාට ලැබුණ වටිනා වචනය නම් ගෙදර බුදුන් අම්මා යන්නය. එවිට අම්මාගෙන් ‘‘පුතේ තාත්තා පෙන්නූ අම්මා’’ විය යුතු නොවේ ද? අම්මා එසේ කළ විට දරුවා තාත්තාට ගරු කරන්නනේ අම්මාට හා සමානවම ය. දැන හෝ නොදැන පිරිමියෙකු විසින් කෙරෙන වැරදි ඇත.

එය අම්මා විසින් දරුවාට බෙදා දුනහොත් නොදරුවා දැන ගන්නේ කුමක් ද? අම්මාගෙත් දරුවාගේත් හතුරා තාත්තා ලෙස නොවේ ද? සමහරක් අම්මලා දරුවාගේ සැලකිල්ල බලාපොරොත්තුවෙන් තාත්තාව තිරිසනෙක් විදියට හ`දුන්වාදෙන අවස්ථා ඇත. තාත්තා කෙනෙකුගේ වටිනාකමක් නොදැන ගන්න දරුවා කෙසේ හෝ වෙලාවක තාත්තා විසින් ද`ඩුවම් කළ විට එයට වෛර බැ`ද තාත්තලාව මරන දරුවන් ගණන් කල හැකි ද? මෙය සිදුවූයේ ගෙදර බුදුන් අම්මා කියූ අය විසින් තාත්තාව දරුවාට හ`දුන්වාදුන් ආකාරයට නොවිය හැකි ද? අද අම්මලා ගැන මිසක් තාත්තලා ගැන ලියනවාද? කියනවා ද? ගයනවා ද? මවව්වරුන්ගේ දිනයක් මිස පියවරුන්ගේ දිනයක් තියනවා ද?

කුසට දරුවෙකු පිළිසි`ද ගත්දා සිට එහි ආරක්‍ෂකයා තාත්තා නොවේ ද? නව මාසයක් වන තුරු අම්මාගෙන් දරුවා පෝෂණය ස`දහා වෙහෙසෙන්නේ තාත්තා නොවේ ද? වර්තමානයේ ඉපදුණු ගමන් දරුවා දමා වෙන අනියම් මිනිසුන් සම`ග ගිය විට ඒ දරුවා හදා ගන්නා දෙවිවරු වැනි තාත්තලා නැත් ද? සමාජයේ වැදගත් තැනකට දරුවාව ගෙනෙනකම් තාත්තා වි`දින දුක දරුවාට තේරෙන්නේ නැත්තේ අම්මා කරන වැඩ දරුවාට පෙනෙනවා මිස තාත්තා කරන වැඩ දකින්නේ නැතිසාය.

එවිට අම්මා දරුවාගේ මනස සැකසිය යුත්තේ පුතේ තාත්තා නිසයි අද මේ විදියට ජීවත් වන්නේ ඔයා ඉගෙනගන්නේ කියා දරුවන්ගේ හදවතට තාත්තාගේ වටානිකම කියා දෙනවා මිස මේ ලෝකයේ අම්මා කෙනෙක් වීමට උපකාර කළ මෙලොව එලිය දකින්නෙකුට තාත්තා කෙනෙකු වූ අයව අපහාසාත්මක හෙලා දැක දරුවාට හ`දුන්වා දීම ඔවුන් අජාසත්තලා වීම වැළකිය හැකි ද?

අද රටේ දරුවන් දෙමව්පියන්ට කරන වද හිංසා වැඩි වීමක් වනවා මිස අඩු වීමක් නැත. දරුවන්ගේ මේ විකෘති මානසිකත්වය නිසා දුක් වි`දින තාත්තෙක් හෝ අම්මෙක් සොයා ගැනීම ඉතාම පහසුය. මෙහි වරද දරුවන්ගේ නොව දෙමාපියන්ගේ ය.

විශේෂයෙන් අම්මාගේ ය. එයට හේතුව  නම් දරුවෙකු බහ තෝරා ගන්නා වයසේ සිට තේරෙන වයසට පැමිනෙන තෙක් සිටින්නේ අම්මා සම`ග ය. මේ උතුම් රාජකාරිය නිසා ගෙදර බු¥න් අම්මා කීවත් ඒ අම්මා විසින්ම දරුවන්ගේ මානසිකත්වය වැරදි ආකල්ප වලට පොළඹවනවා නම් අම්මා දරුවන්ගේ ජීවිතය විනාශ කර දරුවන්ව තම දෙමාපියන්ට අගෞරව කරන වදහිංසා කරන තැනට සිත සකස් කරවා දරුණු පාපයකට මාර්ගය සකස්කිරීම ගෙදර බුදුන් අම්මාගේ වගකීම ද?

මෙසේ තාත්තාට ගැරහීමට අනුබල දෙන විට දරුවා කවදා හෝ සත්‍ය දැන අම්මාට වෛර කරන්නේ නැද්ද? එවිට ද දරුවාගේ ගමන සුගතියට ද? දුගතියට ද? සෑම තැනම අම්මා කෙනෙක් ගැන වර්ණනා කරනවා මිස, තාත්තා කෙනෙක් ගැන වර්ණනා කරන්නේ කවු ද? මව්වරුන්ගේදිනයක් මිස පියවරුන්ගේ දිනයක් තියනවාද? මේ වැරැුද්ද කලේ කවුද? මේ හේතුව නිසා මේ මාන්නක්කාර චරිතය තවතවත් වැරැුද්දකට පෙළඹෙනවා මිස තේරුම් ගන්නා බවක් පෙනීමට නැත. අද ගුරු වෘත්තියේ සිටින්නේ වැඩි පිරිසක් අම්මලා ය. මේ ගුරු මෑණිවරු ගෙදරදී එක චරිතයක් පාසලේදී ගුරු චරිතයක් ර`ගපාන නිසා (සියල්ලෝම  නොවේ* පාසලේ සිටින දරුවා ගුරුවරියගේ මායාවට රැුවටී තමාගේ අම්මාට වඩා ටීචර් හො`දයි කියන, අම්මා වගේමයි කියන අවස්ථා බොහෝ ඇත. නමුත් ටීචර්ගේ ගෙදර චරිතය වෙන එකක් ය. මෙසේ වන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බව නොතේරෙන නිසා ය. මෙවැනි අම්මලා නිසා බොහෝමයක් තාත්තලා දරුවන්ගෙන් ඈත් වී ඇත. සෑම අම්මලාම මෙසේ නොවන බව කිව යුතු ය.

අවුරුදු ගානක් පෝෂණයකළ නිසිමගට ඒමට උපකාර කළ ස්වාමියාව දරුවන් ඉදිරියේ හෙළා දැක අපහාසාත්මක හාස්‍යයට ලක් කරමින් කතා කරන අම්මලා බොහෝ ඇත. ස්වාමියෙකු හෝ පියෙකු කළ යුතු දෙය කරනවා මිස කළ දේ කියවා කියවා ඉන්නේ නැත. එය කියවෙන්නේ නැති නිසා ඉක්මනින්  අමතකවෙනවාය.

අම්මාගේ කෙරුවාව නිතර කියවන නිසා නොතේරෙන දරුවාගේ ඔළුවේ ඇත්තේ අම්මා මිස තාත්තා නොවේය. පාන් කාරයාට තාත්තා කියන දරුවන් සිටින බව කථා ව්‍යවහාරයේ ඇත්තේ ඒ දරුවා ජාතක කල තැනැත්තා පාන්කාරයා නොවුනත්  පාන්දරම තම බිරිදවත් දරුවනුත් පෝෂණය කිරීම ස`දහා රැුකියාවට යාමට වූ නිසාය. වැඩ නිමා වී ගෙදර පැමිණෙන විට දී දරුවා නිදිය. දරුවාගේ මුහුණු සිබ නිදාගන්නේ පසුදා නැවතත් රැුකියාවට යාමට අවශය්‍ය නිසාය. මෙසේ දුක්විද දරුවන් ලොකු කල තාත්තලා කී දෙනෙක් දරුවන්ගේ සරණක් නැතිව මහපාරේ සිගමන් යදිමින්ද, අම්බලම්වලද, වැඩිහිටි නිවාස වලද, පන්සල් වලද, සරණ පතාගෙනසිටිනවාද? දරුවන්ව සුඛිත මුදිත තැනට ගෙන ගෙන ඒමට නොවිදිනා දුක් විද තාත්තලා අද ඒ දරුවන්ගේ වෛරක්කාරයෙක් බවට පත්ව ඇත.

එය සිදු වී ඇත්තේ දරුවන්ගේ උදවු උපකාර තමා සතු කර ගැනීමේ අදහසින් තාත්තා ගැන ගුණ වෙනුවට අගුන කියා දෙන අම්මාලා නිසාය. අම්මාට දරුවන් දොස් කියනා විට එ දරුවන්ට ඇත්ත පහදා දී අමිමා කෙනෙකුගේ අගය කියාදෙන තාත්තලා නැද්ද? නමුත් දරුවන් තාත්තාට දොස් කියන විට දරුවන්ට එකතු වී තාත්තාව  කුණුකානුවටම තල්ලූ කරන අම්මලා සිටින බව කිව යුතුය. තාත්තා කෙනෙකුගේ අගය අම්මා කෙනෙකුගේ අගය දන්නේ ඔවුන් දෙදෙනාමය. දරුවන්ට ඒ අගය නිවැරදි ලෙස කියා දිය හැක්කේ අම්මාට සහ තාත්තාටය. දරුවා පිළිගන්නේ එවිටය.

පිට කෙනෙකුගෙන් එය දැන්ගැනීමට වඩා තමන් මෙලොවට බිහිකල දෙමයිපියන්ගෙන් නිවැරදිව පිරිසිදුව සත්‍ය දැනගන්නා විට දරුවාටද එය වටහාගැනීමට පහසුවක් වනු ඇත. අම්මා හෝ තාත්තා පවසන්නේ මුසාවක් නොවන බවත් දෙදෙනාම දෙදෙනාව අගය කරන විටත් දරුවා සමාජයට එන්නේ දෙමාපියන්ගේ වටිනාකම ගෙදරින්ම දැනගෙනය එවිට දරුවන්ගෙන් සිදුවන අමානුෂිකකම් සමාජයෙන් දුරුවී යන්නේ දෙමාපියන්ගේම මග පෙන්වීම නිසාය. පවුල් සංවිධානය ගොඩනැගෙන්නේ දෙදෙනෙකුගේ එකතුවෙනි. එසේ නම් බුදු වීමට සුදුසු අම්මලා විතරද ?

ධම්ම ගවේෂි හිමියන් ධර්ම ධුත චාරිකාවක යෙදීමෙන් පසුව ජපානයේ ටෝකියෝ නුවරට වැඩම කිරීමට නියමිතය.තුන් මාසයක් පඹණ රැදී සිටින ඒ හිමියන් බෝධි පුජා හා භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ද නියමිතය.

කුලියාපිටියේ ධම්ම ගවේෂී හිමි
0712385967